The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික්: සෙන් ගංගාවේ පැය හතරක සමාරම්භක උළෙලක්

T

The Leader Desk

April 21, 2024 • 6:43 PM

පැරිස් ඔලිම්පික්: සෙන් ගංගාවේ පැය හතරක සමාරම්භක උළෙලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිරු බැස යන දසුනත් සමග නැග එන සඳ එළියෙන් දිලිසෙන සෙන් ගංගාවේ පැවැත්වෙන ප්‍රභාමත් පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ සම්පූර්ණ
  • නියෝජිතයින් 205 දෙනෙක් සෙන් නදියේ පෙරට්ටුවේ යනු ඇත්තේ බෝට්ටු 80කින්.
  • නැගෙනහිර සිට බස්නාහිරටත්, පාලමෙන් පාලමටත්, Pont d’Austerlitz සිට Pont d’lena දක්වා කිලෝමීටර් හයක දුරක් (සැතපුම් 3.7) උත්සවය පාවී යාමටයි නියමිත.
  • දේශීය වේලාවෙන් පස්වරු 3.45 ට ආරම්භ වන උත්සවයේ වැඩකටයුතු පස්වරු 11.15 ට අවසන් වන්නේ කලාත්මක රංගනයන් මලල ක්‍රීඩක පෙළපාළියට කළින් පැවැත්වෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):
කාලය පැය හතරකට ආසන්න වනු ඇතැයි පැවසෙනවා.

නියෝජිතයින් 205 දෙනෙක් සෙන් නදියේ පෙරට්ටුවේ යනු ඇත්තේ බෝට්ටු 80කින්. නැගෙනහිර සිට බස්නාහිරටත්, පාලමෙන් පාලමටත්, Pont d’Austerlitz සිට Pont d’lena දක්වා කිලෝමීටර් හයක දුරක් (සැතපුම් 3.7) උත්සවය පාවී යාමටයි නියමිත.

දේශීය වේලාවෙන් පස්වරු 3.45 ට ආරම්භ වන උත්සවයේ වැඩකටයුතු පස්වරු 11.15 ට අවසන් වන්නේ කලාත්මක රංගනයන් මලල ක්‍රීඩක පෙළපාළියට කළින් පැවැත්වෙමින්.
 

 
ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළපාළියේ යන්නේ සෙන් නදියේ ඉහළ සහ පහළ ඉවුරු දිගේ ආරක්ෂක මුර වළල්ලෙන් පිටුපසට වී සිටින 320,000ක් පමණ පිරිසක් පසුකරමින්. අනෙක් ක්‍රීඩා ලෝලීන් මේ විචිත්‍රවත් උළෙල නරඹනු ඇත්තේ දැවැන්ත දර්ශන තිරවලින්.

එක සන්ධ්‍යාවක් වෙනුවෙන් සෙන් ගංගාව යෝධ විවෘත උත්සවයකට පරිවර්තනය වනු ඇතැයි පැරිස් ඔලිම්පික් උත්සවයන්හි අධ්‍යක්ෂ Marie-Catherine Ettori ප්‍රකාශ කරනවා.

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනා ඔවුන්ගේ බෝට්ටුවලින් පිටට බැසීමෙන් පසු, සමාරම්භක උත්සවයේ අවසාන කොටස පැවැත්වෙනු ඇත්තේ උඩින් සිට බලන විට අයිෆල් කුළුන දර්ශනය වන Trocadero Plaza හි දී.

මෙවැනි අද්විතීය දෙයක් දැක ගැනීමේ අපේක්ෂාව මධ්‍යයේ, ජූලි 26 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ආරක්ෂාව වටා චංචල බවක් ඇතිව තිබෙනවා.

රුසියානු රංග ශාලාවකට මාරක ප්‍රහාරයක් එල්ල වීම හා ඉස්ලාමීය ප්‍රාන්ත ත්‍රස්තවාදීන් එහි වගකීම බාර ගැනීමෙන් පසුව ප්‍රංශය ඔවුන්ගේ ආරක්ෂක සූදානම ඉහළ ම තලයට පසුගිය මාසයේදී ගෙන ආවා.


ආරක්ෂාවේ අනතුර ඉහළ මට්ටමකට පිවිසියහොත්, සෙන් ගං ඉවුරට ලෝක නායකයින් 100ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිත පෙර නොවූ විරූ එළිමහන් සමාරම්භක උත්සවය අකමැත්තෙන් වුවද වඩාත් සම්ප්‍රදායානුකූල උත්සවයක් සඳහා රටේ ජාතික ක්‍රීඩාංගණය වන Stade de France වෙත ගෙන යාමට සිදුවන බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ඉතා මෑතකදී ප්‍රකාශ කළා.


ජනාධිපතිවරයා කී දෙය ප්‍රශ්න නොකරමින්, ප්‍රංශයේ ක්‍රීඩා ඇමති Amelie Oudea-Castera සහ අනෙකුත් අය සිටින්නේ උත්සවය සෙන් ගංගාවේ ම පැවැත්වීමට හැකි වනු ඇති බවට සර්වභුභවාදීව.
 
france oly

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...