The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තුන්වැනි පරම්පරාවත් ඉතාලි පාපන්දුව නියෝජනයට

T

The Leader Desk

October 18, 2024 • 11:54 AM

තුන්වැනි පරම්පරාවත් ඉතාලි පාපන්දුව නියෝජනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලි ජාතික පාපන්දුව නියෝජනය කළ තම පවුලේ තුන්වැනි පරම්පරාව බවට මේ ක්‍රීඩකයා පත්වූයේ ඉතාලිය ගෝල් 4-1කින් ඊශ්‍රායලය පරාජය කළ UEFA Nations League තරගයේ.
  • විසිතුන් හැවිරිදි ඩැනියල් ඔහුගේ පියා වන පාඔලෝ හා සීයා වන චේසරේ අනුගමණය කරමින් ඉතාලිය නියෝජනය කළේ තරගයේ 74 වැනි මිනිත්තුවේදී පිටියට පිවිසෙමින්.
  • පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන AC Milan පාපන්දු සමාජයට ක්‍රීඩා කළ ඔහුගේ පියා ඉතාලි පාපන්දු තරග බිමේ ඉහළම ශූරතා හතක් සහ යුරෝපීය කුසලාන පහක් දිනා ගත් අතර ඔහු තම පුතා ක්‍රීඩා කරනු යූඩිනේ නුවර ක්‍රීඩා මණ්ඩපයේ සිට බලා සිටියා.
  • පාඔලෝ මෙල්ඩීනී (Paolo Maldini) ඔහුගේ දීප්තිමත් ක්‍රීඩා දිවිය තුළ ඉතාලිය වෙනුවෙන් තරග 126කට ක්‍රීඩා කර තිබෙන්නේ එරට නියෝජනය කරමින් තෙවැනියට වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතාලි ජාතික පාපන්දුව නියෝජනය කළ තම පවුලේ තුන්වැනි පරම්පරාව බවට මේ ක්‍රීඩකයා පත්වූයේ ඉතාලිය ගෝල් 4-1කින් ඊශ්‍රායලය පරාජය කළ UEFA Nations League තරගයේ.

විසිතුන් හැවිරිදි ඩැනියල් ඔහුගේ පියා වන පාඔලෝ හා සීයා වන චේසරේ අනුගමණය කරමින් ඉතාලිය නියෝජනය කළේ තරගයේ 74 වැනි මිනිත්තුවේදී පිටියට පිවිසෙමින්.

 

 

පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන AC Milan පාපන්දු සමාජයට ක්‍රීඩා කළ ඔහුගේ පියා ඉතාලි පාපන්දු තරග බිමේ ඉහළම ශූරතා හතක් සහ යුරෝපීය කුසලාන පහක් දිනා ගත් අතර ඔහු තම පුතා ක්‍රීඩා කරනු යූඩිනේ නුවර ක්‍රීඩා මණ්ඩපයේ සිට බලා සිටියා. පාඔලෝ මෙල්ඩීනී (Paolo Maldini) ඔහුගේ දීප්තිමත් ක්‍රීඩා දිවිය තුළ ඉතාලිය වෙනුවෙන් තරග 126කට ක්‍රීඩා කර තිබෙන්නේ එරට නියෝජනය කරමින් තෙවැනියට වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

84708442 3135008446527401 3093416002709356544 nCesare Maldini - Paolo Maldini - Daniel Maldini

 

මේ අතර, චේසරේ මෙල්ඩීනී (Cesare Maldini), ඉතාලිය වෙනුවෙන් තරග 14කට සහභාගි වූ අතර ඔහුගේ අවසාන සහභාගිත්වය සිදුවුනේ මීට වසර 61කට පෙර. සිවු වතාවක් ලෝක පාපන්දු ශූරයන් වූ ඉතාලිය වෙනුවෙන් පරම්පරා තුනක් ක්‍රීඩා කළ ප්‍රථම අවස්ථාවයි මේ.

ආරක්ෂක ක්‍රීඩකයෙකු වූ තම පියා මෙන් නොව මෙල්ඩීනී පවුලේ බාලයා වන ඩැනියල් ආක්‍රමණශීලී මැද පෙල ක්‍රීඩකයෙකු වන අතර ඔහු Serie A තරගාවලියේ ක්‍රීඩා කරන Monza කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තුන්වැනි පරම්පරාවත් ඉතාලි පාපන්දුව නියෝජනයට | The Leader