The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ජනප්‍රිය ප්‍රංශ ගායිකාව ප්‍රංශයේ සංස්කෘතික ගැටුමක ඉලක්කය වෙයි

T

The Leader Desk

May 1, 2024 • 10:03 AM

ජනප්‍රිය ප්‍රංශ ගායිකාව ප්‍රංශයේ සංස්කෘතික ගැටුමක ඉලක්කය වෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශ යටත් විජිතයක්ව පැවති මාලි දේශයේ උපත ලැබ ප්‍රංශයේ හැදී වැඩුනු අයියා නකමුවා (Aya Nakamura) ලෝකයේ ජනප්‍රියතම ප්‍රංශ ගායිකාව ලෙස සැලකෙනවා.
  •   මාලි ජාතිකයකු මෙන්ම ප්‍රංශ පුරවැසියෙකු ද වන 28 හැවිරිදි මේ ඉතාමත් ජනප්‍රිය පොප් ගායිකාව හැදී වැඩී තිබෙන්නේ ප්‍රංශයේ උපනගරවල.
  • කෙසේ වෙතත්, 2024 පැරිස් ඔලිම්පික් උළෙල ආසන්න වෙමින් තිබියදී නකමුවා ප්‍රංශයේ සංස්කෘතික ගැටුමකට මැදිවී සිටිනවා.
  •   ඔලිම්පික් සමාරම්භක උළෙලේදී ඇය ගී ගයනු ඇතැයි යන ආරංචිය බොහෝ දුරට පැතිර ගොස් තිබියදීත්, ප්‍රංශයේ සමහර දක්ෂිණාංශික අන්තවාදීන් ඇය ප්‍රංශයේ උරුමය, වටිනාකම් හා අනන්‍යතාව නිරූපණය කරන්නේදැයි ප්‍රශ්න කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රංශ යටත් විජිතයක්ව පැවති මාලි දේශයේ උපත ලැබ ප්‍රංශයේ හැදී වැඩුනු අයියා නකමුවා (Aya Nakamura) ලෝකයේ ජනප්‍රියතම ප්‍රංශ ගායිකාව ලෙස සැලකෙනවා.

 

මාලි ජාතිකයකු මෙන්ම ප්‍රංශ පුරවැසියෙකු ද වන 28 හැවිරිදි මේ ඉතාමත් ජනප්‍රිය පොප් ගායිකාව හැදී වැඩී තිබෙන්නේ ප්‍රංශයේ උපනගරවල. කෙසේ වෙතත්, 2024 පැරිස් ඔලිම්පික් උළෙල ආසන්න වෙමින් තිබියදී නකමුවා ප්‍රංශයේ සංස්කෘතික ගැටුමකට මැදිවී සිටිනවා.

92f149a37a1fac64447ebc44e472dc4e99da0e40ප්‍රංශයේ සමහර දක්ෂිණාංශික අන්තවාදීන් ඇය ප්‍රංශයේ උරුමය, වටිනාකම් හා අනන්‍යතාව නිරූපණය කරන්නේදැයි ප්‍රශ්න කරනවා.

 

ඔලිම්පික් සමාරම්භක උළෙලේදී ඇය ගී ගයනු ඇතැයි යන ආරංචිය බොහෝ දුරට පැතිර ගොස් තිබියදීත්, ප්‍රංශයේ සමහර දක්ෂිණාංශික අන්තවාදීන් ඇය ප්‍රංශයේ උරුමය, වටිනාකම් හා අනන්‍යතාව නිරූපණය කරන්නේදැයි ප්‍රශ්න කරනවා.

“ජාතිවාදී වේශයෙන් කෙනෙකුට අපහාස කරන්නේ පරෙස්සමින්” යනුවෙන් ප්‍රකාශ කරමින් නකමුවා වෙනුවෙන් පෙනී සිටින ප්‍රංශයේ සංස්කෘතික ඇමති Rachida Datiගේ සහයෝගය මේ ගායිකාවට ලැබී තිබෙනවා.

 

ඔලිම්පික් උළෙලට රුසියානු - බෙලරුසියානු ක්‍රීඩකයන් වැද්ද නොගන්නැයි ඉල්ලීමක්අපි අපේ සම්පූර්ණ සහයෝගය ලෝකයේ වැඩියෙන් ම අසනු ලබන මේ ප්‍රංශ ගායිකාවට ලබා දෙනවා.

පැරිස් ඔලිම්පික් 2024 සංවිධායක කමිටුව මේ සම්බන්ධව මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. “පසුගිය දිනවල අයියා නකමුවා ට එරෙහිව කෙරෙන ජාතිවාදී ප්‍රහාර පිළිබඳව අපි විශ්මයටත් කම්පාවටත් පත්ව සිටිනවා. අපි අපේ සම්පූර්ණ සහයෝගය ලෝකයේ වැඩියෙන් ම අසනු ලබන මේ ප්‍රංශ ගායිකාවට ලබා දෙනවා.”

අයියා නකමුවා ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී ගායනා කරනු ඇත්ද යන්න තවමත් ස්ථිර වී නැහැ. 

 



දක්ෂිණාංශික අන්තවාදී ජාතික පක්ෂයක් වන Rassemblement  National නායිකා Marine Le Penගේ ලේලිය මෙන්ම Reconquete පක්ෂයේ සාමාජිකාවක් ද වන දක්ෂිණාංශික අන්තවාදී දේශපාලනඥ Marion Marechal ප්‍රකාශ කර තිබෙන්නේ නකමුවා ප්‍රංශ භාෂාවෙන් සිංදු නොකියන බව. Marechal මෙසේ කියා තිබෙන්නේ නකමුවාගේ ගී පදමාලාවල බොහෝ විට දක්නට ලැබෙන පැරිසියානු සහ අප්‍රිකානු භාෂා ව්‍යවහාරයෙන් පැවත එන මිශ්‍රණය සම්බන්ධයෙන්.

“ඇයව විවේචනය කරන පුද්ගලයන් ඇත්තටම ඇය ප්‍රංශය මූර්තිමත් කරන බව පිළිගන්නේ නැහැ කියලයි මම හිතන්නේ” යනුවෙන් ප්‍රංශ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන Rokhaya Diallo පවසනවා. 

 

AP23203750983876නකමුවා Verlan හා African බස් වහරේ මිශ්‍රණයක් ඇගේ ගායනයට යොදා ගන්නවා

නකමුවා ඇයගේ උපන් රට වන මාලි හි Bambara වැනි භාෂාවලින් පැවත එන Verlan හා African බස් වහරේ මිශ්‍රණයක් ඇගේ ගායනයට යොදා ගන්නවා.

මේ මස මුලදී ඔලිම්පික් ජලක්‍රීඩා මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපති Emanuel Macron ප්‍රකාශ කර සිටියේ අයියා නකමුවා “අපේ ස්වදේශිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ආමන්ත්‍රණය කරනවා” යනුවෙන්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් හා එහි උත්සවයන්ගෙන් ප්‍රංශ රටවැසි ජනතාව පිළිබිඹු විය යුතු බවත් ඇය ප්‍රංශ සංස්කෘතියට හා ප්‍රංශ සංගීතයට දායක වී සිටින බවත් ජනාධිපතිවරයා පැවසුවා. 

 


“මේ තෝරා ගැනීම් සහ කලාත්මක නිදහසක් තිබිය යුතුය යන සාධකය වෙනුවෙන් මෙහිදී මා පෙනී සිටිනවා. දේශපාලනය ඊට බාධා නොකළ යුතුයි” ඔහු සඳහන් කළා.

Macronගේ දේශපාලන ප්‍රතිවාදියා වන, දක්ෂිණාංශික අන්තවාදී මත දරණ Le Pen පවසන්නේ ජනාධිපතිවරයා ප්‍රංශ ජනතාව ප්‍රකෝප කර ඔවුන්ට නින්දා කිරීමට උත්සාහ ගන්නා බව යි. 

 

ප්‍රංශ ජනාධිපතිවරනයේ ප්‍රථම වටයෙන් මැක්රොන් ඉදිරියෙන්Le Pen පවසන්නේ ජනාධිපතිවරයා ප්‍රංශ ජනතාව ප්‍රකෝප කර ඔවුන්ට නින්දා කිරීමට උත්සාහ ගන්නා බව යි. 
“නකමුවා ප්‍රංශ භාෂාවෙන් හෝ වෙනත් විදෙස් භාෂාවකින් හෝ සිංදු කියන්නේ නැහැ. ඇය ගයන්නේ තනිකර අපබ්‍රංස” යනුවෙන් Le Pen පවසනවා.

සුළු ජාතීන් හා ඔවුන්ගේ ප්‍රංශ සංස්කෘතියේ කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම සාධාරණ බවට විශ්වාස කරන අය සිටියදී වඩාත් සාම්ප්‍රදායික මත දරණ අනෙක් පුද්ගලයන් ප්‍රංශයේ යටත් විජිත අතීතය සම්බන්ධයෙන් බලන විට ජාතිවාදීන් බව ප්‍රංශයේ Nice විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Vincent Martigny ප්‍රකාශ කරනවා.

විශේෂයෙන් ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම 1998 ලෝක කුසලානය දිනා ගැනීම වැනි ප්‍රංශයේ එකමුතුව ප්‍රත්‍යක්ෂ කෙරුනු අවස්ථාවන් ප්‍රංශ අතීතයේ තිබෙනවා.

 

France98trophy crop exactබොහෝ අය සිතුවේ 1998 කණ්ඩායම ඇත්ත වශයෙන් ම එකට එකතු කෙරුණු, බහු සංස්කෘතික ප්‍රංශයක සංකේතයක් ලෙසින්
ප්‍රංශයේ 1998 ලෝක කුසලාන ජයග්‍රාහී පාපන්දු කණ්ඩායම සමන්විතව තිබුනේ විවිධාකාර ක්‍රීඩකයන්ගෙන්. එහි යුරෝපයෙන් පැවත එන ක්‍රීඩකයන් පමණක් නොව ප්‍රංශයේ කළින් යටත්විදේශයන්ගේ සහ අනෙකුත් රටවල ක්‍රීඩකයන් ද සිටියා. බොහෝ අය සිතුවේ 1998 කණ්ඩායම ඇත්ත වශයෙන් ම එකට එකතු කෙරුණු, බහු සංස්කෘතික ප්‍රංශයක සංකේතයක් ලෙසින්

නමුත් මෑත වසරවලදී සමාජ හා සංස්කෘතික බෙදීම් සැලකිය යුතු අන්දමින් ප්‍රංශයේ මතුවී තිබෙනවා.

ඉස්ලාමීය ඇඳුමට එරෙහිව විවිධ තහංචි හා බාධක ඇතිවී තිබෙනවා. අරාබි පාසල් දරුවන් උඩින් අඳින අත් රහිත දිග ලෝගුව (abaya) රටපුරා තහනම් කිරීම ඉස්ලාම් එරෙහි මෙහෙයුමක් ලෙසින් වමේ එක් දේශපාලනඥයෙකු විසින් හෙළා දැක තිබෙනවා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රංශය නියෝජනය කරන මලල ක්‍රීඩිකාවන්ට වේලයකින් හිස වසා ගන්නා මුස්ලිම් කාන්තාවන්ගේ ‘හිජැබ්’ චාරිත්‍රය ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.

මේ අතර, පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා සහ කැරලි ගණනාවක් පැවති අතර එහිදී පැරිස් උපනගරවල වෙසෙන උතුරු හා බටහිර අප්‍රිකානු උරුමයක් තිබෙන වැසියන් කිහිප දෙනෙක් මිය ගොස් ඇත්තේ කොන් කරන ලද ප්‍රජාවන්ට පොලිසිය සලකන ආකාරය සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාවන් හට ගනිමින්.

 

093bf9e 2024 04 15t095915z 1035053981 rc2hau9obixc rtrmadp 3 olympics2024 nakamura macronප්‍රංශය යටත් විජිත පිහිටුවූ දේශයන්ගෙන් සංක්‍රමණය වූවන්ගෙන් හෝ එම සංක්‍රමණිකයන්ගෙන් පැවත එන හෝ නකමුවා වැනි ප්‍රංශ පුරවැසියන් මිලියන ගණනක් සිටිනවා.
අයියා නකමුවාගේ උපන් රට වන Mali සමූහාණ්ඩුව ප්‍රංශයේ කළින් යටත්විදේශ බොහොමයකගෙන් එකක්. ප්‍රංශය යටත් විජිත පිහිටුවූ දේශයන්ගෙන් සංක්‍රමණය වූවන්ගෙන් හෝ එම සංක්‍රමණිකයන්ගෙන් පැවත එන හෝ නකමුවා වැනි ප්‍රංශ පුරවැසියන් මිලියන ගණනක් සිටිනවා.

සිය යටත් විජිත ඉතිහාසය දිගටම සැලකිල්ලට ගනිමින් සිටින ප්‍රංශය මේ දිනවල ලොකු මහජන විවාදයක පැටලී සිටින්නේ ඔවුන්ගේ සංක්‍රමණිකයන්ට පිළිගැනුමක් ලබා දීම සම්බන්ධයෙන්. සුදු වර්ණය නැති පුද්ගලයින් සම්පූර්ණ ප්‍රංශ ජාතිකයන් ලෙස පිලිගැනීමට ප්‍රංශය දඟලමින් සිටින බවක් දිස්වනවා.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින 100කට වඩා අඩු කාලයක් තිබෙන මේ මොහොතේ, ප්‍රංශයේ ඒකත්වය පෙන්වීමට මේ ඔලිම්පික් උළෙලෙන් අවස්ථාව ලැබෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, අයියා නකමුවා අරබයා හටගෙන තිබෙන උණුසුම් ප්‍රතිචාරවලින් අඟවන්නේ වඩාත් සර්ව අශුභවාදී ප්‍රවණතාවක්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...