The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ආසියානු කුසලානයේ පාකිස්තාන ඉරණම තීරණය කිරී‌මේ හදිසි රැස්වීමක්

T

The Leader Desk

September 17, 2025 • 10:01 AM

ආසියානු කුසලානයේ පාකිස්තාන ඉරණම තීරණය කිරී‌මේ හදිසි රැස්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් ක්‍රීඩා කරනවා ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ඊයේ රාත්‍රියේ හදිසි රැස්වීමක් කැඳවූ බව Cricbuzz වාර්තා කරනවා. පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ මුලික වටයේ අවසාන තරගය අද (බදාදා) රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.
  • ඉන්දියා කණ්ඩායම මෙසේ හැසිරුනේ සිය පරම ප්‍රතිවාදීන් වන පාකිස්තානය සමග තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඉන්දියා ජනතාවගෙන් එල්ල වී තිබෙන විරෝධතාවලින් පසුව.
  • (සටහන | වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com      
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියාව සමග පැවති තරගයේදී ඇතිවූ දෙපිලේ ක්‍රීඩකයන්ගේ අතට අත දීමේ මතභේදාත්මක සිද්ධියෙන් පසුව ඇන්ඩි පයික්‍රොෆ්ට් තරගාවලියේ තරග තීරක මඬුල්ලෙන් ඉවත් කරන ලෙසට PCBය කළ ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පරස්පර සංඥා නිකුත් කර තිබෙනවා.

ඩුබායි දේශයේ අධික උෂ්ණත්වය යටතේ පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනාම ඊයේ දැඩි වෙහෙසකාරී පුහුණුවීම්වල නිරතව සිටිය ද, පිටියෙන් පිටතදී ඔවුන් ලාහෝරයේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් උපදෙස් ලැබෙන තුරු බලා සිටි බව එම වාර්තාව සඳහන් කරනවා.

 

Mohsin NaqviPCB ප්‍රධානී මෝසින් නක්වි
PCB ප්‍රධානී මෝසින් නක්වි ඉස්ලාමාබාද් නුවර සිට ලාහෝර නගරයට පැමිණීමෙන් පසුව රාත්‍රී සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී ඔහු පාකිස්තාන කණ්ඩායම ආසියානු තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් පාකිස්තාන රජයෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් එම වාර්තාවෙන් ප්‍රකාශ වනවා.

පාකිස්තානය ට එරෙහිව ඉරිදා ලැබූ කඩුලු හතක ජයග්‍රහණයෙන් පසුව තම කණ්ඩායමේ ක්‍රියා පිළිවෙත අනුමත කරමින් කතා කළ ඉන්දියා ක්‍රිකට් නායක සූර්යකුමාර් යාදව්, ඔවුන් පාකිස්තාන ක්‍රීඩකයින් සමග අතට අත නොදීමේ  ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළේ පාකිස්තානයේ සහාය ලබන ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයන් 26 දෙනෙකුට මරු කැඳවමින් සිදුකළ පහල්ගම් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල් සමග තම කණ්ඩායමේ තිබෙන සහයෝගිතාව බව පෙන්වා දුන්නා.

cb6e6c30 92db 11f0 84c8 99de564f0440.jpg

ඉන්දියා කණ්ඩායම මෙසේ හැසිරුනේ සිය පරම ප්‍රතිවාදීන් වන පාකිස්තානය සමග තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඉන්දියා ජනතාවගෙන් එල්ල වී තිබෙන විරෝධතාවලින් පසුව.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...