The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

යූසේන් බෝල්ට්ගේ වැඩි ප්‍රසිද්ධියක් නැති ලෝක වාර්තාව

T

The Leader Desk

October 11, 2024 • 2:44 PM

යූසේන් බෝල්ට්ගේ වැඩි ප්‍රසිද්ධියක් නැති ලෝක වාර්තාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිවිසීමට ලොව කිසිම කෙනෙක් මෙතෙක් සමත් වී නැහැ.
  • කෙටි දුර ධාවනයේ රජා මීටර් 100, මීටර් 200 හා මීටර් 4x100 සහාය දිවීම ඉසව්වල ලෝක වාර්තා උසුලනවා.
  • බෝල්ට් තත්පර 9.58 ලෝක වාර්තාගත කාලයක් මීටර් 100 ඉසව්වේ සටහන් කළේ 2009 වසරේ ජර්මනියේ පැවති ලෝක ශූරතාවලියේ.
  • පසුව එම ශූරතාවලියේ මීටර් 200 ඉසව්වේ ද තත්පර 19.19ක විස්මිත කාලයක් සනිටුහන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

පිවිසීමට ලොව කිසිම කෙනෙක් මෙතෙක් සමත් වී නැහැ.

කෙටි දුර ධාවනයේ රජා මීටර් 100, මීටර් 200 හා මීටර් 4x100 සහාය දිවීම ඉසව්වල ලෝක වාර්තා උසුලනවා.

බෝල්ට් තත්පර 9.58 ලෝක වාර්තාගත කාලයක් මීටර් 100 ඉසව්වේ සටහන් කළේ 2009 වසරේ ජර්මනියේ පැවති ලෝක ශූරතාවලියේ.

rte45
පසුව එම ශූරතාවලියේ මීටර් 200 ඉසව්වේ ද තත්පර 19.19ක විස්මිත කාලයක් සනිටුහන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වුනා.

sertw4t43
ඉක්බිති, අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම දිනා ගෙන සිටි බෝල්ට්, 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජැමෙයිකාව ට මීටර් 100 සහාය දිවීම ඉසව්වේ ලෝක වාර්තාගත තත්පර 36.84 කාලයක් සටහන් කිරීමට උපකාරී වුනා.

3456
වෙනත් කිසිම ධාවකයෙක් මේ වාර්තා සමීපයට පැමිණෙන බවක් වර්තමානයේ පෙනෙන්නට නැති අතර ඔහු මීට වසර 15කට පෙර බිහි කළ වැඩි ප්‍රසිද්ධියක් නැති තවත් ලෝක වාර්තාවක් ද කිසිවෙකුත් මකා නොදැමීමට ඉඩ තිබෙනවා.

2009 ලෝක ශූරතාවලියට පෙර තරගකරුවන් සිවු දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව මැන්චෙස්ට හි පැවති Great City Games ක්‍රීඩා උළෙලේ මීටර් 150 තරගයට බෝල්ට් සහභාගි වුනා.

එම තරයේ යූසේන් බෝල්ට්ගේ (Usain Bolt) ප්‍රතිවාදීන් වූයේ අමෙරිකාවේ Ivory Williams සහ එංගලන්තයේ Marlon Devonish හා Rikki Fifton. බෝල්ට් තත්පර 14.35කින් එම තරගය අවසන් කළේ කලින් තිබූ ලෝක වාර්තාව තත්පර 0.45කින් මකා දමමින්. එවකට ඔලිම්පික් මීටර් 200 ශූරයාව සිටි ඉතාලියේ Pietro Mennea විසින් 1983 වසරේ පිහිටුවා තිබූ තත්පර 14.80ක පෙර වාර්තාව වසර 26ක් පුරා නොමැකී පැවතුනා.

මීටර් 150 ඉසව්ව වර්තමානයේ පැවැත්වෙන්නේ සීමිත අයුරින්. ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සම්මේලනය (IAAF) එම තරගය පිළිනොගැනීම ඊට හේතුව යි.

අමෙරිකාවේ Noah Lyles 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට පෙර Atlanta City Games ක්‍රීඩා උළෙලේදී මීටර් 150 ඉසව්වට සහභාගි වූව ද බෝල්ට්ගේ කාලය අභිබවා යාමට අසමත් වුනා. ඔහු බෝල්ට් ට වඩා තත්පර 0.06ක් පිටුපසින් තරගය අවසන් කළේ 2010 වසරේදී අමෙරිකාවේ Tyson Gay වාර්තා කළ කාලය සම කරමින්.

යූසේන් බෝල්ට් කෙටි දුර ධාවන පථයෙන් සමුගෙන දැනට වසර හතක්‌ වනවා. එහෙත් තවමත් ඔහුගේ මේ ඔ්නෑම ඉසව්වක වාර්තා සමීපයට හෝ පැමිණීමට කිසිවෙකුත් සමත් වී නැහැ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...