The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව නැවත වරක් පාකිස්තානය යටපත් කිරීමේ බලය පෙන්වයි

T

The Leader Desk

September 22, 2025 • 8:46 AM

ඉන්දියාව නැවත වරක් පාකිස්තානය යටපත් කිරීමේ බලය පෙන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩුබායි හි ඊයේ පැවති ‘සුපිරි හතර’ වට තරගයේදී පාකිස්තානය කඩුලු හයකින් පරාජය කරමින් ඉන්දියාව නැවත වරක් ඔවුන්ගේ බලය ප්‍රදර්ශනය කළා.
  • ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව තිබුනා.
  • ෂර්මා අර්ධ ශතකයට පිවිසෙන විට මුහුණ දී තිබුනේ පන්දු 24කට පමණයි.
  •   ෂර්මා ට මනා සහයෝගයක් ලබා දුන්නේ පන්දු 28කින් ලකුණු 47ක් රැස් කළ ෂුබ්මන් ගිල්.
අකුරු ප්‍රමාණය (Font Size):

ලකුණු 172ක් හඹා යාමේදී ඉන්දියාවේ අභිශේක් ෂර්මා වික්‍රමාන්විත පිතිහරඹයක නියැලෙමින් පන්දු 39කින් ලකුණු 74ක් වාර්තා කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව තිබුනා. ෂර්මා අර්ධ ශතකයට පිවිසෙන විට මුහුණ දී තිබුනේ පන්දු 24කට පමණයි.
 
ෂර්මා ට මනා සහයෝගයක් ලබා දුන්නේ පන්දු 28කින් ලකුණු 47ක් රැස් කළ ෂුබ්මන් ගිල්. මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු සියයකට වැඩි සබඳතාවක් ගොඩනැගුවේ ඉන්දියාව ට එරෙහිව දිගින් දිගටම පරාද වන පාකිස්තානයේ ඉරණම නැවතත් තහවුරු කරමින්. ෂර්මා සහ ගිල්ගේ අවධානය බිඳීමේ අරමුණින් ඔවුන්ට ෂහීන් අෆ්රිඩි සහ හැරිස් රවු‌ෆ් නොසරුප් බස් කියා සිටිය ද ඒවාට ඔබින අයුරින් පිළිතුරු දීමට එම පිතිකරුවන් දෙදෙනා සමත් වුණා. 


ඊට පෙර, පාකිස්තාන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් (58) ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් අතර පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 171ක් සටහන් කළා.

ඉන්දියාව වෙනුවෙන් ශිවාම් ඩූබ් තීරණාත්මක කඩුලු දෙකක් ලබා ගත්තා.

දෙපිල අතර මීට පෙර පැවති ‘ඒ’ කොටසේ තරගයේ මෙන් ම ඊයේ තරගයේදීත් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර අතට අත දීමක් සිදුවුනේ නැහැ.
 
 
21213303b77d1ca

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 
 
logo cricket
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...