The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

පියාගේ මරණයෙන් දුක්වන වෙල්ලාලගේ අද යළි ශ්‍රී ලංකා සංචිතයට

T

The Leader Desk

September 20, 2025 • 6:40 AM

පියාගේ මරණයෙන් දුක්වන වෙල්ලාලගේ අද යළි ශ්‍රී ලංකා සංචිතයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පියාගේ වියෝවෙන් දුකට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව අද උදේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග නැවත එක්වීමට නියමිතව තිබුණා.
  •   දුනිත්ගේ පියා සුරංග වෙල්ලාලගේ සැප්තැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා මිය ගියේ ඇෆ්ගනිස්තානය ට එරෙහිව දුනිත් ක්‍රීඩා කළ තරගය පැවැත්වෙමින් තිබියදී.
  • පියා මිය යාමේ ශෝකජනක පුවත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය 22 හැවිරිදි දුනිත් ට දන්වා සිටියේ තරගය අවසන් වීමෙන් පසුව පමණයි.
  • දුනිත් නැවත ශ්‍රී ලංකාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් යළි මව්බිමටත් ගමන් කරනු ඇත්තේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහු සමග  දිවයිනට පැමිණි කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ සමග.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතයට යළි එක්ව සිටින වෙල්ලාලගේ අද රාත්‍රියේ බංග්ලාදේශය ට එරෙහිව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ පළමු ‘සුපිරි හතර’ වටයේ තරගය සඳහා වන තේරීම්වලට නිදහස්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.

dunith wella 250919

 

දුනිත්ගේ පියා සුරංග වෙල්ලාලගේ සැප්තැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා මිය ගියේ ඇෆ්ගනිස්තානය ට එරෙහිව දුනිත් ක්‍රීඩා කළ තරගය පැවැත්වෙමින් තිබියදී. පියා මිය යාමේ ශෝකජනක පුවත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය 22 හැවිරිදි දුනිත් ට දන්වා සිටියේ තරගය අවසන් වීමෙන් පසුව පමණයි. ඉක්බිති වහාම ඔහු නිවෙස බලා පිටත්ව ගියා.

දුනිත් නැවත ශ්‍රී ලංකාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් යළි මව්බිමටත් ගමන් කරනු ඇත්තේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහු සමග  දිවයිනට පැමිණි කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ සමග.

dunith house

 

ශ්‍රී ලංකාව කඩුලු හයකින් ජය ගත් එම තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පිතිකරණයේ යෙදුනේ නැහැ. පන්දු යැවීමේදී ඔහු ලකුණු 49ක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ග්ලෙන් මැක්ස්වල්ගේ උත්කෘෂ්ට ODI ලෙගසිය

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...