The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

වනිඳු සහ අබ්‍රාර්ගේ 'සැමරුම් ගැටුම' ඇතුළු ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්වූ මෙවර තරගයේ විශේෂ සිදුවීම්

T

The Leader Desk

September 24, 2025 • 5:32 AM

වනිඳු සහ අබ්‍රාර්ගේ 'සැමරුම් ගැටුම' ඇතුළු ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්වූ මෙවර තරගයේ විශේෂ සිදුවීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අතර, මෙම තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වූයේ, වනිඳු හසරංග සහ පකිස්ථානයේ අබ්‍රාර් අහමඩ් අතර ඇති වූ සැමරුම් ගැටුම යි.
  • කෙසේ වෙතත්, පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ, ලකුණු 133ක් පමණි.
  • ඊයේ  දිනයේදී සාර්ථක වූ එක ම ශ්‍රී ලාංකික පිතිකරුවා වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළේ ය.
  • විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක කඩුල්ලක් දවා ගනිමින් සිය පන්දු වාර 4 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දුන්නේ, ලකුණු 8ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ Super Four තරග වටයේ තවත් තරගයක් ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අබුඩාහිදී පැවැත්විණි.

තරගයට පෙර කණ්ඩායම් දෙක ම එම වටයේ සිය පළමු තරගවලින් පරාජයට පත්ව සිටීම හේතුවෙන් කණ්ඩායම් දෙකට ම මෙම තරගය තීරණාත්මක විය.

කෙසේ වෙතත්, පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ, ලකුණු 133ක් පමණි.

ඊයේ  දිනයේදී සාර්ථක වූ එක ම ශ්‍රී ලාංකික පිතිකරුවා වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළේ ය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක කඩුල්ලක් දවා ගනිමින් සිය පන්දු වාර 4 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දුන්නේ, ලකුණු 8ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස් කරමින් පන්දු වාර 18කදී තරගයේ ජයග්‍රහණය හිමි කර ගත්තේ ය.

Asia Cup 2025 t20 Cricket Super Four match India vs Pakistan photo17
පකිස්ථානය ලකුණු සටහනේ ඉහළට

තරගය ජය ගැනීමත් සමග පකිස්ථාන කණ්ඩායම Super Four ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියේ ය.

දෙවන ස්ථානයේ පසුවූ බංග්ලාදේශයට තුන් වන ස්ථානයට පසු බැසීමට සිදු විය.

Super Four වටයේ මෙතෙක් මුහුණ දුන් තරග දෙකෙන් ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව සිව් වන ස්ථානයේ පසු වෙයි.

ඒ අනුව, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අවස්ථා අවම මට්ටමක පවතී.

wanidu
හසරංගගේ සහ අබ්‍රාර්ගේ සැමරුම් හුවමාරුව

මේ අතර, මෙම තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වූයේ, වනිඳු හසරංග සහ පකිස්ථානයේ අබ්‍රාර් අහමඩ් අතර ඇති වූ සැමරුම් ගැටුම යි.

abrar ahmed wanindu hasaranga 231819693 16x9 0
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙමින් සිටියදී අබ්‍රාර් අහමඩ් වනිඳු හසරංගගේ කඩුල්ල බිඳ හෙළූ අතර, කඩුල්ල දවා ගැනීමෙන් පසු අබ්‍රාර්, වනිඳු හසරංගට සමච්චලයට මෙන් හසරංග කඩුල්ලක් දවාගත් විට දක්වන සැමරුම් අංග චලනය දැක්වීය.
පසුව පකිස්ථාන කණ්ඩායමේ කඩුලු දෙකක් බිඳ හෙළූ වනිඳු හසරංග, කඩුලු ලබා ගත් අවස්ථා දෙකේදී සහ උඩ පන්දුවක් රැක ගත් අවස්ථාවේදී අබ්‍රාර් අහමඩ් කඩුල්ලක් දවා ගත් පසු දක්වන අංග චලනය (හිස ගැස්සීම) නිරූපණය කර පෙන්වීය.

ඔවුන් දෙදෙනාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් තරගය නරඹමින් සිටි විශාල පිරිසකගේ සහ තරග විස්තර විචාරකයින්ගේ ද අවධානය යොමු විය.

තරගය අවසානයේ දෙපිලේ ක්‍රීඩකයින් අතට අත දී ආචාර කරන අවස්ථාවේ සුන්දර දසුනක් දැකිය හැකි විය.
 
1345881 6816294 abrar hasaranga 1 updates
ඒ, වනිඳු හසරංග සහ අබ්‍රාර් අහමඩ් එකිනෙකා වැළඳගෙන මිත්‍රත්වය ප්‍රකාශ කිරීම ය.
එහිදී, අබ්‍රාර් අහමඩ් සිය හැසිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන ආකාරයක් දිස්වූ අතර, වනිඳු හසරංග මිත්‍රශීලී ලෙස ඊට ප්‍රතිචාර දක්වනු දැකිය හැකි විය.

(බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වනිඳු සහ අබ්‍රාර්ගේ 'සැමරුම් ගැටුම' ඇතුළු ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්වූ මෙවර තරගයේ විශේෂ සිදුවීම් | The Leader