The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රථම පරාජය

T

The Leader Desk

September 21, 2025 • 4:41 PM

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රථම පරාජය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිෆ් හසන් සහ ටවුහිඩ් රිඩෝයිගේ ආක්‍රමණශීලී අර්ධ ශතක ආධාරයෙන් බංග්ලාදේශය ඊයේ ශ්‍රී ලංකාව කම්පනයට පත් කරමින්
  • හසන් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමග පන්දු 45කින් ලකුණු 61 ලබා ගත් අතර රිඩෝයි පන්දු 37කින් ලකුණු 58ක් රැස් කළේ හයේ පහර 2ක් ද එල්ල කරමින්.
  • අනතුරුව ශානක, මෙහෙදි හසන්ව (පන්දු 2) ආපසු ක්‍රීඩාගාරයට යැවුවා.
  • බංග්ලාදේශය ලකුණු 169-6කින් තරගය අවසන් කළේ විස්සයි20 තරග බිමේ ඔවුන්ගේ තෙවැනියට වැඩිම සාර්ථක හඹා යාම සටහන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

‘සුපිරි හතර’ වටයේ ආරම්භක තරගයේ කඩුලු හතරක ජයක් ලබා ගත්තේ 2025 ආසියානු කුසලාන තරගාවලියේ පරාජයක නීරස ශ්‍රී ලංකාව ට පළමු වතාවට ලබා දෙමින්.


rtrtrt4
හසන් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමග පන්දු 45කින් ලකුණු 61 ලබා ගත් අතර රිඩෝයි පන්දු 37කින් ලකුණු 58ක් රැස් කළේ හයේ පහර 2ක් ද එල්ල කරමින්. නාට්‍යමය ස්වරූපයෙන් පැවති අවසාන ඕවරයකින් පසුව බංග්ලාදේශය ජයග්‍රහණය වාර්තා කළේ තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී.

අවසාන පන්දු හයෙන් ලකුණු පහක් අවශ්‍යව තිබියදී ජකර් අලි ඔහු මුහුණ දුන් පළමු පන්දුව ට ම දසුන් ශානක ට හතරේ පහරක් එල්ල කිරීමෙන් පසුව ඊළඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ ගැටී දැවී ගියා. අනතුරුව ශානක, මෙහෙදි හසන්ව (පන්දු 2) ආපසු ක්‍රීඩාගාරයට යැවුවා.

තරගයේ අන්තිම පන්දුවට පෙර පන්දුවේදී, නසුම් අහමඩ් සහ ශමිම් හොසේන් වේගයෙක් කඩුලු අතර දිව යමින් ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන අවසන් කළා.

බංග්ලාදේශය ලකුණු 169-6කින් තරගය අවසන් කළේ විස්සයි20 තරග බිමේ ඔවුන්ගේ තෙවැනියට වැඩිම සාර්ථක හඹා යාම සටහන් කරමින්.

t45345t
ඊට කලින්, දසුන් ශානක ශ්‍රී ලංකාව 168-7ක මුළු ලකුණු ප්‍රමාණයකට ගෙන යමින් පන්දු 37කින් නොදැවී ලකුණු 64ක් ලබා ගත්තා.

පැතුම් නිස්සංක (22) හා කුසල් මෙන්ඩිස්ගේ (34) කඩිසර ආරම්භක සබඳතාව මධ්‍යයේ ද, මෙහෙදි හසන්ගේ ද්විත්ව ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව ඔ්වර 9.1කදී ලකුණු 65කට කඩුලු 3ක් අහිමි කරගෙන තිබුනා.

අංක 5 පිතිකරුවා ලෙස උසස් වීමක් ලැබ කඩුල්ලට පැමිණ සිටි ශානක ඔහුගෙන් බලාපොරොත්තු වූ කාර්යය සාර්ථකව ඉටු කරමින් පන්දු 30කින් ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින්. ඔහුගේ සමස්ත ඉනිම තුළ ශානක හයේ පහර හයක් එල්ල කරමින් චරිත් අසලංක සමග පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27කින් ලකුණු 57ක් එක් කළා.

19 වැනි ඕවරයේදී අසලංක දුන් උඩ පන්දුවක් අතහැරිය සැණින් ඔහු දුවද්දී දැවී ගියේ පන්දු 12කින් ලකුණු 21ක් ලබා ගෙන සිටියදී. ශානක දුන් උඩ පන්දුවක් ද රැක නොගැණුනු අතර ඔහු අවසානය දක්වා නොදැවී සිටීමට සමත් වුනා. ඒ අගනා ඉනිම ශ්‍රී ලංකාව ට සටන්කාමී මුළු ලකුණු ප්‍රමාණයක් ලබා දුන්නා. නමුත් බංග්ලාදේශ පන්දු යවන්නන් දෙදෙනෙකු ද මෙහිදී කැපී පෙනුනා. මුස්ටෆිසුර් රහ්මාන් ලකුණු 20කට කඩුලු 3ක් ලබා ගත් අතර මෙහෙඩි හසන් ලකුණු 25කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

  
අසලංකගේ දුවද්දී දැවී යාම හා කඩුලු දෙකක් බිඳ වැටීම නිසා අත්‍යවශ්‍ය ගැම්මක් ඒ ඕවරයේදී නැතිව ගියා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී පිට පිට සිදුවූ බංග්ලාදේශ මුල් පෙලේ සබඳතා තුනක් කැපී පෙනුනා. එම කඩුලු සබඳතා මෙහෙයවනු ලැබුවේ පළමුව සයිෆ් හසන් හා ඉන්පසුව ටවුහිඩ් රිඩෝයි විසින්.

සයිෆ්, ලිටන් ඩාස් සමග පන්දු 34කින් වාර්තා කළ ලකුණු 59ක සබඳතාවෙන් ජයග්‍රාහී ගමනක අත්තිවාරම දැමුනා. අනතුරුව සයිෆ්, රිඩෝයි සමග එක්වෙමින් පන්දු 45කින් ලකුණු 54ක සබඳතාවක් ගොඩනැගුවේ බංග්ලාදේශ ඉනිම මැද ඕවර්වලදී ශක්තිමත් කරමින්. රිඩෝයි ඉන්පසුව පාලනය අතට ගත්තේ ශමිම් හොසේන් සමග පන්දු 27කින් ලකුණු 45ක සබඳතාවක් මගින්.

ඕවර 15ක් අවසන් වනවිටත් බංග්ලාදේශය ට අහිමි වී තිබුනේ කඩුලු 3ක් පමණයි. ජයග්‍රහණය සඳහා ඔවුන්ට තවත් අවශ්‍යව තිබුනේ ලකුණු 39ක් පමණයි. එවැනි තත්ත්වයක සිටිමින් තරගය පරාජය වීම විය නොහැකි දෙයක් බවට ඒ වනවිටත් පෙනෙන්නට තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...