The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

වෙළඳසේවා රග්බි සෙවන්ස් ශූරතාව ලින්ක් නැචුරල්ස් ප්‍රොඩක්ට්ස් පිලට

T

The Leader Desk

September 15, 2025 • 9:29 AM

වෙළඳසේවා රග්බි සෙවන්ස් ශූරතාව ලින්ක් නැචුරල්ස් ප්‍රොඩක්ට්ස් පිලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රථම වතාවට වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලියට සහභාගි වූ ලින්ක් නැචුරල්ස් ප්‍රොඩක්ට්ස් කණ්ඩායම සමස්ත තරගාවලිය පුරා අපරාජිතව සිටිමින් ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
  • තරගයේ විවේක කාලය එළඹෙන විට ලින්ක් නැචුරල්ස් කණ්ඩායම ලකුණු 14-7කින් පෙරමුණ ගෙන සිටියා.
  • අවසාන තරගයේදී ඔවුන් වෙතින් ලකුණු 26-10කින් පරාජය ලැබුවේ සී.ඩී.බී.
  • කණ්ඩායම.‍ සෙලාන් බැංකුව ලකුණු 33-0කින් සෙලින්කෝ රක්ෂණ සමාගම පරදවමින් ‘බෝල්’ ශූරතාව හිමිකර ගත් අතර මාස් හෝල්ඩිංස් ලකුණු 30-14කින් කොමර්ෂල් ක්‍රෙඩිට් පරාජය කරමින් ‘ෂීල්ඩ්’ කිරුළ දිනා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එම කණ්ඩායම ‘කප්’ ශූරතාව හිමිකර ගත්තේ අවසාන තරගයේදී පර්ල් බීච් පැරඩයිස් කණ්ඩායම ලකුණු 31-14කින් පරාජය කරමින්. තරගයේ විවේක කාලය එළඹෙන විට ලින්ක් නැචුරල්ස් කණ්ඩායම ලකුණු 14-7කින් පෙරමුණ ගෙන සිටියා.

m 8

 

ජයග්‍රාහී ලින්ක් නැචුරල්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, ඩිනාල් ඒකනායක, ජනිඳු ඩිල්ෂාන් සහ චමෝද් ලක්ෂාන් ට්‍රයි ලබා ගත් අතර පර්ල් බීච් කණ්ඩායම ලකුණු ලබා ගත්තේ පෙනල්ටි ට්‍රයි එකකින් සහ ජයතු රාජරත්න ලබා ගත් ට්‍රයි දිනුමෙන්.

තරගාවලියේ ‘ප්ලේට්’ ශූරතාව හිමිකර ගත්තේ ජෝන් කීල්ස් හෝල්ඩිංස් කණ්ඩායම. අවසාන තරගයේදී ඔවුන් වෙතින් ලකුණු 26-10කින් පරාජය ලැබුවේ සී.ඩී.බී. කණ්ඩායම.‍

m 3
සෙලාන් බැංකුව ලකුණු 33-0කින් සෙලින්කෝ රක්ෂණ සමාගම පරදවමින් ‘බෝල්’ ශූරතාව හිමිකර ගත් අතර මාස් හෝල්ඩිංස් ලකුණු 30-14කින් කොමර්ෂල් ක්‍රෙඩිට් පරාජය කරමින් ‘ෂීල්ඩ්’ කිරුළ දිනා ගත්තා.

තරගාවලියේ වඩාත්ම දක්ෂ ක්‍රීඩකයාට පිරිනැමෙන ‘මොහාන් ඩැනියල් අනුස්මරණ කුසලානය’ හිමිකර ගත්තේ ලින්ක් නැචුරල්ස් කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර. ට්‍රයි 9ක් වාර්තා කළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ අංජන විනෝද් තරගාවලියේ වැඩිම ට්‍රයිලාභියාගේ කුසලානය හිමිකර ගත්තා.

m 6

 

අවසාන තරගයේ වීරයා වුනේ ට්‍රයි 2ක් ලබා ගත් ලින්ක් නැචුරල්ස් කණ්ඩායමේ ජනිඳු ඩිල්ෂාන්. සමස්ත තරගාවලියේ වීරයා ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර නම් කෙරුණා. හොඳම නැගී එන ක්‍රීඩකයාට හිමි කුසලානය දිනා ගත්තේ සෙලාන් බැංකු කණ්ඩායමේ මහතීර් රාබන්.

වෙළඳසේවා රග්බි සංගමයේ මෙහෙයවීමෙන් සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී මේ තරගාවලිය ඉතාමත් සාර්ථකව පැවැත්වුනේ 53 වැනි වතාවට.

 

h98909h 56u 5678567
ග්ලෙන් මැක්ස්වල්ගේ උත්කෘෂ්ට ODI ලෙගසිය(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෙළඳසේවා රග්බි සෙවන්ස් ශූරතාව ලින්ක් නැචුරල්ස් ප්‍රොඩක්ට්ස් පිලට | The Leader