The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගන් ටයිකොන්ඩෝ ශූරියට ටලිබාන්වරුන්ගෙන් නිමක් නැති මරණ තර්ජන

T

The Leader Desk

October 14, 2024 • 5:33 PM

ඇෆ්ගන් ටයිකොන්ඩෝ ශූරියට ටලිබාන්වරුන්ගෙන් නිමක් නැති මරණ තර්ජන    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවේචනය කිරීමට තරම් නිර්භීත වූ දා පටන් මාර්සිය හමිඩි (Marzieh Hamidi) නමැති ඇෆ්ගන් ටයිකොන්ඩෝ ශූරියට මේ වන විට තර්ජනාත්මක දුරකථන ඇමතුම් හා පණිවුඩ 5,000කට වැඩියෙන් ලැබී තිබෙනවා.
  • “මම උඹේ හිස ගසා දමනවා.” “මම උඹව දූෂණය කරන්න ඔ්නෙ කොතැනදී ද?” තවත් පණිවුඩයක සඳහන්.
  • මෙවැනි මරණීය තර්ජනවලින් නිරන්තර පීඩාවකට ලක්වෙමින් පොලිස් ආරක්ෂාව යටතේ සරණාගතයෙකු ලෙස පැරිසියේ ජීවත් වන 21 හැවිරිදි හමිඩි ඇෆ්ගන් කාන්තාවන් සඳහා සම අයිතීන් ඉල්ලා සිටීමේ සටනේ වීර චරිතයක් බවට පත්ව සිටිනවා.
  • ටයිකොන්ඩෝ ක්‍රීඩාව විසින් තමාට කාන්තාවක් ලෙස වැඩි අනන්‍යතාවක් ලබා දෙන බවත් එයින් තමාට සමාජය තුළ වැඩි ශක්තියක් දැනෙන බවත් ඇය කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
විවේචනය කිරීමට තරම් නිර්භීත වූ දා පටන් මාර්සිය හමිඩි (Marzieh Hamidi) නමැති ඇෆ්ගන් ටයිකොන්ඩෝ ශූරියට මේ වන විට තර්ජනාත්මක දුරකථන ඇමතුම් හා පණිවුඩ 5,000කට වැඩියෙන් ලැබී තිබෙනවා. ඇය, කාන්තාවන් ක්‍රීඩාවන්හි නියැලීම ටලිබාන්වරු විසින් තහනම් කිරීම නිසා රටින් පලා යාමට සිදුවූ ක්‍රීඩිකාවක්.

“උඹ ඉන්න තැන අපි දන්නවා. අපි ඒක වැඩිම ඉල්ලුම්කරුට ලබා දෙනවා” යනුවෙන් එක් පුද්ගලයෙක් ඇයට ලියා තිබෙනවා.

“මම උඹේ හිස ගසා දමනවා.”

“මම උඹව දූෂණය කරන්න ඔ්නෙ කොතැනදී ද?” තවත් පණිවුඩයක සඳහන්.

මෙවැනි මරණීය තර්ජනවලින් නිරන්තර පීඩාවකට ලක්වෙමින් පොලිස් ආරක්ෂාව යටතේ සරණාගතයෙකු ලෙස පැරිසියේ ජීවත් වන 21 හැවිරිදි හමිඩි ඇෆ්ගන් කාන්තාවන් සඳහා සම අයිතීන් ඉල්ලා සිටීමේ සටනේ වීර චරිතයක් බවට පත්ව සිටිනවා. මෙය ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩිකාවන් විසින් දියත් කර තිබෙන මෙහෙයුමක්.

ටයිකොන්ඩෝ ක්‍රීඩාව විසින් තමාට කාන්තාවක් ලෙස වැඩි අනන්‍යතාවක් ලබා දෙන බවත් එයින් තමාට සමාජය තුළ වැඩි ශක්තියක් දැනෙන බවත් ඇය කියනවා.
“ඇෆ්ගනිස්තානයේදී කාන්තාවන්ට කාන්තාවන් වීමට ඉඩක් නැහැ. කාන්තාවන් කියා කොටසක් පවතින්නේ නැහැ” හමිඩි පවසනවා.

ඇගේ රටවැසි කාන්තාවක වන මනීජා ටලාෂ් (Manizha Talash) පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බ්‍රේක්ඩාන්සිං ඉසව් අතරතුර “ඇෆ්ගන් කාන්තාවන් නිදහස් කරනු!” යනුවෙන් සඳහන් අත් රහිත කබායක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත් කෙරුනා.

ඇයව තරගාවලියෙන් ඉවත් කෙරුනේ ‘දේශපාලන විරෝධතාවක්’ සිදුකිරීම නිසා.

“මේ වචන හතරෙන් මම මුළු ලෝකය සමග කතා කරමින් ඉල්ලා සිටියේ, කරුණාකර, අපි ඇෆ්ගන් කාන්තාවන් වෙනුවෙන් යම් ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකට යමු කියලයි. අපට මේ ලෝකයෙන් විශේෂ කිසිම දෙයක් එපා. අපට අවශ්‍ය මූලික මානව අයිතීන් විතරයි” මනීජා කියා තිබුනා.
Kimia Yousofi
 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇෆ්ගන් ජාතික ධජය රැගෙන ගිය කෙටි දුර ක්‍රීඩිකා Kimia Yousofi, “අධ්‍යාපනය, ක්‍රීඩාව, අපේ අයිතියක්” යනුවෙන් සඳහන් අතින් ලියන ලද සටහනක් ප්‍රදර්ශනය කිරීම නිසා මෙවැනිම තරග තහනමකින් බේරුණේ නූලෙන්. 

ඇෆ්ගනිස්තානයේ පිරිමි කණ්ඩායම්වලට ජාත්‍යන්තරව තරග කිරීමට බොහෝ නිදහසක් තිබුන ද, රටේ කාන්තාවන්ට ක්‍රීඩාව තහනම්. මේ නිසා බලෙන් හෝ ඔවුන්ට සිදුව තිබෙන්නේ නිල සහයෝගයක් නැතිව හෝ රටින් පළා ගොස් සරණාගත කණ්ඩායම්වලට එක්වෙමින් හෝ ක්‍රීඩාවේ නියැලීමට.

පසුගිය වසරේ අසර්බයිජාන් හි දී සරණාගතයෙකු ලෙස ටයිකොන්ඩෝ ලෝක ශූරතාවලියේ තරග කරමින් සිටියදී ඇෆ්ගන් පිරිමි කණ්ඩායම සමග තමා මුහුණට මුහුණ පැමිණි ආකාරය පිළිබඳව හමිඩි ‘සී.එන්.එන්.’ පුවත් සේවයට පැවසුවා.

තමා උපන් රට නියෝජනය කිරීම තහනම් කර තිබියදී, ඇගේ හිටපු කණ්ඩායම් සගයන් ඇයට සැලකුවේ විදේශිකයෙකුට මෙන් බව ඇය එහිදී කියා සිටියා.

“මට නම් ඔවුන් ටලිබාන් කණ්ඩායමක් මිස ඇෆ්ගන් කණ්ඩායමක් නෙවෙයි” ඇය කීවා. මීට පෙර ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ද ඇය මෙවැනිම චෝදනාවක් එල්ල කළා. ඒ, දකුණු අප්‍රිකාවේ වර්ණ භේදය පැවති සමයේ එම කණ්ඩායමට තහනමක් පැනවූ ආකාරයෙන් ම ඇෆ්ගන් ක්‍රීඩා කණ්ඩායම්වලට ද ඔලිම්පික් උළෙලට සහභාගි වීම තහනම් කරන ලෙසට ඉල්ලා සිටි අවස්ථාවේ.

“ඔවුන් ජාත්‍යන්තර තරගවලට එන වෙලාවේම, ටලිබාන්වරු ඇෆ්ගනිස්තානයේ සිටින බොහෝ කාන්තාවන් මරා දමනවා” ඇය කීවා.

මේ තත්ත්වය පැන නැගී තිබෙන්නේ ටලිබාන්වරු ඉස්ලාම් ධර්මයේ නාමයෙන් කාන්තාවන් හා බාලිකාවන්ගේ අයිතීන් ඉවත් කිරීමෙන් පසුව.

සමාජයේ පරිපූර්ණ මිනිසුන් ලෙස කාන්තාවන් හා බාලිකාවන්ට සහභාගි වීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය කරමින් ටලිබාන්වරු විසින් එරට කාන්තා පක්ෂය සමාජයෙන් ඉවත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට මෙවැනි භයංකර තත්ත්වයක් උදාවී තිබියදී, ඉතාමත් ලොකු ජනප්‍රියත්වයක් ලබා සිටින ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම වැනි පිරිමි ක්‍රීඩා කණ්ඩායම්වලට කිසිම ටලිබාන් බාධාවකින් තොරව ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවේ රඟන්නට හැකි වී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව ඇෆ්ගනිස්තානයේ ඉතාමත් ජනප්‍රියව තිබෙන අතර ටලිබාන්වරු විසින් බලයෙන් නෙරපා දමනු ලැබූ රජයේ වර්ණ තුනකින් යුත් කොඩිය යටතේ තවමත් තරග වදින එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම බොහෝ ඇෆ්ගන්වරුන්ට ජාතික ආඩම්බරයක් ගෙන දෙන උල්පතක් වී තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන් ටලිබාන් විසින් කාන්තාවන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීම පිළිබඳව එතරම් සැලෙන්නේ නැහැ.

“ඇෆ්ගන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම තමාව හෝ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ව හෝ නියෝජනය නොකරණ බව හමිඩි ‘සී.එන්.එන්.’ ප්‍රවෘත්ති සේවයට සඳහන් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් ටලිබාන්වරුන්ගේ දුෂ්ට ක්‍රියාවන්ට අනුකූල වන බවට චෝදනා කෙරෙන මෙවැනි ප්‍රකාශ නිසා සමාජ මාධ්‍යයේ ඔන්ලයින් වෛරයක ගිනිදැල් ඇවිලී තිබෙනවා.

ටලිබාන්වරුන්ට සහයෝගය දක්වන්නන්ට, විශේෂයෙන් රටේ ඩයස්පෝරාවට ඇෆ්ගන් කාන්තා ක්‍රීඩා තරු පහසු ඉලක්ක බවට පත්ව තිබෙනවා.

මාර්සිය හමිඩිගේ දේශපාලන මතයන්ට අමතරව ඇය කාන්තාවක් වීම ගැනත්, ප්‍රසිද්ධියේ කතා කිරීම ගැනත්, බටහිර පන්නයට ඇඳුම් පැළඳීම පිළිබඳවත් ඔවුන් ඇයව විවේචනය කරන බව හමිඩිගේ නීතිඥ Ines Davau ‘සී.එන්.එන්.’ සේවයට කියා තිබෙනවා.

මේ තර්ජන විකසනය වී තිබෙන්නේ 1990 ගණන්වල කාන්තාවන්ට එරෙහි ටලිබාන්වරුන්ගේ මර්දනයේ සිට.
 
20240829 marzieh hamididen taliban yasalarina karsi letusexist protestosu jpged5815 image
2021 වසරේදී ඇෆ්ගනිස්තාන රජය බිඳ වැටීමෙන් පසුව ප්‍රංශය ට පැමිණි හමිඩි ට අලුත් ජීවිතයක් ගොඩනගා ගැනීමට සිදුවූයේ ටලිබාන්වරුන් විසින් ඇෆ්ගන් කාන්තා අයිතියේ ගෙල සිර කර ගෙන සිටීමට එරෙහි ඇගේ එඩිතර විරෝධයට ටලිබාන්ගේ පළිගැනීම හා ඇගේ පවුල වෙනුවෙන් තිබෙන බිය නමැති හෙවණැලි යට.

ජීවිතය වෙනුවෙන් හා ඔලිම්පික් ක්‍රීඩිකාවක් බවට පත්වීමේ සිහිනය වෙනුවෙන් ඇය පෞද්ගලිකව හා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙන් ද මුරණ්ඩු වූ පිපාසයක් විහිදුවනවා. නමුුත් නිර්දය ලෙස එල්ල වන මරා දැමීමේ හා දූෂණය කිරීමේ තර්ජන හේතුවෙන් හමිඩි දැන් කල් ගෙවන්නේ අඛණ්ඩ පොලිස් ආරක්ෂාවක් යටතේ.

ඇයට තිබුනු සාමාන්‍ය ජීවිතය ටලිබාන් හිතවාදීන් විසින් ඇගෙන් සොරකම් කරගෙන.

පළමු තර්ජනවලින් සති කිහිපයකට පසුවත් හමිඩි ට තවමත් බිය උපදවන පණිවුඩ ලැබෙමින් තිබෙනවා.

මෙවන් එක් තර්ජනයක් මේ මස මුලදී පැමිණියේ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නෙකුගෙන්: “ම‌ගේ මුදල් සූදානම් වන තෙක් මට තියෙන්නේ තව මාස තුනක් විතරයි. ඊට පස්සේ මම කෙළින්ම පැරිසියට ඇවිත් උඹේ බෙල්ල කපලා දානවා.”

හමිඩි ට දුරකථන ඇමතුම් හා පණිවුඩ ලැබී තිබෙන්නේ යුරෝපය හරහා තිබෙන අංකවලින්. මේ බොහොමයක් ලියා තිබෙන්නේ ඉංග්‍රීසියෙන්.

මේ තර්ජන පිළිබඳව සොයා බැලීම පිණිස, මිනිස්කම ට එරෙහි වෛරී අපරාධ වෙනුවෙන් වන ප්‍රංශයේ විශේෂඥ ඒජන්සියේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් දැන් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

තමාට පළමුවෙන් තර්ජන ලැබුනු අවස්ථාවේදී තමා නැවත කාබුල් නුවර සිටින බවක් දැනුනු බව හමිඩි පවසනවා. එහෙත් මේ තර්ජන මධ්‍යයේ ප්‍රංශයේ තනි වී සිටියදීත්, සටන අත්හරින බවක් ඇගෙන් දිස්වන්නේ නැහැ.

“ඔවුන්ට අවශ්‍ය අපව ඇෆ්ගනිස්තානයේ අදෘශ්‍යමාන කරන්නයි” ඇය සඳහන් කරනවා. “මට අවශ්‍ය අපි ශක්තිමත් බව ඔවුන්ට පෙන්වන්නයි!”


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇෆ්ගන් ටයිකොන්ඩෝ ශූරියට ටලිබාන්වරුන්ගෙන් නිමක් නැති මරණ තර්ජන | The Leader