The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනාවට හිටපු ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන්නා වරදකරු වෙයි

T

The Leader Desk

March 14, 2025 • 3:19 PM

කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනාවට හිටපු ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන්නා වරදකරු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිඩ්නි අධිකරණයක් තීරණය කර තිබෙනවා.
  • මේ චෝදනාවට ඔහු වරදකරුවකු නොවන බවට ජූරිය තීන්දු කර තිබෙන්නේ පැය හයකට වැඩි කාලයක් තිස්සේ කෙරුණු විවාදයකින් පසුව.
  • තරග බිමෙන් විශ්‍රාම ගිය මේ පා දඟ පන්දු යවන්නා ඔහු‌ගේ පෞද්ගලික කොකේන් ගනුදෙනු කරන්නාව 2021 වසරේදී හවුල්කරුවෙකුට හඳුන්වා දුන් බව පොලිසිය ප්‍රකාශ කළා.
  • පසුව එම ගනුදෙනු කරන්නා සහ හවුල්කරු අමෙරිකානු ඩොලර් 200,000ක මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් ඔවුන් අතර සංවිධානය කළ බව පොලිසිය පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිඩ්නි අධිකරණයක් තීරණය කර තිබෙනවා.

54 හැවිරිදි මැක්ගිල් මේ චෝදනාවට වරදකරු වූව ද, ඊට වඩා බරපතල වූ වාණිජමය මට්ටමේ මත්ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවකට සහභාගි වීමේ චෝදනාවට නිවැරදිකරු වී තිබෙනවා. මේ චෝදනාවට ඔහු වරදකරුවකු නොවන බවට ජූරිය තීන්දු කර තිබෙන්නේ පැය හයකට වැඩි කාලයක් තිස්සේ කෙරුණු විවාදයකින් පසුව.

ge43f
තරග බිමෙන් විශ්‍රාම ගිය මේ පා දඟ පන්දු යවන්නා ඔහු‌ගේ පෞද්ගලික කොකේන් ගනුදෙනු කරන්නාව 2021 වසරේදී හවුල්කරුවෙකුට හඳුන්වා දුන් බව පොලිසිය ප්‍රකාශ කළා. පසුව එම ගනුදෙනු කරන්නා සහ හවුල්කරු අමෙරිකානු ඩොලර් 200,000ක මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් ඔවුන් අතර සංවිධානය කළ බව පොලිසිය පවසනවා.

මැක්ගිල් පසුව සිදුවූ ගනුදෙනුවට සහභාගි නොවුන ද, ඔහු තහනම් කරන ලද මත්ද්‍රව්‍යක් සැපයීමේ ක්‍රියාදාමයට දැනුවත්ව කොටස්කරුවෙකු වීමේ චෝදනාවට වරදකරු බවට ජුරිය තීරණය කළ බව සිඩ්නි දිස්ත්‍රික් අධිකරණ වාර්තාවලින් පෙන්නුම් කරනවා. මේ වෙනුවෙන් ඔහුට පනවන දඬුවම මැයි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

fge63

ස්ටුඅර්ට් මැක්ගිල් 1998 හා 2008 අතර කාලය තුළ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 44කට සහ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග තුනකට ක්‍රීඩා කළා.

ඔහු ටෙස්ට් කඩුලු 208ක් සහ එක්දින කඩුලු 6ක් ලබා ගත්ත ද, සිය ක්‍රීඩා දිවිය එදා මෙදා තුර බිහිවූ එක් විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන්ගේ ක්‍රීඩා දිවිය සමග සමපාතී වීමට තරම් ස්ටුඅර්ට් මැක්ගිල් අවාසනාවන්ත වුණා.

xfge6
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනාවට හිටපු ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන්නා වරදකරු වෙයි | The Leader