The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තුර්කියේ ස්කී හෝටලයක ගින්නෙන් ඔලිම්පික් ක්‍රීඩකයා සහ පියා මරුට

T

The Leader Desk

March 28, 2025 • 11:17 AM

තුර්කියේ ස්කී හෝටලයක ගින්නෙන් ඔලිම්පික් ක්‍රීඩකයා සහ පියා මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්කී ක්‍රීඩා ලෝකය මහත් කම්පාවට පත්ව සිටින බර්කින් අස්ට (Berkin Usta) ක්‍රීඩකයාගේ මේ ඛේදජනක මරණය ඇසෙන්නේ ඔහුගේ තුර්කි උපන් ගමෙන්.
  • කෙසේ වෙතත්, ගින්න හටගත් අවස්ථාවේ එම හෝටලයේ 12 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බව සඳහන්.
  • දුම ආශ්වාස කිරීම නිසා වේදනා විඳිමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු රෝහලට රැගෙන ගොස් තිබෙනවා. 24 හැවිරිදි අස්ට හා ඔහුගේ පියා මේ අත්හැර දමා තිබූ හෝටලයේ ලැගුම් ගෙන සිටීමට හේතු වූ කාරණාව පැහැදිලි නැති අතර ගින්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා.
  • මීට මාස දෙකකට පෙර, පාසල් නිවාඩු කාලය අතරතුර තවත් තුර්කි ස්කී හෝටලයක හටගත් බිය උපදවන ගින්නකින් පුද්ගලයින් 79 දෙනෙක් මිය ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):


ස්කී ක්‍රීඩා ලෝකය මහත් කම්පාවට පත්ව සිටින බර්කින් අස්ට (Berkin Usta) ක්‍රීඩකයාගේ මේ ඛේදජනක මරණය ඇසෙන්නේ ඔහුගේ තුර්කි උපන් ගමෙන්.

ගින්න හටගත්තේ තුර්කියේ Bursa ප්‍රාන්තයේ Uludag කන්දේ පිහිටි Kervansaray හෝටලයේ. මේ හෝටලයට ලබා දී තිබූ ඉඳුම් හිටුම් බලපත්‍රය පසුගිය ජනවාරි මාසයේ අවලංගු කර තිබුනා.

 

7da96b49f8d2c63d09a06f602830c286

කෙසේ වෙතත්, ගින්න හටගත් අවස්ථාවේ එම හෝටලයේ 12 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බව සඳහන්. දුම ආශ්වාස කිරීම නිසා වේදනා විඳිමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු රෝහලට රැගෙන ගොස් තිබෙනවා.  24 හැවිරිදි අස්ට හා ඔහුගේ පියා මේ අත්හැර දමා තිබූ හෝටලයේ ලැගුම් ගෙන සිටීමට හේතු වූ කාරණාව පැහැදිලි නැති අතර ගින්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා.

p0kl5g75

 

මීට මාස දෙකකට පෙර, පාසල් නිවාඩු කාලය අතරතුර තවත් තුර්කි ස්කී හෝටලයක හටගත් බිය උපදවන ගින්නකින් පුද්ගලයින් 79 දෙනෙක් මිය ගියා.

අස්ට සහ ඔහුගේ 57 හැවිරිදි පියා ට මරු කැඳවූ ගින්න උදේ 5.30 ට ආරම්භ වූ බව පැවසෙනවා. ගින්න හටගෙන තිබෙන්නේ හෝටලයේ ආපන ශාලාවේ. අස්ටගේ මව ද මේ තට්ටු හයකින් යුත් හෝටලයේ නවාතැන් ගෙන සිටි බව වාර්තා වූව ද ඇයගේ තත්ත්වය පිළිබඳව මේ දක්වා කරුණු අනාවරණය වී නැහැ.

ගිනි නිවන කණ්ඩායම්වලට ගින්න පාලනය කිරීම සඳහා ගතව තිබෙන්නේ පැය දෙකකට අඩු කාලයක්. නමුත් ඒ වන විට හෝටලයේ ඉහළ තට්ටු විනාශ වී තිබුනා.

 

vy4

මේ ඛේදවාචකයට පැය කිහිපයකට පෙර අස්ට උණුසුම් පෙනුමකින් සිටින වීඩියෝවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් කතාවට එක්කර තිබුනා. එම ඡායාරූපයේ ඔහු ලී කොටවලින් සාදාගත් ගින්නක් අසල සිටින්නේ දෛවෝපගත දර්ශනයක් සටහන් කරමින්.

ඇල්පයින් උස් කඳුකරයෙහි තුර්කි ජාතික ස්කී ක්‍රීඩකයෙකු බවට අස්ට පත්වූයේ ඔහුගේ පියා වන Yahya Usta අනුගමනය කරමින්.

2022 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග වැදුනු බර්කින් අස්ට ස්කීක්‍රාෆ්ට් කණ්ඩායමේ නිර්මාතෘවරයෙක්. ඔහුගේ පියා තුර්කි ස්කී හා ස්නෝබෝඩ් ගුරුවරුන්ගේ සංගමයේ සභාපතිව සිටියා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...