The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

වෙළඳසේවා වොලිබෝල්: සුපර් ලීග් ශූරයෝ මැලිබන් ශූරියෝ මාස් කැෂුඅලයින්

T

The Leader Desk

September 16, 2025 • 11:40 AM

වෙළඳසේවා වොලිබෝල්: සුපර් ලීග් ශූරයෝ මැලිබන් ශූරියෝ මාස් කැෂුඅලයින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් ශූරයින් වීමට මැලිබන් කණ්ඩායම සමත් වුනා. ශූරියන් වූයේ මාස් කැෂුඅලයින් කණ්ඩායම.
  • සුපර් ලීග් කාන්තා අවසාන තරගයේදී මාස් කැෂුඅලයින් කණ්ඩායම ලකුණු 25-22, 25-14, 25-16කින් හයිඩ්රාමනි පිල පරාජය කළා.
  •   සුපර් ලීග් දක්ෂතම ක්‍රීඩකයා ලෙස මැලිබන් කණ්ඩායමේ එල්.ඒ.ඩී.සන්දීප ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මාස් කැෂුඅලයින් කණ්ඩායමේ ඩබ්ලිව්.ඒ.
  • වට පහක් පුරා ම ක්‍රීඩා කෙරුනු අවසාන තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 25-22, 25-22, 20-25, 25-27, 15-13කින් පරාජයට පත්වුනේ මැලිබන් කණ්ඩායම.
අකුරු ප්‍රමාණය (Font Size):


මැලිබන් කණ්ඩායම සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගත්තේ අවසාන තරගයේදී ඕෂන් ලංකා කණ්ඩායම ලකුණු 33-31, 25-23, 29-27කින් පරාජය කරමින්. සුපර් ලීග් කාන්තා අවසාන තරගයේදී මාස් කැෂුඅලයින් කණ්ඩායම ලකුණු 25-22, 25-14, 25-16කින් හයිඩ්රාමනි පිල පරාජය කළා.

 

v 8
සුපර් ලීග් දක්ෂතම ක්‍රීඩකයා ලෙස මැලිබන් කණ්ඩායමේ එල්.ඒ.ඩී.සන්දීප ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මාස් කැෂුඅලයින් කණ්ඩායමේ ඩබ්ලිව්.ඒ. සචිනි මදුවන්ති ද නම් කෙරුණා.

v 7
වෙළඳසේවා වොලිබෝල් චැම්පියන්ස් ශූරතා තරගාවලියේදී ශූරයින් වුනේ ඕෂන් ලංකා කණ්ඩායම. වට පහක් පුරා ම ක්‍රීඩා කෙරුනු අවසාන තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 25-22, 25-22, 20-25, 25-27, 15-13කින් පරාජයට පත්වුනේ මැලිබන් කණ්ඩායම.

චැම්පියන්ස් ශූරියන් ලෙස කිරුළු පැළඳුවේ මාස් කැෂුඅලයින් කණ්ඩායම. අනුශූරියන් වුනේ අවසාන තරගයේදී ලකුණු 25-18, 25-15, 25-19කින් පරාජය වූ ඔමේගා ලයින් කණ්ඩායම.

v 6
චැම්පියන්ස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඕෂන්ලංකා කණ්ඩායමේ ඩබ්ලිව්.එන්.පී. වීරසිංහ තේරුණු අතර දක්ෂතම ක්‍රීඩිකාව වුනේ මාස් කැෂුඅලයින් කණ්ඩායමේ පී.එච්.පාරින්දි දිසානායක.

v 5
මේ තරගාවලිය පසුගිය සතිඅන්තයේ පැවැත්වුනේ වෙන්නප්පුව ඇල්බර්ට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ.

ග්ලෙන් මැක්ස්වල්ගේ උත්කෘෂ්ට ODI ලෙගසිය(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...