The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චමරිගේ සුපිරි ඉනිම සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

T

The Leader Desk

March 15, 2025 • 6:22 AM

චමරිගේ සුපිරි ඉනිම සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්ය.
  • රාත්‍රී තරගයක් ලෙස ක්‍රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.
  • එහිදී, Emma McLeod ලකුණු 44ක්ද, නායිකා Suzie Bates ලකුණු 21ක්ද, Jess Kerr ලකුණු 10ක්ද රැස් කළ අතර, අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට හැකි වුණේ නැත.
  • පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුළු 03ක්ද, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීශා දිල්හාරි කඩුළු 02 බැගින්ද, සුගන්ධිකා කුමාරි මෙන්ම චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්ය.

රාත්‍රී තරගයක් ලෙස ක්‍රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.

එහිදී, Emma McLeod ලකුණු 44ක්ද, නායිකා Suzie Bates ලකුණු 21ක්ද, Jess Kerr ලකුණු 10ක්ද රැස් කළ අතර, අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට හැකි වුණේ නැත.

පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුළු 03ක්ද, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීශා දිල්හාරි කඩුළු 02 බැගින්ද, සුගන්ධිකා කුමාරි මෙන්ම චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

 



අනතුරුව ලකුණු 102ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 01 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණි.

එහිදී, නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 64ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 07ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 02ක්ද, කවීශා දිල්හාරි ලකුණු 12ක් සහ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 12ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළාය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...