The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආබාධයකට ලක්ව වසරක් නොපෙනී සිටි බ්‍රසිලයේ නේමා නැවත තරග බිමට

T

The Leader Desk

October 23, 2024 • 9:10 AM

ආබාධයකට ලක්ව වසරක් නොපෙනී සිටි බ්‍රසිලයේ නේමා නැවත තරග බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු තරග බිමෙන් ඔහුගේ නම දෝංකාරය නොවූයේ නේමා ආබාධයකට ලක්ව සිටි බැවින්.
  • නේමා ඔහුගේ වම් දණහිසේ Anterior cruciate ligament (ACL) බිඳීමකට ලක්ව වසරකට වැඩි කාලයකට පසුව යළිත් පාපන්දු පිටියේ සඳුදා පෙනී සිටියේ සෞදි අරාබියේ Al-Hilal කණ්ඩායම වෙනුවෙන් මිනිත්තු 20ක් ක්‍රීඩා කරමින්.
  • Al Ain කණ්ඩායමට එරෙහිව පැවති ඔහුගේ කණ්ඩායමේ 5-4ක ජයග්‍රාහී AFC චැම්පියන්ස් ලීග් තරගයේ 77 වැනි මිනිත්තුවේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙසිනුයි 32 හැවිරිදි නේමා පිටියට පැමිණියේ.
  • නේමා Paris Saint-Germain (PSG) ක්‍රීඩා සමාජයේ සිට සෞදි කණ්ඩායමට යුරෝ මිලියන 90 (ඩොලර් මිලියන 97.6) ක ගිවිසුමක් යටතේ එක්වූයේ 2023 වසරේ අගෝස්තුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර පාපන්දු තරග බිමෙන් ඔහුගේ නම දෝංකාරය නොවූයේ නේමා ආබාධයකට ලක්ව සිටි බැවින්.

නමුත් දැන් ජගත් පාපන්දු ක්‍රීඩා ලෝලීන් ප්‍රීතියට පත්කරමින් නේමා වසරකට වැඩි කාලයකට පසුව නැවත තරග බිමට අවතීර්ණව සිටිනවා.

නේමා ඔහුගේ වම් දණහිසේ Anterior cruciate ligament (ACL) බිඳීමකට ලක්ව වසරකට වැඩි කාලයකට පසුව යළිත් පාපන්දු පිටියේ සඳුදා පෙනී සිටියේ සෞදි අරාබියේ Al-Hilal කණ්ඩායම වෙනුවෙන් මිනිත්තු 20ක් ක්‍රීඩා කරමින්.

Al Ain කණ්ඩායමට එරෙහිව පැවති ඔහුගේ කණ්ඩායමේ 5-4ක ජයග්‍රාහී AFC චැම්පියන්ස් ලීග් තරගයේ 77 වැනි මිනිත්තුවේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙසිනුයි 32 හැවිරිදි නේමා පිටියට පැමිණියේ.

නේමා Paris Saint-Germain (PSG) ක්‍රීඩා සමාජයේ සිට සෞදි කණ්ඩායමට යුරෝ මිලියන 90 (ඩොලර් මිලියන 97.6) ක ගිවිසුමක් යටතේ එක්වූයේ 2023 වසරේ අගෝස්තුවේ. එහෙත් ඔහු සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන ඔහුගේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළේ 2023 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනිදාට පෙර පස් වතාවක් පමණයි. ඊට හේතු වූයේ ඔහු බ්‍රසීලය හා උරුගුවේ අතර පැවති ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී Nicolas de la Cruzගේ අභියෝගයකින් තුවාල ලැබ කඳුළු වගුරුවමින් පිටියෙන් නික්ම යාමට සිදුවීමයි. නේමා පසුගිය නොවැම්බර් මාසයේදී ශල්‍යකර්මයකට බඳුන් වුනා.


සඳුදා නැවත තරග බිමට පිවිසි නේමා “මට හරිම සතුටුයි” කියා Al-Hilal මාධ්‍ය දෙපාර්තමේන්තුවට පවසා සිටියා. “මම ආයෙත් ආවා! මම ආයෙත් ආවා!” නේමා කියා සිටියා.

මේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයාගේ නැවත පැමිණීම සමාජ මාධ්‍ය විසින් පිළිගනු ලැබුවේ උත්සවාකාරයෙන්. “ඔහු තරග බිමෙන් මාස දොළහකට වැඩි කාලයක්‌ නොපෙනී සිටියා. ඔහු තමන් වැඩියෙන්ම ආදරය කරන දෙය නැවත කිරීමේ අපරිමේය අභිලාෂයකින් සිටියා” යනුවෙන් නේමා කළින් ක්‍රීඩා කළ Santos ක්‍රීඩා සමාජය X වේදිකාවේ සටහන් කළා.

 

2151766“මම ආයෙත් ආවා! මම ආයෙත් ආවා!”

“නේමා යනු සාමාන්‍ය පාපන්දු තරුවක් නෙවෙයි. ඔහු සමතෙක් පමණක් නෙවෙයි. නේමා යනු පාපන්දු ක්‍රීඩාවේ සතුටේ සමානාර්ථයක්. ඔහුගේ නැවත පැමිණීම ලෝකය වටා විසිරී සිටින පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට මහත් සතුටක් ගෙන එනවා. ක්‍රීඩා ලෝලීන් ගැන බලන විට බ්‍රසීලය ට තිබෙන්නේ සමාන කළ නොහැකි හැඟීමක්. මෑත ඉතිහාසයේ හොඳම බ්‍රසීල ක්‍රීඩකයා සමග ඔවුන්ට තිබෙන්නේ විශේෂත්වයට වඩා එහා ගිය බන්ධනයක්.”


නේමා තරගකාරී පාපන්දු පිටියට නැවත පැමිණීමේ ප්‍රවෘත්තිය අසන්නට ලැබීමෙන් පෘතුගිසි ඉදිරි පෙල ක්‍රීඩක Rafael Leao ද සතුටු වූයේ ඔහුගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ කතාවල මෙසේ ලියමින්.

“පාපන්දු ක්‍රීඩාව නැවත පැමිණ තිබෙනවා!”

බ්‍රසීලයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින නේමා අමෙරිකාවේ මේ ගිම්හානයේ පැවති Copa America තරගාවලියට ක්‍රීඩා නොකළ අතර ඔහුගේ රට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී පෙනල්ටි ප්‍රහාර එල්ල කිරීමේ සටනෙන් උරුගුවේ ට පරාජය වුනා.

 

dm 240706 Neymar Brazil talkබ්‍රසීලයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින නේමා

වර්තමානයේ CONMEBOL ශ්‍රේණිගත කිරීමේ සිවු වැනි තැන පසුවන බ්‍රසීලය නොවැම්බරයේදී පැවැත්වෙන වෙනිසුවේලා හා උරුගුවේ කණ්ඩායම්වලට එරෙහි ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට නේමා සහභාගි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා.


නේමා ට තවදුරටත් Al-Hilal කණ්ඩායම වෙනුවෙන් මහාද්වීප තරගාවලියන්ට ක්‍රීඩා කිරීමට හැකියාව තිබුන ද, ඔහුට ජනවාරි මාසය තෙක් සෞදි වෘත්තීය ලීගයේ ක්‍රීඩා කිරීමට වරම් නැත්තේ ඒ තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වලට ඔවුන්ගේ සංචිත සඳහා ඇතුළත් කළ හැකි විදෙස් ක්‍රීඩක සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමාවක් පනවා ඇති බැවින්. ඒ සඳහා වන ක්‍රීඩක ලියාපදිංචි කිරීම දැන් අවසන්.

සෞදි අරාබි ලීගයේ තමන්ගේ තරග හත ම ජයග්‍රහණය කර පෙරමුණේ සිටින Al-Hilal ක්‍රීඩා සමාජය සමග වන නේමාගේ කොන්ත්‍රාත්තුව 2025 වසරේ ජූනි මාසයේ අවසන් වනවා.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...