The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

පයික්‍රොෆ්ට්ගේ සමාව ඉල්ලීමේ පරක්කුවෙන් පාකිස්තාන තරග ආරම්භය පැයකින් ප්‍රමාද වෙයි

T

The Leader Desk

September 18, 2025 • 10:01 AM

පයික්‍රොෆ්ට්ගේ සමාව ඉල්ලීමේ පරක්කුවෙන් පාකිස්තාන තරග ආරම්භය පැයකින් ප්‍රමාද වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානය ලකුණු 41කින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් ආසියානු කුසලාන තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට පිවිසියේ ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාව සමග ලබන ඉරිදා තවත් තරගයකට මං විවර කර ගනිමින්.
  • සිම්බාබ්වේ ජාතික තරග තීරක පයික්‍රොෆ්ට් ඉන්දියා තරගයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සල්මාන්ගෙන් සමාව ඉල්ලන අයුරු එම වීඩියෝවෙන් දැක්වෙන බව PCBය ප්‍රකාශ කළා.
  • “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා නායකයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා” යනුවෙන් PCBය ඔවුන්ගේ නිවේදනයෙන් කියා සිටියා.
  • පයික්‍රොෆ්ට්ගේ මේ ක්‍රියාවට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දැඩි ප්‍රතිචාර දක්වා තිබෙනවා.” “සැප්තැම්බර් 14 සිදුවීම ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වමින් පයික්‍රොෆ්ට් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අනුව, ‘ඒ’ කොටසෙන් ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබූ මේ කණ්ඩායම් දෙක සැප්තැම්බර් 21 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නැවත මුණගැසෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමග ඊයේ ඩුබායි හි පැවති තරගය ආරම්භ වුනේ පැයක් ප්‍රමාද වෙමින්. පමා වී තරගය ඇරඹුනේ තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ක්‍රීඩක අතට අතදීමේ මතභේදාත්මක සිදුවීම ගැන පාකිස්තානයෙන් සමාව ඉල්ලීමෙන් පසුව. පාකිස්තාන ක්‍රීඩකයින් තරගය සඳහා පෙනී සිටියේ ඉන්පසුව.

තරගයට ක්‍රීඩා කිරීම පිණිස පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මෝසින් නක්විගෙන් අනුමැතිය ලැබෙන තෙක් පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ හෝටලයේ රැඳී සිටියා.

 

pakistan cricket borad
තරගයේ පළමු පන්දුව යැවීමට මිනිත්තු කිහිපයකට පෙර PCBය නිවේදනයක් හා ශබ්ද නොවන වීඩියෝවක් නිකුත් කළ අතර පයික්‍රොෆ්ට් පාකිස්තාන නායක සල්මාන් අලි අඝා සහ කණ්ඩායම් කළමනාකරු නවීඩ් අක්රම් චීමා සමග කතාබහක නිරතව සිටින අයුරු එයින් දිස්වුනා.

සිම්බාබ්වේ ජාතික තරග තීරක පයික්‍රොෆ්ට් ඉන්දියා තරගයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සල්මාන්ගෙන් සමාව ඉල්ලන අයුරු එම වීඩියෝවෙන් දැක්වෙන බව PCBය ප්‍රකාශ කළා.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා නායකයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා”
යනුවෙන් PCBය ඔවුන්ගේ නිවේදනයෙන් කියා සිටියා. “ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති තරගයේදී දෙපිලේ නායකයින් අතට අත දීම ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් වළක්වා තිබුනා. පයික්‍රොෆ්ට්ගේ මේ ක්‍රියාවට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දැඩි ප්‍රතිචාර දක්වා තිබෙනවා.”

cb6e6c30 92db 11f0 84c8 99de564f0440.jpg
“සැප්තැම්බර් 14 සිදුවීම ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වමින් පයික්‍රොෆ්ට් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා තිබෙනවා. එදින සිදුවූ විනය පටිපාටිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ICCය කැමැත්ත පළකර තිබෙනවා.”

තරගාවලියේ විනිසුරු මඬුල්ලෙන් පයික්‍රොෆ්ට් ඉවත් කරන ලෙසට ඉල්ලා තිබූ PCBය, එසේ නොකළහොත් පාකිස්තානය තරගාවලියෙන් ඉවත් වන බවට වක්‍රාකාරයෙන් තර්ජනය කර තිබුණා.

andryඇන්ඩි පයික්‍රොෆ්ට්

PCBයට අනුව පයික්‍රොෆ්ට් ට එරෙහිව ICCය කටයුතු කර තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරගය ආරම්භ වීමට නියමිතව තිබූ වේලාවට මිනිත්තු 15කට පසුව පමණයි. එහිදී ඔවුන් පයික්‍රොෆ්ට්ගෙන් සමාව ඉල්ලීමක් ලබා ගෙන ඇත්තේ ඔහුට තරග තීරක ලෙස තවදුරටත් කටයුතු කිරීමට අවසර ලබා දෙමින්. තරගය පැයක් ප්‍රමාද වී ආරම්භ වීමට හේතුවූයේ පයික්‍රොෆ්ට්ගෙන් සමාව ලබා ගැනීමේ පරක්කුවයි.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...