The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසිලන්තයේ සෑම් රූත්: මිනිත්තු හතරට අඩුවෙන් සැතැපුම ධාවනය කළ ළාබාලතම ක්‍රීඩකයා

T

The Leader Desk

March 20, 2025 • 9:02 AM

නවසිලන්තයේ සෑම් රූත්: මිනිත්තු හතරට අඩුවෙන් සැතැපුම ධාවනය කළ ළාබාලතම ක්‍රීඩකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු කළින් තිබූ වාර්තාව තත්පර දෙකකින් ඊයේ බිඳ දැමුවේ ඔ්ක්ලන්ඩ් නුවර Mr.
  • නවසිලන්තයේ ටඋරොන්ගා නමැති උතුරු දූපත් නගරයේ වැසියකු වන මේ 15 හැවිරිදි ධාවකයා මේ ජයග්‍රහණයත් සමග සැතැපුමේ ඉලක්කය සාර්ථක කර ගත් 49 වැනි නවසිලන්ත ජාතිකයා බවට පත්වුනා.
  • අවසානයේ රූත්, ටැනර් ට පිටුපසින් වාර්තාගත මිනිත්තු 3 යි තත්පර 58.35කින් තරගය දෙවැනියට අවසන් කළා.
  • බෙන් වෝල් ද පළමු වතාවට මේ බාධකය බිඳිමින් මිනිත්තු 3 යි තත්පර 59ක් සටහන් කළ අතර මේ තිදෙනා ම මිනිත්තු හතරකට අඩුවෙන් තරගය අවසන් කිරීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු කළින් තිබූ වාර්තාව තත්පර දෙකකින් ඊයේ බිඳ දැමුවේ ඔ්ක්ලන්ඩ් නුවර Mr. Smart ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී.

නවසිලන්තයේ ටඋරොන්ගා නමැති උතුරු දූපත් නගරයේ වැසියකු වන මේ 15 හැවිරිදි ධාවකයා මේ ජයග්‍රහණයත් සමග සැතැපුමේ ඉලක්කය සාර්ථක කර ගත් 49 වැනි නවසිලන්ත ජාතිකයා බවට පත්වුනා.

 

ඔලිම්පික් ක්‍රීඩක සෑම් ටැනර් තරගයේ දෙවැනි භාගයේදී රූත් ට පෙරමුණ ගැනීමට සහාය වුනා. අවසානයේ රූත්, ටැනර් ට පිටුපසින් වාර්තාගත මිනිත්තු 3 යි තත්පර 58.35කින් තරගය දෙවැනියට අවසන් කළා.

බෙන් වෝල් ද පළමු වතාවට මේ බාධකය බිඳිමින් මිනිත්තු 3 යි තත්පර 59ක් සටහන් කළ අතර මේ තිදෙනා ම මිනිත්තු හතරකට අඩුවෙන් තරගය අවසන් කිරීම විශේෂත්වයක්. ටැනර් තරගය ජය ගත්තේ මිනිත්තු 3 යි තත්පර 58.29කින්.

සිය 16 වැනි උපන්දිනයට දින 24ක් අඩුවෙන් තිබියදී මේ වාර්තාගත දක්ෂතාව සටහන් කළ රූත් මකා දැමුවේ ජනවාරියේ වංගනූයී නගරයේ පැවති Cooks Classic තරගයේදී ඔහු විසින් ම වාර්තා කළ හොඳම කාලය වූ මිනිත්තු 4 යි තත්පර 1.72.

 

ruthe1

රූත් මෑත කාලය පුරාම සිරස්තල මවමින් සිටිනවා. ඔහු ප්‍රථමයෙන් වසර 15ක් පැරණි මීටර් 3000 වාර්තාව නොවැම්බරයේදී මකා දැමූ අතර ඉන්පසු එය දෙවතාවක් පහතට ගෙන එමින් තවත් නවසිලන්ත උතුරු දූපතක් වන හැස්ටිංග්ස් හි පැවති ආසන්නතම තරගයේදී මිනිත්තු 7 යි තත්පර 56.18ක කාලයක් සටහන් කළා.

ඒ ජයග්‍රහණය රූත්ව එදා මෙදා තුර ඕනෑම ඉසව්වක ළාබාලතම ජ්‍යෙෂ්ඨ ජාතික ශූරයා බවට පත් කළා.

 

Sam Ruthe 1 1
ඉක්බිති, නවසිලන්ත ජවන හා පිටිය ශූරතාවලියේදී රූත් සිතා ගැනීමට නොහැකි දෙයක් කරමින් ජ්‍යෙෂ්ඨ මීටර් 1500 ඉසව්වේ ටැනර් සමග සම රන් පදක්කම්ලාභියා බවට පත්වුනා.

එහි මූලික තරගයේ ඔවුන් සටහන් කළ මිනිත්තු 3 යි තත්පර 44.31 ජාතික තරග ඉතිහාසයේ පෙර නොවූ විරූ දක්ෂතාවක්.

රූත්‌ගේ මේ හපන්කම් ඔහුව ක්‍රීඩාවේ වඩාත්ම ඉහළ පෙළැන්තියට දමා තිබෙනවා.

 

physed brothers videoSixteenByNineJumbo1600

දෙවතාවක් ඔලිම්පික් ශූරයා සහ වර්තමානයේ තෙවතාවක් ලෝක වාර්තාවේ හිමිකාරයා බවට පත්ව සිටින නෝවේ රටේ Jakob Ingebrigtsen මිනිත්තු 3 යි තත්පර 58.07ක ධාවනයක යෙදුනේ ඔහුට වයස අවුරුදු 16දී. ඔස්ට්‍රේලියාවේ Cam Myers මිනිත්තු 3 යි තත්පර 55.44ක් සටහන් කරමින් 16 වැනි වියේ පසුවන්නෙකුගේ වර්තමාන හොඳම කාලයේ වාර්තාව හිමිකර ගෙන සිටිනවා.

සැතැපුමේ තරගයේ නවසිලන්තය සතුව තිබෙන්නේ කතාන්දරයක් බඳු ඉතිහාසයක්. සර් ජෝන් වෝකර් 1975 වසරේදී සැතැපුම සඳහා වන මිනිත්තු 3 යි තත්පර පනස් ගණන්වල සීමාව බිඳ දැමූ පළමු පුද්ගලයා බවට පත්වුනේ ඊට පසු වසරේදී මීටර් 1500 ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට පෙර.

වෝකර් ට පෙර, සර් පීටර් ස්නෙල් හා ජැක් ලව්ලොක් වැනි නවසිලන්ත ශ්‍රේෂ්ඨයන් ලෝක වාර්තා පිහිටුවමින් මැද-දුර දිවීම යළි නිර්වචනය කළා.

සැතැපුම මැද-දුර ධාවනයේ මිනුම් ලකුණ බවට මිනිත්තු හතර පත්ව තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ සර් රොජර් බැනිස්ටර් ප්‍රථම වතාවට 1954 වසරේදී එම සලකුණට අඩුවෙන් ධාවනය කළ දා පටන්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නවසිලන්තයේ සෑම් රූත්: මිනිත්තු හතරට අඩුවෙන් සැතැපුම ධාවනය කළ ළාබාලතම ක්‍රීඩකයා | The Leader