The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි

T

The Leader Desk

April 23, 2024 • 4:21 PM

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායක චමරි අතපත්තු නැවතත් එක්දින කාන්තා පිතිකරු ශ්‍රේණිගතකිරීමේ පෙරමුණට පැමිණ තිබේ.
  • දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් චමරි අතපත්තු මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණ ඇත.
  • ඇය එම තරගාවලියේ තුන් වැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 195ක් රැස් කළේ, කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්.
  • චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (22) කළ යාවත්කාලීන කිරීමට අනුව චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 773 ක් හිමිකරගෙන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියාය.

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් චමරි අතපත්තු මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණ ඇත.

ඇය එම තරගාවලියේ තුන් වැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 195ක් රැස් කළේ, කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්.

චමරි පසුගිය වසරේ ජූලි මාසයේදීද අන්තර්ජාතික එක්දින කාන්තා පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ රැඳී සිටියා ය.

චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය.

එංගලන්ත පිතිකාරී නතාලි සීවර් ප්‍රසාද ලකුණු 764 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරා වොල්වාර්ඩ්ට් ප්‍රසාද ලකුණු 718 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.  

සබැඳි පුවත් :

චමරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...