ඒ අනුව Kirsty Conventry වසර 130ක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසයේ සභාපතිනිය ලෙස තේරී පත් වූ පළමු කාන්තාව මෙන්ම එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා වන අතර එම තනතුරට පත් වූ ළාබාලම පුද්ගලයා ද වේ.

මේ වසරේ ජුනි මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ දහවන සභාපතිනිය ලෙස ඇය නිල වශයෙන් පත් වනු ඇත. ඒ මෙතෙක් ධුරයේ කටයුතු කළ Thomas Bach ගේ ඉවත් වීමෙන් පසුව ය. ඒ අනුව අවම වශයෙන් ඉදිරි වසර 8ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ලෙස ඇය කටයුතු කරනු ඇත.

1983 වසරේදී උපත ලැබූ Kirsty Conventry සිම්බාබ්වේ ජාතිකයෙකි. 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇයගේ මංගල ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. ඇය 2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහ 2008 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 200 පසුපස ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම්ලාභිනියයි.
අනතුරුව 2016 දී රියෝ ඔලිම්පික් හි අවසන් වරට තරග කළ ඇය ඔලිම්පික් පදක්කම් හතක් එනම් රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් එකක් දිනා ගෙන ඇත. එමෙන්ම ඇය 2018 සිට මේ දක්වා සිම්බාබ්වේ හි ක්‍රීඩා අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරයි.

පළමුව ඇයගේ නායකත්වයෙන් 2026 මිලානෝ ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙල පැවැත්වෙනු ඇති අතර, එහි සමාරම්භක උත්සවයට ඉතිරිව පවතින්නේ මාස 11 කටත් වඩා අඩු කාලයකි.
දිනුෂි ධීරසිංහ



