The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ඇයි ?

T

The Leader Desk

October 8, 2024 • 3:14 PM

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.
  • ඒ, මහනුවර පල්ලෙකැලේ මෑතකදී පැවැති "ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි" තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
  • ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් අධිකරණයට දැනුම් දී තිබුණේ ඔක්තෝම්බර් මස 4 වනදා සිට 20 වනදා දක්වා තමන් ක්‍රිකට් තරගාවලියක් සඳහා විදේශගත වන අතර එම කාලසීමාව තුළ තමන්ට නඩු විභාගය සඳහා සහභාගී වීමට අපහසු බව ය.
  • මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම් සමග ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න කරුණු දක්වමින් සාක්ෂිකාර උපුල් තරංග ඉකුත් අගෝස්තු 22 වනදා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බව සිහිපත් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

ඒ, මහනුවර පල්ලෙකැලේ මෑතකදී පැවැති "ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි" තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.


සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඉල්ලයි

මෙම නඩුව අද වැඩිදුර විභාගය සඳහා මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී සාක්‍ෂි දීම සඳහා පැමිණිලිකාර උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැත.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් අධිකරණයට දැනුම් දී තිබුණේ ඔක්තෝම්බර් මස 4 වනදා සිට 20 වනදා දක්වා තමන් ක්‍රිකට් තරගාවලියක් සඳහා විදේශගත වන අතර එම කාලසීමාව තුළ තමන්ට නඩු විභාගය සඳහා සහභාගී වීමට අපහසු බව ය.

මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම් සමග ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න කරුණු දක්වමින් සාක්ෂිකාර උපුල් තරංග ඉකුත් අගෝස්තු 22 වනදා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බව සිහිපත් කළහ.

එහෙත් සාක්ෂිකාර උපුල් තරංග අදාළ විදේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා ගිවිසුම් ගත වී තිබෙන්නේ අගෝස්තු 19 වනදා බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අගෝස්තු මස 22 වනදා අධිකරණයේ සාක්ෂි දුන් අවස්ථාවේදී ඔහුට අද දින (ඔක්තෝබර් 8 වනදා) අධිකරණයට පැමිණිය නොහැකි බව දැනුවත්ව සිටි බවත් පෙන්වා දුන්නේය.

එසේ අද දින පැමිණීමට අපහසු බව ඔහු විසින් හොඳාකාරව දනිමින්ම අද දින සාක්ෂි දීම සඳහා පැමිණෙන බව ඔහු විසින් එදා (අගෝස්තු 22) ප්‍රකාශ කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එය අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් සඳහන් කළේය.

ඒ අනුව සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව සාක්ෂිකාර උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2024 වසරේ මාර්තු මස 13 වනදා මහනුවර පල්ලේ කැලේ පැවති "ලෙජන්ඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී" කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ තරගකරුවකු වූ පැමිණිලිකාර උපුල් තරංගට ප්‍රතිවාදී කණ්ඩායමට වාසි සහගත වන ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස යෝජනා කිරීම හරහා තරග පාවා දීමට තැත් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටිල් නොහොත් යෝගී පටෙල් නැමැත්තාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...