The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ඉතිහාසයේ ලොකුම සරණාගත ක්‍රීඩක කණ්ඩායම පැරිස් ඔලිම්පික් උළෙලට

T

The Leader Desk

May 5, 2024 • 8:59 AM

ඉතිහාසයේ ලොකුම සරණාගත ක්‍රීඩක කණ්ඩායම පැරිස් ඔලිම්පික් උළෙලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් ඔලිම්පික් කමිටුව ඔවුන්ගේ ඉතිහාසයේ විශාලතම සරණාගත ඔලිම්පික් කණ්ඩායම ඉදිරිපත් කරන්නේ මේ වසරේ ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට යි.
  •   සිරියාව, සුඩානය, ඉරානය හා ඇෆ්ගනිස්තානය යන රටවල ක්‍රීඩකයන් ඇතුළු මේ කණ්ඩායම ක්‍රීඩා 12ක තරග කිරීමට නියමිතව තිබෙන අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් මෙවැනි කණ්ඩායමක් නිර්මාණය කළ තෙවැනි අවස්ථාවයි මේ.
  • මේ කණ්ඩායම නිවේදනය කරමින් ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.
  • සරණාගත ක්‍රීඩකයන්ට උපකාර කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ලෙස 2017 වසරේ සැප්තැම්බරයේදී ජගත් ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් සරණාගත පදනම පිහිටුවනු ලැබුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනෙක් ඊට ඇතුළත්ව සිටිනවා.

 

සිරියාව, සුඩානය, ඉරානය හා ඇෆ්ගනිස්තානය යන රටවල ක්‍රීඩකයන් ඇතුළු මේ කණ්ඩායම ක්‍රීඩා 12ක තරග කිරීමට නියමිතව තිබෙන අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් මෙවැනි කණ්ඩායමක් නිර්මාණය කළ තෙවැනි අවස්ථාවයි මේ.

RefugeeOlympicTeam 1024x702ඔලිම්පික් සරණාගත කණ්ඩායම ඔවුන්ගේ ම ලාංජනයක් යටතේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක පෙනී සිටීම විශේෂත්වයක්.

 

thomas bමීට අමතරව, මෙවර ඔලිම්පික් සරණාගත කණ්ඩායම ඔවුන්ගේ ම ලාංජනයක් යටතේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක පෙනී සිටීම විශේෂත්වයක්.

මේ කණ්ඩායම නිවේදනය කරමින් ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

“ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔබේ සහභාගිත්වයෙන් ඔබ ප්‍රදර්ශනය කරන්නේ පහසුවෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ හා විශිෂ්ටත්වයේ මානව ශක්තිය යි. මෙය ලොව පුරා විසිර සිටින උන්හිටිතැන් අහිමි වූ මිලියනයකට වැඩි පුද්ගලයන්ට යැවෙන බලාපොරොත්තුවේ පණිවුඩයක්.”

 

යුද්ධයක් පවතින රටවල හා මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන රටවල තම ක්‍රීඩාව හා පෞද්ගලික ක්‍රියාවන් කරගෙන යාම වළක්වා තිබෙන සරණාගතයින් සඳහා වන ස්වාධීන තරගකරුවන්ගෙන් සමන්විත සරණාගත ඔලිම්පික් කණ්ඩායමක් ප්‍රථම වතාවට නිර්මාණය කෙරුනේ 2016 මාර්තුවේ. සරණාගත ක්‍රීඩකයන්ට උපකාර කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ලෙස 2017 වසරේ සැප්තැම්බරයේදී ජගත් ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් සරණාගත පදනම පිහිටුවනු ලැබුවා.

2021 07 27 eor featured scaled 2020 Tokyo ජපාන ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් 29 දෙනෙකු මේ පදනම විසින් ඉදිරිපත් කළා 

2016 Rio de Janeiro බ්‍රසීල ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් 10 දෙනෙකු ද, 2020 Tokyo ජපාන ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් 29 දෙනෙකු ද මේ පදනම විසින් ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, එම තරගවලදී කිසිම පදක්කමක් දිනා ගැනීමට මේ ක්‍රීඩකයන් අසමත් වුනා.

සිය ලාංජනය ලෙස ඔලිම්පික් ධජය හා ඔලිම්පික් ගීතය භාවිතා කරමින් සරණාගත ඔලිම්පික් කණ්ඩායම 2016 උළෙලේ සමාරම්භක උත්සවයේදී පෙළපාලියේ ගියේ සත්කාරක රට නියෝජනය කරන කණ්ඩායමට මොහොතකට පෙර ක්‍රීඩාංගණයට ඇතුළු වෙමින්. 2020 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේ ක්‍රීඩක පෙරට්ටුවේදී සරණාගත ඔලිම්පික් කණ්ඩායම ක්‍රිඩාංගණයට පිවිසියේ ග්‍රීසිය ට පමණක් දෙවැනි වෙමින්.

 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...