The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

මයික් ටයිසන් ලිංගික සබඳතා හා ගංජා භාවිතයේ ස්වයං තහනමක

T

The Leader Desk

May 4, 2024 • 8:11 AM

මයික් ටයිසන් ලිංගික සබඳතා හා ගංජා භාවිතයේ ස්වයං තහනමක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා මෙදා තුර ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම හෙවිවේට් බොක්සිං ශූරයකු ලෙස සැලකෙන මයික් ටයිසන් (Mike Tyson) ලිංගික සබඳතාවේ සහ ගංජා
  • පුරාවෘත්ත හෙවිවේට් ක්‍රීඩක ටයිසන් මේ තහනම තමාට ම පනවා ගෙන සිටින්නේ, බොක්සිං ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය වූ YouTuber ජේක් පෝල් (Jake Paul) සමග පැවැත්වෙන බොක්සිං සටන වෙනුවෙන්.
  • Netflix විසින් සජීවීව විකාශය කිරීමට සැලසුම් කර තිබෙන මේ බොක්සිං තරගය ටෙක්සාස් AT&T බොක්සිං වළල්ලේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූලි 20 වැනිදා.
  • තරගකරුවන් දෙදෙනා අතර අවුරුදු 30ක වයස් පරතරයක් තිබෙන මේ ආන්දෝලනාත්මක බොක්සිං ගැටුම පැවැත්වෙනු ඇත්තේ 80,000ක සෙනඟක් ඉදිරියේ.
අකුරු ප්‍රමාණය (Font Size):

භාවිතයේ තෙමසක ස්වයං තහනමක් පනවා ගෙන සිටිනවා.

පුරාවෘත්ත හෙවිවේට් ක්‍රීඩක ටයිසන් මේ තහනම තමාට ම පනවා ගෙන සිටින්නේ, බොක්සිං ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය වූ YouTuber ජේක් පෝල් (Jake Paul) සමග පැවැත්වෙන බොක්සිං සටන වෙනුවෙන්.


Netflix විසින් සජීවීව විකාශය කිරීමට සැලසුම් කර තිබෙන මේ බොක්සිං තරගය ටෙක්සාස් AT&T බොක්සිං වළල්ලේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූලි 20 වැනිදා.

තරගකරුවන් දෙදෙනා අතර අවුරුදු 30ක වයස් පරතරයක් තිබෙන මේ ආන්දෝලනාත්මක බොක්සිං ගැටුම පැවැත්වෙනු ඇත්තේ 80,000ක සෙනඟක් ඉදිරියේ.

 

fight



2020 නොවැම්බරයේදී රෝයි ජෝන්ස් (කණිෂ්ඨ) සමග තරග කිරීමෙන් පසුව ටයිසන් මේ දක්වා බොක්සිං සටනකට සහභාගි වී නැහැ.

වෘත්තීය තරග 10කට පමණක් ක්‍රීඩා කර ඇති තම 27 හැවිරිදි ප්‍රතිවාදියාට වඩා වැඩි ශාරීරික ශක්තියක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි 57 හැවිරිදි ටයිසන් මෙසේ ලිංගික සංසර්ගයේ යෙදීමෙන් හා ගංජා පාවිච්චියෙන් මාස තුනක් වැළකී සිටීමට තීරණය කර තිබෙන්නේ.

“මම දැන් මගේ ජීවිතය ගෙවන්නේ විනයානුකූලවයි. ඒ නිසා මම දැන් ඉන්නේ සටන් විනයකයි. මම දැන් සුමාන හයක් තිස්සේ ගංජාවලින් මත්වෙලාවත්, ලිංගිකව හැසිරිලාවත් නැහැ” යනුවෙන් ටයිසන් පවසනවා.

 

Mike Tyson 240504

“ගංජා පාවිච්චි නොකර ඉන්න සිදුවීම ගැන මගේ කිසිම කැමැත්තක් නැහැ. නමුත් මම ඒක කරන්නේ එහෙම ඉන්න මගේ කැමැත්තක් තියෙන විදියටයි. මගේ බිරිඳ සමග නිදා නොගැනීම මට රුස්සන්නේ නැහැ. නමුත් මම ඒක කරන්නේ හරියට මම ඒකට කැමති ගාණටයි. මට ඒක අවශ්‍ය නිසා ම මම ඒක කරන්නේ නැහැ.”

ගංජාවලට තිබෙන තමාගේ ආශාව සැඟවීමට කිසිවිටෙකත් උත්සාහ කර නැති ටයිසන් වසර 2000දී Andrew Golota සමග පැවති සටනේදීත් සිටියේ ගංජාවලින් මත්වෙලා. නමුත් තමාගේ ආක්‍රමණශීලී සටන් විලාශය දියුණු කිරීම පිණිස ඔහු ගංජා භාවිතය දැනට අතහැර දමා තිබෙනවා.

“ජූලි තරගයේදී මම ගංජා දුම පානය කර ඉඳීවි කියා මම හිතන්නේ නැහැ” යනුවෙන් ටයිසන් කියනවා.

 

wife

සිය බිරිඳ ලැකීහා ස්පයිසර් (Lakiha Spicer) සමග ලිංගික සංසර්ගයේ යෙදීම ද ටයිසන් තමා ට ම තහනම් කරගෙන සිටිනවා. මේ යුවළ 2009 වසරේ සිට විවාහ වී සිටින අතර ඔහුට ප්‍රථම වතාවට ඇය මුණගැසී තිබෙන්නේ ස්පයිසර් ට වයස අවුරුදු 18 දී.


දැන් 44 වැනි වියේ පසුවන ඇයට ටයිසන් හමුවී තිබෙන්නේ ඔහුගේ එක් බොක්සිං සටනකට පෙර බව පැවසෙන අතර ඇයගෙන් ඈත්ව සිටින ලෙසට බොක්සිං සටන් ප්‍රවර්ධක ඩොන් කිං (Don King) මුලදී ඔහුට අනතුරු අඟවා තිබෙනවා.

වයසට යන මේ බොක්සිංකාරයාට තවමත් මුරණ්ඩු කොටළුවෙකුගේ පා පහරක ශක්තියෙන් පහර එල්ල කිරීමේ හැකියාව තිබෙන බවට රෝයි ජෝන්ස් (කණිෂ්ඨ) දැනටමත් ජේක් පෝල් ට අනතුරු අඟවා තිබෙනවා.

 

1288364262.0

ටයිසන් සමග 2020දී සටන් කර තරග විනිසුරුවන්ගෙන් ජය පැරදුමින් තොර තීරණයක් බෙදා ගත් Roy Jones Jr මෙසේ කියා තිබෙනවා: “බොක්සිං වළල්ල තුළ මට මෙතෙක් හමු වූ ශක්තිමත්ම පහර දෙන්නා මයික් ටයිසන්.”

“ඔහු මගේ පපුවට පහරක් ගැසූ පළමු අවස්ථාවේදී මට දැනුනේ කොටළුවෙක් මගේ පපුවට පයින් ගැහුවා වගෙයි. විශේෂයෙන් ඒ වගේ පහරක් කාලා පුරුද්දක් නැති කෙනෙකුට මයික් ටයිසන් එවැනි පහරක් ගැහුවොත්, එක්කෝ ඔහුට සිහි නැතිවේවි...එහෙමත් නැත්නම් බිම ඇද වැටේවි!”


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මයික් ටයිසන් ලිංගික සබඳතා හා ගංජා භාවිතයේ ස්වයං තහනමක | The Leader