The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩා කරමින් සිටියදී වෙල්ලාලගේ මෙන් පියවරු මිය යාමේ ඛේදවාචකයන්ට මුහුණ දුන් ක්‍රීඩකයෝ

T

The Leader Desk

September 20, 2025 • 2:52 PM

ක්‍රීඩා කරමින් සිටියදී වෙල්ලාලගේ මෙන් පියවරු මිය යාමේ ඛේදවාචකයන්ට මුහුණ දුන් ක්‍රීඩකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානය ට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ බ්‍රහස්පතින්දා ජයග්‍රහණයේ සතුට භුක්ති විඳීමට තුන් ඉරියව්
  • දුනිත්ගේ පියා මිය ගොස් තිබුනේ තරගය අවසන් වීමට බොහෝ වේලාවකට පෙර වූව ද, එම ඛේදජනක ප්‍රවෘත්තිය දුනිත් ට පැවසීම සඳහා තරගය අවසන් වනතුරු බලා සිටීම වඩා හොඳ බවට කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර තිබුණා.
  • විරාට් කෝලි :  2006 වසරේදී 18 හැවිරිදි විරාට් කෝලි රන්ජි කුසලාන තරගාවලියේ දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදීයි ඔහුගේ පියා වූ ප්‍රේම් කෝලිගේ මරණය පිළිබඳව දැනගත්තේ.
  • ඒ වන විට ඔහු නොදැවී ලකුණු 40ක් රැස්කර ගෙන පසුදින නැවත පන්දුවට පහර දීමට නියමිතව සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ට අවස්ථාවක් නොලැබුනේ ඔහුගේ පියාගේ මරණයේ පුවත නිසා. දුනිත්ගේ පියා මිය ගොස් තිබුනේ තරගය අවසන් වීමට බොහෝ වේලාවකට පෙර වූව ද, එම ඛේදජනක ප්‍රවෘත්තිය දුනිත් ට පැවසීම සඳහා තරගය අවසන් වනතුරු බලා සිටීම වඩා හොඳ බවට කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර තිබුණා. පියාගේ වියෝව දැනගත් විගස දුනිත් අබුඩාබි සිට යළි මව්බිමට ඒමට තීරණය කළා.

ක්‍රීඩා රාජකාරියේ යෙදී සිටියදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙවැනි පෞද්ගලික ඛේදවාචකයන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි. විරාට් කෝලි, සචින් ටෙන්ඩුල්කාර්, රෂිඩ් ඛාන් යන ඉන්දියා ක්‍රීඩකයන් හා ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් මෙවැනි දුක්මුසු අවස්ථාවන්ට මුහුණ දුන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කිහිප දෙනෙක්.

විරාට් කෝලි: 

rt453rtty

2006 වසරේදී 18 හැවිරිදි විරාට් කෝලි රන්ජි කුසලාන තරගාවලියේ දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදීයි ඔහුගේ පියා වූ ප්‍රේම් කෝලිගේ මරණය පිළිබඳව දැනගත්තේ. ඒ වන විට ඔහු නොදැවී ලකුණු 40ක් රැස්කර ගෙන පසුදින නැවත පන්දුවට පහර දීමට නියමිතව සිටියා. කෙසේ වෙතත්, ඉන්පසුව විරාට් කළ දෙයයි ඔහුගේ ලෙගසියට අඩිතාලම දැමුවේ. ඉතාමත් ශෝකජනක ප්‍රවෘත්තිය මධ්‍යයේත් පසුදින උදේ කඩුල්ලට පිවිසි ඔහු තමන්ගේ කණ්ඩායම පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමෙන් බේරාගැනීම පිණිස තීරණාත්මක ලකූණු 90ක් වාර්තා කළා.

සචින් ටෙන්ඩුල්කාර්: 
ry3546tt
 
ලොව බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කාර් ට ද 1999 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුර පෞද්ගලික ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවුනා. ඔහුගේ පියා රමේෂ් ටෙන්ඩුල්කාර් මිය ගියේ එම අවමංගල්‍යයට සහභාගි වීම පිණිස සිම්බාබ්වේ ට එරෙහි තරගයක් අතහැර එංගලන්තයේ සිට නැවත ඉන්දියාව ට අප්‍රමාදව පැමිණීමට සචින් ට සිදුකරමින්. ජාතික වගකීම ද අවදානමට ලක්ව තිබෙන බව වටහා ගත් සචින් වැඩි කලක් නිවසේ රැඳී නොසිට ඊළඟ තරගයේදී කෙන්යාව ට එරෙහිව තරග කිරීම පිණිස යළි පැමිණ නොදැවී ලකුණු 140ක් රැස්කළේ එම ශතක ඉනිම ඔහුගේ පියා වෙනුවෙන් කැප කරමින්.

මොහමඩ් සිරාජ්: 
drty5465y
 
සිය පියා මිය ගිය පුවත මොහමඩ් සිරාජ් දැනගත්තේ ඔහු ඉන්දියා කණ්ඩායම සමග 2020 වසරේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එක්ව සිටියදී. ඒ වන විට ක්‍රියාත්මකව තිබූ කොවිඩ් වසංගත රීති සහ ගුවන් ගමන් සංචාර බාධක හේතුවෙන් සිරාජ් ගත යුතුව තිබුනේ ඉතාමත් අසීරු තීරණයක්. ඒ, ඉන්දියා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ තවදුරටත් රැඳී සිටීම. මේ වේග පන්දු යවන්නා ඔහුගේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ ද මේ තරගමාලාවේ. එහිදී ඔහු ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ‌ෙඑතිහාසික තරගමාලා ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක කාර්යයක් ඉටු කළා.

රෂිඩ් ඛාන්: 
dtye5656
 
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක රෂිඩ් ඛාන් ඔහුගේ පියා මිය ගිය බව දැනගත්තේ 2018 වසරේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් ‘බිග් බෑෂ්’ ලීගයේ ක්‍රීඩා කරමින් සිටියදී. කණ්ඩායම සමග රැඳී සිටීම තෝරාගත් ඔහු ඊළඟ දිනයේත් ක්‍රීඩා කළේ පෞද්ගලික ඛේදවාචකයන්ට වඩා ක්‍රිකට් වගකීම්වලට ප්‍රමූඛතාව දෙමින්. තරුණ වයසේ සිටින කෙනෙකු ලෙසින් එදා ඔහු ප්‍රදර්ශනය කළේ අප්‍රමාණ ධෛර්යයක්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...