The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඡන්ද සටන් නැති ක්‍රිකට් නිලවරණය අද - ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති ධුරයට

T

The Leader Desk

March 31, 2025 • 5:36 AM

ඡන්ද සටන් නැති ක්‍රිකට් නිලවරණය අද - ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයට අදාළව යම් තනතුරු සඳහා කිහිපදෙනෙක් ඉදිරිපත් වී සිටියද, අවසන් මොහොතේ අවබෝධාත්මක ඉල්ලා අස්වීම් සමග අද දිනයේ සියලු තනතුරු නිතරගයෙන් පත්වනු ඇතැයි පැවසේ.
  • ක්‍රිකට් ආයතනයේ විධායක ධුරයන් 6ක් සඳහා පසුගිය ජනවාරි මස 22 වැනිදායින් අවසන් වූ නාමයෝජනා භාරගැනීමේ කාල සීමාවේදී යෝජනා ඉදිරිපත් වූ අතර ඉන් බහුතරය සුපුරුදු නිල මඬුල්ලේ මුහුණුම වේ.
  • මෙවර නිලවරණයේ සුවිශේෂී කරුණක් වනුයේ, වත්මන් සභාපති ශම්මි සිල්වා ඡන්ද හිමි ක්‍රීඩා සමාජ 60න් 56ක ම ඡන්දයෙන් යෝජනා ස්ථීරව තිබීමයි.
  • ඔහුට අමතරව ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන නම් සභාපති ධුරයට යෝජනා වී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එයට අදාළව යම් තනතුරු සඳහා කිහිපදෙනෙක් ඉදිරිපත් වී සිටියද, අවසන් මොහොතේ අවබෝධාත්මක ඉල්ලා අස්වීම් සමග අද දිනයේ සියලු තනතුරු නිතරගයෙන් පත්වනු ඇතැයි පැවසේ.

ක්‍රිකට් ආයතනයේ විධායක ධුරයන් 6ක් සඳහා පසුගිය ජනවාරි මස 22 වැනිදායින් අවසන් වූ නාමයෝජනා භාරගැනීමේ කාල සීමාවේදී යෝජනා ඉදිරිපත් වූ අතර ඉන් බහුතරය සුපුරුදු නිල මඬුල්ලේ මුහුණුම වේ.

මෙවර නිලවරණයේ සුවිශේෂී කරුණක් වනුයේ, වත්මන් සභාපති ශම්මි සිල්වා ඡන්ද හිමි ක්‍රීඩා සමාජ 60න් 56ක ම ඡන්දයෙන් යෝජනා ස්ථීරව තිබීමයි. ඔහුට අමතරව ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන නම් සභාපති ධුරයට යෝජනා වී තිබුණි.

නමුත් මෙවරද ශම්මි සිල්වා නිතරගයෙන් පත්වෙමින් ඉදිරි වසර දෙක සඳහා ද සභාපති ධුරය හෙබවීමට වරම් ලබනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම මොහාන් ද සිල්වා ඉල්ලා අස්වීමත් සමගින් උප ලේකම් ධුරයේ සිට එහි වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ ක්‍රිශාන්ත කපුවත්ත මෙවර එම ප්‍රධාන ලේකම් ධුරයට පත්වනු ඇතැයි පැවසේ.

මෙවර උප ලේකම් ධුරය සඳහා ‍යෝජිත නාම යෝජනා තුනක් ඉදිරිපත් වී තිබුණිද අදාළ තනතුරට මේ අතරින් කව්රුන් පත්වනු ඇතිද යන්න ගැන පැහැදිළි තොරතුරක් වාර්තා නොවීය.

| aruna



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...