The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් උළෙල ආසන්න වෙද්දී පැරිසියට නිමක් නැති අභියෝග

T

The Leader Desk

May 2, 2024 • 11:44 AM

ඔලිම්පික් උළෙල ආසන්න වෙද්දී පැරිසියට නිමක් නැති අභියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹෙන තෙක් ලෝකය නොඉවසිල්ලෙන් බලා සිටියදී එය ආරම්භ වීමට පෙර ප්‍රංශ අගනුවරින් පිටව යාමට සූදානම් වන විශාල පිරිසක් ද සිටිනවා.
  •   පසුගිය මාස කිහිපය තුළ එහි සංවිධාන කටයුතු කඩා වැටී සෑම දෙයක්ම නරක අතට හැරී තිබෙන බව මේ ජනතාව කියනවා.
  • මේ අතර, පැරිසියේ වීදිවලින් සංක්‍රමිකයන් හා නිවෙස් නැති පුද්ගලයින් ඉවත් කරමින්, ඔවුන් අටවා ගෙන සිටින කූඩාරම් කඩා දමමින් බළධාරීන් සමාජ ශුද්ධ කිරීමක නිරතව සිටින්නේ දුප්පත්කම සැඟවීමට යබවට චෝදනා නැගෙනවා.
  •   එකතු නොකළ කැළි කසළවලින් දුර්ගන්ධය පිට කරන, මීයන්ගෙන් පිරුණු නගරයක් ඉතිරි කරමින් කුණු බක්කි ඉවත් කරන සේවකයන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන සමයේදී වැඩවර්ජනයක යෙදෙනු ඇතැයි යන බියක් ද පැතිරෙමින් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැරිසියේ පැවැත්වීම ඉතාමත් හොඳ අදහසක් බව කළින් සිතුවත් පසුගිය මාස කිහිපය තුළ එහි සංවිධාන කටයුතු කඩා වැටී සෑම දෙයක්ම නරක අතට හැරී තිබෙන බව මේ ජනතාව කියනවා.
 
building 3පසුගිය මාස කිහිපය තුළ එහි සංවිධාන කටයුතු කඩා වැටී සෑම දෙයක්ම නරක අතට හැරී තිබෙන බව මේ ජනතාව කියනවා.
 
ඔලිම්පික් උළෙල ආරම්භය ආසන්න වෙමින් තිබියදී එහි ආරක්ෂාව, සෙන් ගංගාවේ ජලාපවහන පද්ධතියට තවමත් නොකෙරුනු  පිළියම සහ ඉරිතලා යන ප්‍රවාහන ජාලය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් යොමුව තිබෙනවා. මේ අතර, පැරිසියේ වීදිවලින් සංක්‍රමිකයන් හා නිවෙස් නැති පුද්ගලයින් ඉවත් කරමින්, ඔවුන් අටවා ගෙන සිටින කූඩාරම් කඩා දමමින් බළධාරීන් සමාජ ශුද්ධ කිරීමක නිරතව සිටින්නේ දුප්පත්කම සැඟවීමට යබවට චෝදනා නැගෙනවා.
 
එකතු නොකළ කැළි කසළවලින් දුර්ගන්ධය පිට කරන, මීයන්ගෙන් පිරුණු නගරයක් ඉතිරි කරමින් කුණු බක්කි ඉවත් කරන සේවකයන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන සමයේදී වැඩවර්ජනයක යෙදෙනු ඇතැයි යන බියක් ද පැතිරෙමින් තිබෙනවා.

පසුගිය වසරේදී ප්‍රංශ අගනුවරට මහත් හිරිහැරයක් වූ ලේ උරා බොන ඇඳ මකුණන් නැවත පැමිණෙනු ඇතැයි යන බියක් ද බොහෝ දෙනා අතර මතුව තිබෙනවා.
 
සෙන් ගංගාවේ පිහිනන්න ප්‍රංශ ජනපති සූදානම්ප්‍රංශ ජනාධිපති එමැන්යුඅල් මැක්රොන්ගේ (Emmanuel Macron) සිහිනය මෙවැනි හේතු ගණනාවක් නිසා බරපතළ අනතුරකට ලක්ව තිබෙනවා.
එංගලන්තයේ අතිසාර්ථක 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වඩා දීප්තිමත්ව බැබලීමේ ප්‍රංශ ජනාධිපති එමැන්යුඅල් මැක්රොන්ගේ (Emmanuel Macron) සිහිනය මෙවැනි හේතු ගණනාවක් නිසා බරපතළ අනතුරකට ලක්ව තිබෙනවා.
 
අඩුවෙමින් තිබෙන තම ජනප්‍රියතාව ඔලිම්පික් දීප්තිය මගින් ඔසවා තැබීමේ දැඩි උවමනාවකින් මැක්රොන් පසුවනවා. පැරිසියේ පැවැත්වෙන්නේ 2012 ලන්ඩන්වලින් පසුව පළමු යුරෝපීය ඔලිම්පික් ක්‍රීඩා උළෙල බවට ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටිනවා.
 
පැරිස් අගනුවර ඔස්සේ යන පරිදි සෙන් ගංගාවේ පැවැත්වෙන නොමසුරු සමාරම්භක උත්සවය මත ප්‍රංශ නායකයා බොහෝ බලාපොරොත්තු තබා තිබෙනවා.
WhatsApp Image 2024 03 05 at 15.19.23ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් සහිත දිග බෝට්ටු 116ක්
 
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් සහිත දිග බෝට්ටු 116ක් හිරු බැස යද්දී, සැතපුම් හතරකට ආසන්න දුරක් ‘ආලෝකයේ නගරය’ ඔස්සේ සෙන් නදියේ දඟර ගැසී යන අයුරු දිස්වන දර්ශනයක් නිර්මාණය කිරීමයි පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ අරමුණ වී තිබෙන්නේ.

මේ උත්සවය පැවැත්වෙන පැය හයක කාලය තුළ සැතපුම් 93ක අර්ධවිෂ්කම්භයක ගුවන්යානා පියාසර කළ නොහැකි කලාපයක් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති අතර පැරිසියේ ගෘහනිර්මාණ ශිල්පය ප්‍රදර්ශනය කරමින් ගොස් අයිෆල් කුළුන ඉදිරිපිටින් අවසන් වන සෙන් ගංගාවේ සමාරම්භක උත්සව මාර්ගය දිගේ පොලිස් නිලධාරීන් 45,000ක් යෙදවීමටයි සැලසුම් කර තිබෙන්නේ.
 
තත්ත්වය මෙසේ තිබියදීත්, ජූලි 26 පැවැත්වෙන උත්සවය මහා විපත්තිදායක අනුවණ ක්‍රියාවක් බවට බොහෝ පැරිසියානුවන් බිය පළ කරනවා. ISIS ත්‍රස්තවාදීන් මේ සමාරම්භක උළෙල ඔවුන්ගේ මාරක ඉලක්කයක් කරගනු ඇතැයි ඔවුන් තුළ බියජනක සැකයක් මතුව තිබෙනවා.
 
ඔලිම්පික් උළෙල ආරක්ෂා කරන්න ප්‍රංශය විදෙස් රටවල සහාය පතයි
 
මේ උත්සවය වටා යකඩයක් මෙන් ශක්තිමත් අතිවිශාල ආරක්ෂක වළල්ලක් යොදවන බවට ඔලිම්පික් බළධාරීන් පොරොන්දු වී තිබුනත් එය ප්‍රමාණවත් නොවනු ඇතැයි සෙන් ගංගා ඉවුරේ පොත් සාප්පුවක් පවත්වා ගෙන යන Luc Sirop පවසනවා.
 
ගංගවේ අනෙක් පැත්තට දෑස් යොමු කරන ඔහු තුවක්කුවක් හැඩයට අත සකස් කරගෙන මෙසේ කියනවා: “ඔ්නෑම කෙනෙකුට මීට අවුරුදු දෙකකට කළින් ඒ පැත්තේ මහල් නිවසක් කුලියට ගෙන මොනවා හරි සැලසුම් කරමින් ඉන්න පුළුවනි.”
 
පැරිස් ඔලිම්පික්' පිහිනුම් තරග සෙන් නදියේ පවත්වන්න හැකිවේවිද ?“බෝට්ටු අපිව මෙතනින් පසුකර යාවි. ඒක හරිම භයානකයි”
පැරිස් නගරය මැද සෙන් ගංගාවේ පිහිටි දූපතක් වන Lie de La Cite අභිමුඛයෙහි වූ සංචාරක ආකර්ෂණ ස්ථානයේ වසර 25ක් තිස්සේ පොත් අලෙවි කරන 60 හැවිරිදි Luc, “බෝට්ටු අපිව මෙතනින් පසුකර යාවි. ඒක හරිම භයානකයි” යනුවෙන් කියනවා.

විස්මයට මෙන්, සංවිධායකයන්ට ඔලිම්පික් උළෙල වෙනුවෙන් තවත් ආරක්ෂක නිලධාරීන් 8,000ක අඩුවක් තිබෙන බවට වාර්තා වනවා. සෙන් නදියේ උත්සවයට අවශ්‍ය ආරක්ෂක භටයින් 1,400ක් ද මීට ඇතුළත්.
 
අහිංසක පුද්ගලයන් 145කට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් නුවර Crocus City Hall රංග ශාලාවට පසුගිය මාසයේ එල්ල වූ IS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ප්‍රංශය සිටින්නේ ඉතාමත් සුපරීක්ෂාකාරීව.
මරාගෙන මැරෙන IS ත්‍රස්තවාදීන් 2015 වසරේදී පුද්ගලයන් 130 දෙනෙකු මරුමුවට පත් කරමින් පැරිසියට පහර දුන් අවස්ථාවේදී ඔවුන්ගේ පළමු ඉලක්කය වී තිබුනේ Stade de France නමැති ඔලිම්පික් කේන්ද්‍රගත ක්‍රීඩාංගණය.
 
පැරිස් ඔලිම්පික්: සෙන් ගංගාවේ පැය හතරක සමාරම්භක උළෙලක්පැය හතරක නාවික පෙළපාලිය නරඹන සෙනඟ 320,000 දක්වා භාගයකට අඩු කර තිබෙනවා.
සමාරම්භක උත්සවයේ අවිනිශ්චිතභාවය නිසා පැය හතරක නාවික පෙළපාලිය නරඹන සෙනඟ 320,000 දක්වා භාගයකට අඩු කර තිබෙනවා.

ආරක්ෂිත හේතුන් මත සෙන් ගංගාවේ ප්‍රදර්ශනාත්මක පෙළපාලිය අහෝසි කිරීමට බල කෙරුනොත් ‘බී’ හා ‘සී’ සැලසුම් ප්‍රංශය ට තිබෙන බව ජනාධිපති ප්‍රකාශ කර තිබෙනවා.

එය එසේ වුවහොත්, උත්සවය අයිෆල් කුළුනට ප්‍රතිවිරුද්ධව පිහිටි Trocadero හි පැවැත්වීමට ඉඩ තිබෙනවා.
 
ඔලිම්පික් උළෙලට පෙර සහ එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුර සෙන් නදිය දිගේ තිබෙන ප්‍රදේශවලට හා ඔලිම්පික් තරග පැවැත්වෙන ස්ථාන වටා තිබෙන පෙදෙස්වලට ඇතුළු වීම පිණිස පැරිස් පදිංචිකරුවන් හා රියදුරන්ට QR කේතයක් අවශ්‍ය වනවා. සිවිල් නිදහස කැප කිරීමේදී ප්‍රංශය පමණට වඩා දුරකට ගොස් තිබෙන බව පැරිස්වාසී සමහරුන්ගේ මතය වී තිබෙනවා.
ඔලිම්පික් උළෙලට රුසියානු - බෙලරුසියානු ක්‍රීඩකයන් වැද්ද නොගන්නැයි ඉල්ලීමක්ඔලිම්පික් උළෙල වෙනුවෙන් අමුත්තන් මිලියන 15.3ක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000ක් හා මාධ්‍යවේදීන් 34,000කගේ පැමිණීමක් පැරිසිය අපේක්ෂා කරයි
 
ඔලිම්පික් උළෙල වෙනුවෙන් අමුත්තන් මිලියන 15.3ක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000ක් හා මාධ්‍යවේදීන් 34,000කගේ පැමිණීමක් පැරිසිය අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් නගරය අවහිර වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කරනවා. 

නගරයේ ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන් පිරෙනු ඇති අතර මෙතරම් විශාල පුද්ගල සංඛ්‍යාවකට එය ඔරොත්තු නොදෙනු ඇතැයි පැවසෙනවා.

ජනයාගෙන් ගහණව පවතින පැරිසියේ වීදිවලින් බොහෝ ඈතට ගොස් ඔලිම්පික් උළෙල අවසන් වූ පසු නැවත නගරයට පැමිණීමට බොහෝ දෙනෙක් තීරණය කර තිබෙනවා.

වෘත්තීය සමිති ද ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතරතුර වැඩවර්ජනවල නිරත වන බවට තර්ජනය කර තිබෙන අතර විරෝධතාවන් හා ටැඩවර්ජනවලදී ප්‍රංශය යනු රන් පදක්කම්ලාභීන්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...