The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉනිම අතරමැද නතර කර රෝහලට ගිය පිතිකරුවා ආපසු ඇවිත් තරගය දිනලා

T

The Leader Desk

October 25, 2024 • 11:19 AM

ඉනිම අතරමැද නතර කර රෝහලට ගිය පිතිකරුවා ආපසු ඇවිත් තරගය දිනලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක හිල්ටන් කාට්රයිට් (Hilton Cartwright) ටස්මේනියා කණ්ඩායමට එරෙහිව ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගයේ පිතිකරණයේ යෙදෙමින් නොදැවී ලකුණු 52ක් රැස්කර ගෙන සිටියා.
  • සති 37ක ගැබිනියකව සිටි කාට්රයිට්ගේ බිරිඳ සංකුලතාවන්ට ලක්ව සිටි බැවින් ඇයව වහාම එදින සවස දරු ප්‍රසූතියට සූදානම් කිරීමට වෛද්‍යවරයාට සිදුව තිබුනා.
  • “මගේ බිරිඳ ගැබ්බරව හිටියේ සති 37ක් පමණයි.
  • මම තරගයට සහභාගි වෙන්න තීරණය කළේ ඒ නිසායි” කාට්රයිට් කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

බටහිර ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක හිල්ටන් කාට්රයිට් (Hilton Cartwright) ටස්මේනියා කණ්ඩායමට එරෙහිව ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගයේ පිතිකරණයේ යෙදෙමින් නොදැවී ලකුණු 52ක් රැස්කර ගෙන සිටියා. සවස තේ පානය සඳහා තරගය කළ අවස්ථාවේදී, ඔහුගේ දෙවැනි දරුවාගේ උපත පිළිබඳව ඔහුට දැනුම් දෙන ලද අතර බිරිඳ සමග සිටීම පිණිස ඔහු වහාම රෝහලට ගියා.

සති 37ක ගැබිනියකව සිටි කාට්රයිට්ගේ බිරිඳ සංකුලතාවන්ට ලක්ව සිටි බැවින් ඇයව වහාම එදින සවස දරු ප්‍රසූතියට සූදානම් කිරීමට වෛද්‍යවරයාට සිදුව තිබුනා.

 

PERTH, AUSTRALIA - OCTOBER 21: Hilton Cartwright of Western Australia fields the ball off his bowling during the Sheffield Shield match between Western Australia and Tasmania at the WACA Ground, on October 21, 2024, in Perth, Australia. (Photo by Paul Kane/Getty Images)

“මගේ බිරිඳ ගැබ්බරව හිටියේ සති 37ක් පමණයි. ඒ නිසා අපේ දෙවැනි දරුවාගේ උපතින් තරගයට බලපෑමක් වෙන්න අවස්ථාවක් තිබුනේ නැහැ. මම තරගයට සහභාගි වෙන්න තීරණය කළේ ඒ නිසායි” කාට්රයිට් කියා සිටියා.

“කොහොම වුනත්, ඇය සිටින තත්ත්වය පිළිබඳව ඇයව දැනුවත් කර තිබුනා. තේ පානයේ විරාමයේදී ටික වෙලාවකට පිටියෙන් පිටව ගොස් ආපසු කඩුල්ලට ඇවිත් පිතිකරණයේ යෙදීමේ බලාපොරොත්තුවෙන් මම ඒ ගැන මගේ පුහුණුකරුවන්ට හා නායකයාට කීවා.”

PERTH, AUSTRALIA - OCTOBER 22: Hilton Cartwright of Western Australia warms up during the Sheffield Shield match between Western Australia and Tasmania at the WACA Ground, on October 22, 2024, in Perth, Australia. (Photo by Paul Kane/Getty Images)

 

සිය බිරිඳ සහ අලුත උපන් දරුවා සනීපයෙන් සිටින අයුරු දැක ගැනීමෙන් පසුව ඔහු නැවත පිටියට පැමිණියේ තමාට නැවතත් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායම හා තරග තීරකවරයා ඉඩ දේවි ද යන සැකයෙන් යුතුව. ඒ අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවා දැවී යාමෙන් පසුව කිසිවෙකුගෙන් බාධාවක් නැතිව කාට්රයිට් නැවත කඩුල්ලට පිවිසියා. 

කෙසේ වෙතත්, පිතිකරණයට ඔහුගේ නැවත පැමිණීම වැඩි වේලාවක් රැඳී නොතිබුනේ ඔහු ලකුණු 65කට දැවී ගිය නිසා.

කාට්රයිට්ගේ ඉනිම මත බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 332ක් වාර්තා කළා. අවසානයේ එම කණ්ඩායම කඩුලු හයකින් තරගය ජය ගත් අතර දෙවැනි ඉනිමේ ලකුණු 89ක ඉලක්කයක් හඹා යාමේදී හිල්ටන් කාට්රයිට් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉනිම අතරමැද නතර කර රෝහලට ගිය පිතිකරුවා ආපසු ඇවිත් තරගය දිනලා | The Leader