The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කවෙන්ට්‍රිගේ ජයග්‍රහණයෙන් රුසියාවේ බලාපොරොත්තු අලුත් වෙයි

T

The Leader Desk

March 22, 2025 • 3:04 PM

කවෙන්ට්‍රිගේ ජයග්‍රහණයෙන් රුසියාවේ බලාපොරොත්තු අලුත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිම්බාබ්වේ ක්‍රීඩා ඇමතිවරිය අතිවිශිෂ්ට ඡන්ද ජයග්‍රහණයකින් IOC නායිකාව ලෙස තේරී පත්වීම ගැන සුභ පතමින් රුසියානු ජනාධිපති ව්ලැඩමී පුටින් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.
  • “ඇයගේ අද්විතීය පළපුරුද්ද සහ ඔලිම්පික් ව්‍යාපාරයේ උදාර පරමාදර්ශ ඉදිරියට ගෙන යාම පිණිස ඇයට තිබෙන කැපවීම අපේ දියුණුවට ආධාර වේවි කියා මට විශ්වාසයි.” කවෙන්ට්‍රි IOC සභාපති ධූරයේ පළමු කාන්තාව බවට පත්වූයේ පිරිමි අපේක්ෂකයින් හය දෙනෙකු පරාජය කරමින් වීම විශේෂත්වයක්.
  • වසර 131ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ඔලිම්පික් ව්‍යාපාරය මින් ඉදිරියට මෙහෙයවනු ලබන්නේ යුරෝපයේ හෝ අමෙරිකාවේ නොවන පුද්ගලයෙකු විසින්.
  • ඊට අමතරව, 41 වැනි වියේදී කවෙන්ට්‍රි ඔලිම්පික් ඉතිහාසයේ ළාබලතම සභාපති සහ එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා ද වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සිම්බාබ්වේ ක්‍රීඩා ඇමතිවරිය අතිවිශිෂ්ට ඡන්ද ජයග්‍රහණයකින් IOC නායිකාව ලෙස තේරී පත්වීම ගැන සුභ පතමින් රුසියානු ජනාධිපති ව්ලැඩමී පුටින් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

 

“ඇයගේ අද්විතීය පළපුරුද්ද සහ ඔලිම්පික් ව්‍යාපාරයේ උදාර පරමාදර්ශ ඉදිරියට ගෙන යාම පිණිස ඇයට තිබෙන කැපවීම අපේ දියුණුවට ආධාර වේවි කියා මට විශ්වාසයි.”


කවෙන්ට්‍රි IOC සභාපති ධූරයේ පළමු කාන්තාව බවට පත්වූයේ පිරිමි අපේක්ෂකයින් හය දෙනෙකු පරාජය කරමින් වීම විශේෂත්වයක්. වසර 131ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ඔලිම්පික් ව්‍යාපාරය මින් ඉදිරියට මෙහෙයවනු ලබන්නේ යුරෝපයේ හෝ අමෙරිකාවේ නොවන පුද්ගලයෙකු විසින්.

ඊට අමතරව, 41 වැනි වියේදී කවෙන්ට්‍රි ඔලිම්පික් ඉතිහාසයේ ළාබලතම සභාපති සහ එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා ද වනවා.

කර්ස්ටී කවෙන්ට්‍රිගේ ජයග්‍රහණයෙන් රුසියාව ඉතාම සතුටට පත්ව සිටින්නේ යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඔලිම්පික් ව්‍යාපාරයෙන් ඉවත් කර තිබෙන රුසියාව ට ඇගෙන් පිළිසරණක් ලැබේවි යන අපේක්ෂාවෙන්. ඒ අනුව රුසියානු ක්‍රීඩා ඇමති Mikhail Degtyarev කවෙන්ට්‍රිගේ තේරී පත්වීම සාදරයෙන් පිළිගන්නේ ශක්තිමත්, වඩාත් නිදහස් ඔලිම්පික් ව්‍යාපාරයක ඉදිරි දැක්මක් ඇගෙන් බලාපොරොත්තු වෙමින්.

“නව සභාපතිවරයෙකුගේ නැගී එන නායකත්වය දැකීමෙන් අපි සතුටු වෙනවා. රුසියාව ඔලිම්පික් පදක්කම් ප්‍රදානය කිරීමේ වේදිකාවේ ඔවුන්ට හිමි ස්ථානය නැවත ලබා ගනු දැකීම අපේ ප්‍රාර්ථනාවයි” යනුවෙන් රුසියානු ඔලිම්පික් කමිටුවේ ද ප්‍රධානියා වන Degtyarev පවසනවා.

IOC සභාපතිවරණයට දින දෙකකට පෙර කවෙන්ට්‍රි The New York Times පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී රුසියාව සම්බන්ධයෙන් තිබෙන ඇගේ මතය මෙසේ ප්‍රකාශ කර තිබුණා. “අපි පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දුටු දෙය ඉතාම සාධාරණයි කියා මම විශ්වාස කරනවා. යුද්ධයට විවෘතව සහාය දුන් රුසියාවේ හා බෙලරුසියාවේ ක්‍රීඩකයන්ට ආරාධනා කරන්නේ නැහැ කියලා අපි කීවා.”

එහෙත් ඔලිම්පික් ප්‍රවාහයට විශේෂයෙන් රුසියාව යළි එකතු කිරීම මගින් ‘සියලු රටවල අන්තර්ගතය’ තහවුරු කිරීම තම ප්‍රධාන අරමුණ බව ගෝලීය ක්‍රීඩාවේ වඩාත්ම බලගතු පාලක මණ්ඩලයේ 10 වැනි සභාපති ලෙස තේරී පත්වීමට පෙර කවෙන්ට්‍රි ස්ථිරව කියා තිබුණා. “IOCය ලෙස අපේ කාර්යභාරය විය යුත්තේ සියලුම ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙලට සහභාගි විය හැකි බවට තහවුරු කිරීම. එය යුරෝපය හා මැද පෙරදිග සිදුවන ප්‍රධාන යුද්ධ කිරීම් හා ගැටුම් ගැන පමණක් නෙවෙයි. අප්‍රිකාවේත් යුද්ධ හා ගැටුම් තියෙනවා. අපි කොහොමද මේ ක්‍රීඩකයන්ට සහයෝගය ලබා දී ඔවුන් ආරක්ෂා කරන්නේ?”


“IOC සභාපති ලෙස මාව තෝරා ගත්තොත්, ක්‍රීඩකයන්ට ප්‍රමුඛතාව දෙමින් මේ ගැටුම්කාරී කාල වකවානු යාත්‍රා කිරීමට අපට උපකාරී වන මාර්ගෝපදේශ කිහිපයක් නිර්මාණය කිරීම සඳහා කාර්ය සාධන කණ්ඩායමක් මම ස්ථාපිත කරනවා” යනුවෙන් කවෙන්ට්‍රි අවධාරණය කර තිබුණා. මේ හිටපු පිහිනුම් ශූරිය හමුවේ තිබෙන ප්‍රබලතම හා ඉක්මනින් ම විසඳා ගත යුතු කාරණය වී තිබෙන්නේ රුසියානු ක්‍රීඩකයන්ගේ ඉරණම පිළිබඳ ප්‍රශ්නය යි.


2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දැඩි නීති යටතේ රුසියාව නියෝජනය වූයේ මධ්‍යස්ථ ධජයක් යටතේ තරග කළ ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමකගෙන් පමණයි. මේ සම්බන්ධයෙන් රුසියාව IOCය විවේචනය කළේ ඔවුන් ජාතිවාදීව හා අන්තවාදීව කටයුතු කරන බවට චෝදනා කරමින්. මේ අතර IOCය රුසියාව විවේචනය කරමින් ඔවුන් ක්‍රීඩාව දේශපාලනීකරණය කරන බවට චෝදනා කළා. දැන් කවෙන්ට්‍රි IOCය මෙහෙයවමින් සිටින බැවින් ඇය සිතියම් කරන මාර්ගය ක්‍රෙම්ලිනයේ අපේක්ෂාවන් සමග පෙළ ගැසේවිද යන්න අනාගතය අපට කියාවි.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :

සිම්බාබ්වේ ඔලිම්පික් ශූරී කවෙන්ට්‍රි නිරායාසයෙන් IOC සභාපති ඡන්ද සටන ජයගනී

IOCයේ පවතින තත්ත්වයට අභියෝග කිරීමට සැරසෙන සිම්බාබ්වේ ‘රත්තරං කෙල්ල’


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කවෙන්ට්‍රිගේ ජයග්‍රහණයෙන් රුසියාවේ බලාපොරොත්තු අලුත් වෙයි | The Leader