The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

නෙත්මිකා‌ ලංකාවට රිදී පදක්කමක් රැගෙන එයි - තරුෂි අභිෂේකා අවසන් තරගයට

T

The Leader Desk

April 25, 2024 • 5:01 AM

නෙත්මිකා‌ ලංකාවට රිදී පදක්කමක් රැගෙන එයි - තරුෂි අභිෂේකා අවසන් තරගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙත්මිකා මදුශානී හේරත්
  • එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.
  • පිරිමි මීටර් 100 මූලික තරගයට සහභාගි වූ මෙරෝන් විජේසිංහට හිමිවූයේ සිව් වැනි ස්ථානයයි.
  • තත්පර 10.81 ක් වූ එම දක්ෂතාවය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන ඇත.


එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

WhatsApp Image 2024 04 24 at 14.44.41 adc869eeආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී මේවනවිට ක්‍රියාත්මක 21 වැනි ආසියානු කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (24) තරුෂි අභිෂේකා කාන්තා මීටර් 800 ජවන ඉසව්වේ තීරණාත්මක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.

මිනිත්තු 2.10.46 ක තරග කාලයක් සටහන් කරමින් තමා සහභාගි වූ මීටර් 800 මූලික ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත් තරුෂි අභිෂේකා අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින සෙසු ක්‍රීඩිකාවන් අතරේ ද තෙවන ස්ථානය තහවුරු කර ගනිමිනි. 

මූලික වටයේ දී වාර්තා කළ කාලයට වඩා ඇයගේ පෞද්ගලික හොඳම කාලය ඉහළින් තිබෙන බැවින් මෙවර අවසාන තරගයේදී පදක්කමක් කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කර ගත හැකිය.

පළමු මූලික වටයට තරග වැදුණු තරුෂි අභිෂේකා එහිදී තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අවසන් තරගය සඳහා තම ස්ථානය තහවුරු කර ගැනීම කැපී පෙණුනි.

පිරිමි මීටර් 100 මූලික තරගයට සහභාගි වූ මෙරෝන් විජේසිංහට හිමිවූයේ සිව් වැනි ස්ථානයයි. තත්පර 10.81 ක් වූ එම දක්ෂතාවය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් විය.

අද (25) දෙවන දින තරග ඉසව් ක්‍රියාත්මක වේ. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...