The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන ජයත් වාර්තා කර පෙරමුණට

T

The Leader Desk

April 28, 2024 • 4:53 PM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන ජයත් වාර්තා කර පෙරමුණට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අබුඩාබි නුවරදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ස්කොට්ලන්තය කඩුලු 10 ක් පරාජය කළ
  • සෙනසුරාදා (27 වැනිදා) රාත්‍රියේ අබුඩාබිහිදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් පැවැත්වූ විශ්මි ගුණරත්න (නොදැවී 24) සහ නායිකා චමරි අතපත්තු (නොදැවී 59) ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ.
  • පන්දු 26 කින් ලකුණු 24 ක් ලබාගත් විශ්මි ගුණරත්න තම කඩුල්ල ආරක්‍ෂාකරගෙන සිටිද්දී ආක්‍රමණයට පිවිසි චමරි අතපත්තු පන්දු 35 කින් ලකුණු 59 ක් ලබාගත්තාය.
  • ඇයගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැනගත්හ.

සෙනසුරාදා (27 වැනිදා) රාත්‍රියේ අබුඩාබිහිදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් පැවැත්වූ විශ්මි ගුණරත්න (නොදැවී 24) සහ නායිකා චමරි අතපත්තු (නොදැවී 59) ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ.

පන්දු 26 කින් ලකුණු 24 ක් ලබාගත් විශ්මි ගුණරත්න තම කඩුල්ල ආරක්‍ෂාකරගෙන සිටිද්දී ආක්‍රමණයට පිවිසි චමරි අතපත්තු පන්දු 35 කින් ලකුණු 59 ක් ලබාගත්තාය. ඇයගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තු කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය.

SL women
ඉනෝෂි ප්‍රියදර්ශනී (11/3) සහ සුගන්ධිකා කුමාරි (27/2) හමුවේ ස්කොට්ලන්ත පිතිකාරිණියන් එකා පසුපස එකා දැවී ගියහ. 10 වැනි ඕවරය නිමාවේදී ස්කොට්ලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට 52 ක් ලෙසිනි. ඒ වන විට ඉනෝෂි ප්‍රියදර්ශනී, ඕවර 3 කදී ලකුණු 06 කට කඩුලු 3 ක් දවාගෙන සිටියාය.

අවසන් ඕවර හතර ආරම්භ වීමට පෙර ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට 79 ක් දක්වා ඉහළ ගොස් තිබුණ නමුත් කවීෂා දිල්හාරි සහ සුගන්ධිකා කුමාරි එක්ව පන්දු 9 ක් ඇතුළතදී ස්කොට්ලන්ත ඉනිම නිමා කළහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තිබුණේ ලකුණු 95 ක පහසු ඉලක්කයකි.

idoeiei

ඕවර 3.1 (පන්දු 19) ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත් පිට දඟ පන්දු යවන්නී, කවීෂා දිල්හාරි, තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය.

මෙම තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  සමත් විය.

ඒ අනුව, සුදුසුකම් තේරීමේ තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී.

ස්කොට්ලන්ත කාන්තාවෝ - ඕවර 18.1 කදී 94 යි
(කැත්රින් බ්‍රයිස් 22, ඇලිසා ලිස්ටර් 13, ලෝනා ජැක් 24, ඉනෝෂි ප්‍රියදර්ශනී 11/3, සුගන්ධිකා කුමාරි 27/2, කවීෂා දිල්හාරි 13/4)

ශ්‍රී ලංකා කාන්තාවෝ - කිසිවකු නොදැවී 95 යි
(විශ්මි ගුණරත්න නොදැවී 24, චමරි අතපත්තු නොදැවී 59)

(kelimandala.lk)

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...