The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සමුගැනීමේ ටෙස්ට් තරගයට සියරට එන ගමන ෂකිබ් අල් හසන් ඩුබායිවලින් අහෝසි කරයි

T

The Leader Desk

October 20, 2024 • 4:42 AM

සමුගැනීමේ ටෙස්ට් තරගයට සියරට එන ගමන ෂකිබ් අල් හසන් ඩුබායිවලින් අහෝසි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධකා නුවරදී එළඹෙන සඳුදා (21) ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාව ට එරෙහි පළමු ටෙස්ට් ගැටුමට සහභාගි වීම පිණිස ෂකිබ් අමෙරිකාවේ නිව්යෝක් නගරයේ සිට පිටත්ව පැමිණිය ද, ගුවන්යානා මාරුව පිණිස ඩුබායි හි රැඳී සිටියදී ගමන අහෝසි කර තිබෙන්නේ ආරක්ෂක හේතුන් මත.
  • සති ගණනාවක් තිස්සේ පැවති විරෝධතා හා ගැටුම්වලදී පුද්ගලයින් 600කට වැඩියෙන් මිය ගියා.
  • හැවිරිදි හසීනා අගෝස්තු 5 වැනිදා ඉන්දියාව ට පලා ගිය අතර නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් අන්තර් රජයක් පිහිටුවා ගැනුනා.
  • වසර 15ක් බලයේ සිටීමෙන් පසුව පසුගිය අගෝස්තු මස මුලදී අවාමි ලීග් රජය ඉල්ලා අස්වන විට ෂකිබ් අල් හසන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිටියේ කැනඩාවේ ගෝලීය T20 තරගාවලියට සහභාගි වෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ධකා නුවරදී එළඹෙන සඳුදා (21) ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාව ට එරෙහි පළමු ටෙස්ට් ගැටුමට සහභාගි වීම පිණිස ෂකිබ් අමෙරිකාවේ නිව්යෝක් නගරයේ සිට පිටත්ව පැමිණිය ද, ගුවන්යානා මාරුව පිණිස ඩුබායි හි රැඳී සිටියදී ගමන අහෝසි කර තිබෙන්නේ ආරක්ෂක හේතුන් මත. බලයෙන් නෙරපා හැරුනු ෂීක් හසීනාගේ අවාමි ලීග් පක්ෂ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ඔහුට එරෙහිව ධකා හි විරෝධතා පැවැත්වෙමින් තිබීම ඔහුගේ ගමන මෙසේ අවලංගු කිරීමට හේතු වී තිබෙනවා.

 

pakisthan test

බංග්ලාදේශ ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ දැවැන්ත විරෝධතා මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් අගමැතිනි ෂීක් හසීනා ට රටෙන් පලා යාමට සිදුවුනා. සති ගණනාවක් තිස්සේ පැවති විරෝධතා හා ගැටුම්වලදී පුද්ගලයින් 600කට වැඩියෙන් මිය ගියා. 76 හැවිරිදි හසීනා අගෝස්තු 5 වැනිදා ඉන්දියාව ට පලා ගිය අතර නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් අන්තර් රජයක් පිහිටුවා ගැනුනා. එදා සිට මේ දක්වා ෂකිබ් ට ඔහු‌ගේ උපන් රට ට පැමිණීමට නොහැකි වී තිබෙන අතර බංග්ලාදේශ කණ්ඩායමේ පසුගිය පාකිස්තාන හා ඉන්දියා සංචාරවලදී ඔහු කණ්ඩායම සමග එක්වූයේ අමෙරිකාවේ සිට කෙළින්ම ඒ ඒ රටවලට පියාසර කරමින්.

 

වසර 15ක් බලයේ සිටීමෙන් පසුව පසුගිය අගෝස්තු මස මුලදී අවාමි ලීග් රජය ඉල්ලා අස්වන විට ෂකිබ් අල් හසන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිටියේ කැනඩාවේ ගෝලීය T20 තරගාවලියට සහභාගි වෙමින්. ඉන්පසුව, බංග්ලාදේශය ජයග්‍රහණය කළ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කිරීම පිණිස අමෙරිකාවේ සිට පාකිස්තානය ට පැමිණි ඔහු අනතුරුව සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පළමු පෙල තරගයකට ක්‍රීඩා කිරීම පිණිස එංගලන්තය ට ගොස් ඉන්දියාව සමග ටෙස්ට් තරග දෙකට සහභාගි වීමට නැවත පැමිණියා. වර්තමානයේ බංග්ලාදේශයේ තිබෙන තමාට ආරක්ෂාව නැති තත්ත්වය නිසා මව්බිමට පැමිණීමට නොහැකි වූ ෂකිබ් ට ඔහු ජීවත් වෙමින් සිටින නිව්යෝක් නගරයට ආපසු යාමට සිදුවුනා.

 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?

ෂීක් හසීනා ඇතුළු අවාමි ලීග් නායකයන් හා ආධාරකරුවන් දහස් ගණනක් ජූලි - අගෝස්තු කැරැල්ල අතරතුර සිදුවූ අපරාධ හා මිනිස් ඝාතනවලට චෝදනා ලැබ සිටින අතර ෂකිබ් අල් හසන් ද මේ නඩුවල එක් චූදිතයෙක්. එහෙත් දකුණු අප්‍රිකාව ට එරෙහිව සිය මව්බිමේ පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට අපේක්ෂා කළ ෂකිබ් ඒ සඳහා බංග්ලාදේශ රජයෙන් ආරක්ෂාව ඉල්ලා සිටියා.

shakib al hasan 6002 1727339134

 

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ෂකිබ් ට ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් ටෙස්ට් තරගය සඳහා වන බංග්ලාදේශ කණ්ඩායමට ඔහු ඇතුළත් කළා. තරගයට සහභාගි වීමේ අපේක්ෂාවෙන් ෂකිබ් අමෙරිකාවේ සිට ගුවන්ගත වූව ද යළි සියරට පැමිණීම ආරක්ෂක හේතුන් මත ඩුබායි හි දී අවලංගු කළා.

ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම පිණිස බංග්ලාදේශයට එමින් සිටි ගමන ෂකිබ් ඩුබායිවලින් අහෝසි කළ බව ආරංචි වීමෙන් කලකිරීමට පත් ඔහුට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් සඳුදා තරගය ආරම්භ වීමට නියමිත ධකා අගනුවර මිර්පූර් ක්‍රිකට් ක්‍රීඩාංගණය පිටත ඊයේ රොක්වෙමින් ඔහුගේ නොපැමිණීම පිළිබඳව විරෝධය පළ කර සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමුගැනීමේ ටෙස්ට් තරගයට සියරට එන ගමන ෂකිබ් අල් හසන් ඩුබායිවලින් අහෝසි කරයි | The Leader