The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ලන්ඩන් මැරතන්: ඩවුන් සින්ඩ්‍රෝම ධාවකයෙකුගෙන් ගිනස් ලෝක වාර්තාවක්

T

The Leader Desk

April 24, 2024 • 8:30 AM

ලන්ඩන් මැරතන්: ඩවුන් සින්ඩ්‍රෝම ධාවකයෙකුගෙන් ගිනස් ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැරතන් තරගයක් අවසන් කළ ළාබාලතම ඩවුන් සින්ඩ්‍රෝම (Down’s Syndrome) රෝගියා බවට එංගලන්තයේ නව යොවුන් වියේ ධාවකයෙක් පත්ව සිටිනවා.
  • වේල්සයේ කාඩිෆ් නුවර පදිංචි පවුලක මේ දරුවා ලන්ඩන් මැරතන් තරගය සම්පූර්ණ කළේ ඔහුගේ මඟ පෙන්වන්නා ලෙස කටයුතු කරමින් සිටි ඔහුගේ මවත් සමග.
  •   “ලෝයිඩ්ගේ වචනවලින්, මෙය ඔහුගේ සිහිනය සැබෑ වීමක්” යැයි ඔහුගේ මව වන 54 හැවිරිදි කෙරී හූපර් (Ceri Hooper) පවසනවා.
  • “ඔබ ඔබේ මනස යම් දෙයක් වෙනුවෙන් ඇත්තටම යොමු කළොත්, ඔ්නෑම දෙයක් කරන්න පුළුවනි” යනුවෙන් ඇය කීවා.
අකුරු ප්‍රමාණය (Font Size):

19 හැවිරිදි ලෝයිඩ් මාටින් (LIoyd Martin) ලන්ඩන් මැරතන් තරගයේදී මෙසේ ඉතිහාසගත වූයේ මේ රෝගයේ ඉගෙනීමේ ආබාධයෙන් පෙළෙන්නන්ගේ අංශයෙන්.

වේල්සයේ කාඩිෆ් නුවර පදිංචි පවුලක මේ දරුවා ලන්ඩන් මැරතන් තරගය සම්පූර්ණ කළේ ඔහුගේ මඟ පෙන්වන්නා ලෙස කටයුතු කරමින් සිටි ඔහුගේ මවත් සමග.

ලෝයිඩ් වෙනුවෙන් මේ අභියෝගය නිර්මාණය කළ ගිනස් ලෝක වාර්තා ආයතනය තරගය අවසානයේදී ඔහුට එහි සහතිකය පිරිනැමුවා.

 



“ලෝයිඩ්ගේ වචනවලින්, මෙය ඔහුගේ සිහිනය සැබෑ වීමක්” යැයි ඔහුගේ මව වන 54 හැවිරිදි කෙරී හූපර් (Ceri Hooper) පවසනවා.

“ඔබ ඔබේ මනස යම් දෙයක් වෙනුවෙන් ඇත්තටම යොමු කළොත්, ඔ්නෑම දෙයක් කරන්න පුළුවනි” යනුවෙන් ඇය කීවා. “ටිකක් මහන්සි වුනොත් ඔබට ඒ ඉලක්කයට යා හැකියි.”

marathan family photo

 

බුද්ධිය දුබලතාව අංශයෙන් මැරතන් තරගයක් සම්පූර්ණයෙන්ම ධාවනය කළ ළාබලතම පුද්ගලයා වන්නේ ලෝයිඩ්.


“එය ඇත්ටම විස්මිතයි” මව කියා සිටියා. “ඔහු අඛණ්ඩව සැතපුම් 14ක් (කිලෝමීටර් 22.5) දිවුවා. එය ඔහු මෙතෙක් දුවලා තියෙන වැඩිම දුර යි. ඊට පස්සෙ එයා ටික දුරක් ඇවිද්දා. නමුත් ඔහු විශිෂ්ට ධාවනයක යෙදුනා.”

“තරගය නැරඹූ සෙනඟ එයාව උද්යෝගිමත් කරමින් අත්පුඩි ගසා එයාට ‘චියර්’ කළා. ඒක අමාරු කාර්යයක් වුනත් අපි ඒක සාර්ථකව ඉටු කළා.”

 

run
ඩවුන් සින්ඩ්‍රෝම රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට ලෝයිඩ්ගේ මේ ජයග්‍රාහී ක්‍රියාව වැදගත් වන බව ද කෙරී පෙන්වා දුන්නා.

“තරගයේ අවසන් රේඛාව පසුකළායින් පස්සෙ අපි ගොඩක් කතා කළේ නැහැ” මව සඳහන් කළා. “අපි දෙන්නම අඬන්න පටන් ගත්තා.”

ලෝයිඩ් ට හොඳන් ම ගැලපෙන පුහුණුකරුවෙකි කෙරී හූපර්. මක්නිසාද යත්, ඇය නව යොවුන් වියේ සිට ම වේල්සය නියෝජනය කරමින් රට හරහා දිවීම සහ ධාවන පථ තරගවලට සහභාගි වී තිබෙන නිසා.


 133110492 runner
ඇය ලන්ඩන් මැරතන් තරගය සිවු වතාවක් ධාවනය කර ඇති අතර බොස්ටන් හා චිකාගෝ තරග ද අවසන් කර තිබෙනවා.

ලෝයිඩ්ව මාස පහකින් මැරතන් තරගයකට සූදානම් කිරීම අභියෝගයක් වුනා.

ඔහු උද්‍යානවල දිවීම් 30ක් කර තිබුනත්, නත්තල එළඹෙන තුරුම ඔහුගේ සතිපතා කිලෝ මීටර් 5 (සැතපුම් 3) දිවීම ඔහු එතෙක් සම්පූර්ණ කර තිබූ වැඩිම දුර ප්‍රමාණය බවට පත්ව තිබුනා.

පැය ගණනාවක් එක දිගට දිවීමට සිදුවන දුෂ්කර ක්‍රියාවට ලෝයිඩ්ව සූදානම් කිරීම පිණිස සතිපතා දිගු දිවීමක් ඇතුළු නිශ්චිත පුහුණු සැලැස්මක් නිර්මාණය කිරීමට කෙරී ට සිදුවුනා. Special Olympics Great Britain සංවිධානය ලෝයිඩ් ට ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වීමේ අවස්ථාවක් ලබා ගැනීමට උපකාර කළා. ඔහු එම සංවිධානයේ ජිම්නාස්ටික් හා පාපන්දු ක්‍රීඩකයෙකු ද වනවා.

run 1

 

ලන්ඩන් මැරතන් තරගය ධාවනය කළ තෙවැනි වේල්ස් විශේෂ ඔලිම්පික් මලල ක්‍රීඩකයා වන්නේ ද ලෝයිඩ් මාටින්.

 




සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...