The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක මලල ක්‍රීඩා: උපතින්ම කාන්තාවක්දැයි සොයා ගැනීමට කම්මුල් පරීක්ෂණයක්

T

The Leader Desk

March 26, 2025 • 10:27 AM

ලෝක මලල ක්‍රීඩා: උපතින්ම කාන්තාවක්දැයි සොයා ගැනීමට කම්මුල් පරීක්ෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ක්‍රීඩා ලෝකයේ ඇතිව තිබෙන ස්ත්‍රී - පුරුෂ බවේ ගැටළුවට පිළියමක් ලෙස මේ අලුත් ක්‍රමවේදයට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය අවතීර්ණව සිටිනවා.
  • Cheek swab test යනුවෙන් හැඳින්වෙන මේ පරීක්ෂණය පිස්නාවකින් මෘදු ලෙස කම්මුල ඇතුල් පැත්තෙන් සෛල සූරමින් DNA එකතු කරගන්නා ක්‍රමවේදයක්.
  • ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ තීරණ ගැනීමේ කවුන්සලය විසින් ගෙන තිබෙන මේ තීරණය කාන්තා තරග අංශය ආරක්ෂා කිරීමේ ඇත්තටම වැදගත් ක්‍රමයක් බව එම සම්මේලනයේ ප්‍රධානියා වන සෙබැස්ටියන් කෝ ප්‍රකාශ කරනවා.
  • සෙබැස්ටියන් කෝ “මෙය ඉතා වැදගත් ක්‍රමයක් වන්නේ එමගින් කාන්තාවන්ගේ ක්‍රීඩාවේ අවංකත්වය ගැන කතා කරමින් සිටිනවා පමණක් නොව ඇත්තෙන්ම එය තහවුරු කිරීමක් ද සිදුවන නිසා” යනුවෙන් කෝ පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්තමාන ක්‍රීඩා ලෝකයේ ඇතිව තිබෙන ස්ත්‍රී - පුරුෂ බවේ ගැටළුවට පිළියමක් ලෙස මේ අලුත් ක්‍රමවේදයට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය අවතීර්ණව සිටිනවා.

Cheek swab test යනුවෙන් හැඳින්වෙන මේ පරීක්ෂණය පිස්නාවකින් මෘදු ලෙස කම්මුල ඇතුල් පැත්තෙන් සෛල සූරමින් DNA එකතු කරගන්නා ක්‍රමවේදයක්.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ තීරණ ගැනීමේ කවුන්සලය විසින් ගෙන තිබෙන මේ තීරණය කාන්තා තරග අංශය ආරක්ෂා කිරීමේ ඇත්තටම වැදගත් ක්‍රමයක් බව එම සම්මේලනයේ ප්‍රධානියා වන සෙබැස්ටියන් කෝ ප්‍රකාශ කරනවා.

lord seb coeසෙබැස්ටියන් කෝ
“මෙය ඉතා වැදගත් ක්‍රමයක් වන්නේ එමගින් කාන්තාවන්ගේ ක්‍රීඩාවේ අවංකත්වය ගැන කතා කරමින් සිටිනවා පමණක් නොව ඇත්තෙන්ම එය තහවුරු කිරීමක් ද සිදුවන නිසා” යනුවෙන් කෝ පවසනවා.

“විශ්වාසය ඇති කරවමින් තරගාවලියන්හි අවංකත්වය කෙරෙහි සම්පූර්ණ අවධානය පවත්වා ගෙන යාමට මෙය ඇත්තටම වැදගත් ක්‍රමයක් බට අපට හැඟෙනවා.”

මේ පරීක්ෂණය හඳුන්වා දීමේ දිනයක් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් තවමත් ප්‍රකාශයට පත්කර නැති අතර එය මේ වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක ශූරතාවලියට පෙර ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙනවා.

 



මේ කම්මුල් ආශ්‍රිත පරීක්ෂණය හඳුන්වා දීමේ තීරණය ගනු ලැබුවේ එම යෝජනාව සම්බන්ධයෙන් පුළුල් වශයෙන් කරුණු සොයා බැලීමෙන් පසුව බව කෝ සඳහන් කරනවා.

මේ ප්‍රතිපත්තිය නීතිමය අභියෝගයන් හමු‌වේ නොසැලී තිබෙනු ඇතැයි තමාට විශ්වාස බව ලෝක මලල ක්‍රීඩා සභාපතිවරයා කියනවා.

“අභියෝගවලට කෙළින්ම මුහුණ දෙන්න මම සූදානම් නැත්නම්, මම කිසිවිටකත් ක්‍රීඩාවේ කාන්තා අංශය ආරක්ෂා කරන්න මේ මාර්ගය තෝරා ගන්නේ නැහැ” සෙබැස්ටියන් කෝ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

olympic

ඔහු මේ ප්‍රතිපත්තිය නිවේදනය කළේ සිම්බාබ්වේ හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරී කර්ස්ටී කවෙන්ට්‍රි ජයග්‍රහණය කළ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරණයේ තෙවැනි ස්ථානයට පත්වීමෙන් සතියකට පසුව.



(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක මලල ක්‍රීඩා: උපතින්ම කාන්තාවක්දැයි සොයා ගැනීමට කම්මුල් පරීක්ෂණයක් | The Leader