The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ලෝකෙන්ම උස තර්ජනීට බෑ නොකියා එන්න කියයි

T

The Leader Desk

May 2, 2024 • 8:46 AM

ලෝකෙන්ම උස තර්ජනීට බෑ නොකියා එන්න කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි අරාබියේදී සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේදී යළිත්
  • වසර 2019 කේප්ටවුන් ලෝක කුසලාන දැල්පන්දු තරග සංචාරයෙන් පසුව ශ්‍රී ල‍‍ංකා කණ්ඩායමෙන් ඉවත්ව ගිය ලෝකයේ උසම දැල්පන්දු  ක්‍රීඩිකාව ලෙස එතෙක් සැලකූ තර්ජනී මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි.
  •   කෙසේ වූවත් ඇය දැනට පුහුණුවීම් ආරම්භ කර ඇති ජාතික දැල්පන්දු සංචිතයෙන් පිටත අතිරේක ක්‍රීඩිකාවක් ලෙස නිර්දේශ කිරිමට දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.
  • ඇය හැරෙන්නට දැනට ආබාධිත තත්ත්වයන් ගෙන් පසුවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා ගයංජලී අමරවංශ හා තිසාලා අල්ගමද මෙලෙස ඉදිරි ආසියානු ශූරතා තරග සංචාරය ඉලක්ක කරමින් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස සූදානම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන ලෙස හිටපු ක්‍රීඩිකා 46 හැවිරිදි තර්ජනී සිවලිංගම්ට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ආරාධනා කර තිබේ.

වසර 2019 කේප්ටවුන් ලෝක කුසලාන දැල්පන්දු තරග සංචාරයෙන් පසුව ශ්‍රී ල‍‍ංකා කණ්ඩායමෙන් ඉවත්ව ගිය ලෝකයේ උසම දැල්පන්දු  ක්‍රීඩිකාව ලෙස එතෙක් සැලකූ තර්ජනී මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි.

මීටර් 2.06 ක් හෙවත් අඩි 6 අගල් 9 ක් උසැති තර්ජනී මෙතෙක් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය නැවත කළ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නැතැයිද වාර්තාවේ. 

 
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව ගිය ඇගෙන් මීට පෙරත් මෙම ඉල්ලීම කළ අතර එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කර සිටියාය.

 

කෙසේ වූවත් ඇය දැනට පුහුණුවීම් ආරම්භ කර ඇති ජාතික දැල්පන්දු සංචිතයෙන් පිටත අතිරේක ක්‍රීඩිකාවක් ලෙස නිර්දේශ කිරිමට දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඇය හැරෙන්නට දැනට ආබාධිත තත්ත්වයන් ගෙන් පසුවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා ගයංජලී අමරවංශ හා තිසාලා අල්ගමද මෙලෙස ඉදිරි ආසියානු ශූරතා තරග සංචාරය ඉලක්ක කරමින් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස සූදානම් කර තිබේ. 

 

ගයංජලී අමරවංශ


කෙසේ වුවත් සෞදි ආසියානු තරග සංචාරය සදහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරිමට තවත් කාලයක් ඉතිරිව  තිබේ.

තත්ත්වය මෙසේ වන අතර දැල්පන්දු ජාතික තේරීම් කමිටුවේ මතයවී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශ ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ජාතික පුහුණු සංචිතයේ අවසන් තේරීම් සදහා කැදවීම් ලබන සියලුම ක්‍රීඩිකාවන් සහභාගි විය යුතු බවයි.

වසර 2004 වවුනියාවේදී පැවැති ජාතික දැල්පන්දු තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ඇගේ අසාමාන්‍ය උස හේතුවෙන් දැඩි අවධානය දිනා ගත් තර්ජනී ෂිවලිංගම් එයින් පසුව ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතයට කෑදවා ගෙන ඒමට එවකට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ බලධාරිනියන් කටයුතු කළහ.

 

imge

 

එයින් පසුව වසර 2009 සිට ශ්‍රී ල‍‍ංකා දැල්පන්දු ජාතික කණ්ඩායමට එක්වූ ඇය වසර 2022 දී පැවැති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ශ්‍රී  ලංකා කණ්ඩායම දිනා ගැනීම දක්වා අඛන්ඩව එහි නිත්‍ය පන්දු විදින්නිය වූවාය.

මෙකී කාලය තුළදී ඇය ලෝක කුසලාන තරගාවලි හතරකදී හා ආසියානු කුසලාන තරගාවලි පහකදී ශ්‍රී ල‍‍ංකා කණ්ඩායමට ක්‍රීඩා කර ඇත.

ලොව හොඳම පන්දු  විදින්නිය ( 2011), හොඳම ආසියානු පන්දු විදින්නිය ( 2009 - 2012), වසරේ හොඳම පන්දු විදින්නිය සම්මානය (2017), එස්.එල්.ටී.වසරේ ජනප්‍රියම ක්‍රීඩිකාව (2019), මාලදිවයින රජය පිරිණමන වසරේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය (2022) ඇතුළුව ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගැනීමට ඇය සමත්ව තිබේ.

TELEMMGLPICT000203445772 trans NvBQzQNjv4BqYHaHRqZzVuMJAn8HN8r1s25xHFBv aIg4TgE5NfOlH8
තර්ජනී ශ්‍රී ල‍‍ංකා කණ්ඩායමෙන් ඉවත්වීම එයින් පසුව ශ්‍රී ල‍‍ංකා කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවක් පෙනේ. ඒ එයින් පසුව ශ්‍රී ල‍‍ංකා දැල්පන්දු  කණ්ඩායමේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයේදී පසුබෑම් පෙන්නුම් කරන බැවිණි. ඊට හේතුව පන්දු විදීමේ ක්‍රීඩිකාව ලෙස ඇය ශ්‍රී ල‍‍ංකා කණ්ඩායමට තීරණාත්මක දායකත්වයක් දැක්වූ  බැවිණි.

සෞදි අරාබියේදී මීළගට පැවැත්වෙන (2024) ආසියානු දැල්පන්දු තරගාවලිය ඇය නොමැතිව ජය ගැනිම ශ්‍රී  ලංකා කණ්ඩායමට මේ වන විට දැඩි  අභියෝගයක් වන ලකුණු පළ වෙමින් තිබේ.


(kelimandala.lk -නාමල් පතිරගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකෙන්ම උස තර්ජනීට බෑ නොකියා එන්න කියයි | The Leader