The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ෂර්මාගෙන් නැවත වතාවක් ආක්‍රමණශීලී පිතිහරඹයක්: බංග්ලාදේශය පරදවමින් ඉන්දියාව අවසන් තරගයට

T

The Leader Desk

September 25, 2025 • 9:26 AM

ෂර්මාගෙන් නැවත වතාවක් ආක්‍රමණශීලී පිතිහරඹයක්: බංග්ලාදේශය පරදවමින් ඉන්දියාව අවසන් තරගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභිෂේක් ෂර්මාගේ ලකුණු 75ක ආක්‍රමණශීලී පිතිහරඹය මධ්‍යයේ ඉන්දියාව ඊයේ ඩුබායි හිදී බංග්ලාදේශය ලකුණු 41කින් පහසුවෙන් පරදවමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
  •   විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ විශිෂ්ට ආරම්භයකින් ප්‍රීතිවෙමින් සිටින ෂර්මා මේ වන විට 197.72ක ප්‍රහාරාත්මක වේගයකින් තරග 22කදී ලකුණු 783ක් වාර්තා කර සිටිනවා.
  • ෂර්මා සහ ෂුබ්මන් ගිල් (29) ආරම්භක පිතිකරු යුගලය සිවු වැනි ඕවරයේදී වමතින් දඟ පන්දු යවන නසුම් අහමඩ්ගෙන් ලකුණු 21ක් උදුරා ගැනීමට පෙර ඔවුන්ගේ පිතිකරණය ඇරඹුවේ ඉතාමත් පරීක්ෂාකාරීව.
  • පා දඟ පන්දු යවන රිෂාඩ් හොසේන්ගේ පන්දුවට ගිල් දැවී යාමෙන් පසුව ෂර්මා සිය අර්ධ ශතකයට පිවිසියේ පන්දු 25කින් පමණක් වීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමුව පන්දුවට පහර දීමේදී ගත් වේගවත් ආරම්භයේදී යම් අසීරුතාවකට පත්වීමෙන් පසුව ඉන්දියාව කඩුලු හයක් දැවී ලකුණු 168 පමණක් ලබා ගත්තද, ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් බංග්ලාදේශය ලකුණු 127කට සීමා කිරීමට සමත් වුනා.

මේ ප්‍රතිඵලයෙන් පසුව ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවුනු අතර ඉන්දියාව සමග ඉරිදා අවසාන තරගයට මුහුණ දෙන අනෙක් කණ්ඩායම පාකිස්තානය හා බංග්ලාදේශය අතර අද රාත්‍රියේ පැවැත්වෙන ‘සුපිරි හතර’ තරගයෙන් තීරණය වනවා.

 

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ විශිෂ්ට ආරම්භයකින් ප්‍රීතිවෙමින් සිටින ෂර්මා මේ වන විට 197.72ක ප්‍රහාරාත්මක වේගයකින් තරග 22කදී ලකුණු 783ක් වාර්තා කර සිටිනවා.

මේ ආරම්භක පිතිකරුවා ඊයේ ඉන්දියාව ට ජයග්‍රහණය අත්කර දුන්නේ තවත් අතිදක්ෂ ඉනිමකින්. හයේ පහර හයක් සහ හතරේ පහර පහකින් සමන්විත වූ ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය අවසන් වුනේ කඩුලු අතර දුවද්දී දැවී යාමෙන්.

ෂර්මා සහ ෂුබ්මන් ගිල් (29) ආරම්භක පිතිකරු යුගලය සිවු වැනි ඕවරයේදී වමතින් දඟ පන්දු යවන නසුම් අහමඩ්ගෙන් ලකුණු 21ක් උදුරා ගැනීමට පෙර ඔවුන්ගේ පිතිකරණය ඇරඹුවේ ඉතාමත් පරීක්ෂාකාරීව. පා දඟ පන්දු යවන රිෂාඩ් හොසේන්ගේ පන්දුවට ගිල් දැවී යාමෙන් පසුව ෂර්මා සිය අර්ධ ශතකයට පිවිසියේ පන්දු 25කින් පමණක් වීම විශේෂත්වයක්.

 

bangladesh players celebrate the wicket of indias tilak varma

රිෂාඩ් ඉක්මනින් ම තවත් ප්‍රහාරයක් එල්ල කළේ පිතිකරු පෙලේ ඉහළට උසස් විමක් ලැබ සිටි ශිවාම් ඩුබේගේ කඩුල්ල ලබා ගනිමින්. ඊට පෙර ෂර්මා සහ නායක සූර්යකුමාර යාදව් (5) පන්දු 11ක් ඇතුළත ලකුණු පහකට දැවී ගියා. ඒ අනුව ඉන්දියාව ට ලකුණු 114කට කඩුලු 4ක් අහිමි වී තිබුණා.

හාඩික් පාන්ඩ්‍යා ඉන්දියාව තරගකාරී මුළු ලකුණු සංඛ්‍යාවකට ගෙන යමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමග පන්දු 29කින් ලකුණු 38ක් රැස් කළා.

ht76kkl

 

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේදී ජස්ප්‍රිට් බුම්රා ඔවුන්ට පළමු ප්‍රහාරය එල්ල කරමින් දෙවැනි ඕවරයේදී ටන්සිඩ් හසන් (1) ආපසු ක්‍රීඩාගාරයට පිටත් කළා. ඒ දැවී යාමට පෙර සයිෆ් හසන් සහ පාවීස් හොසේන් ඉමොන් (21) බංගලි ඉනිම ස්ථාවර කරමින් ලකුණු 42ක් එක් කළා.

එහෙත් කුල්දීප් යාදව් විසින් පාවීස් දවාලූ අතර ඉන්දියා දඟ පන්දු යවන්නන් තරගයේ පාලනය ඔවුන් සතුකර ගැනීමත් සමග බංග්ලාදේශය කළින් ම ඔවුන්ගේ ගමනේ අතරමං වුනා.

උඩ පන්දු හතරකින් ම දැවී යාමෙන් බේරුණු සයිෆ්, හුදෙකලා සටනක නිරත වෙමින් බංග්ලාදේශයේ බලාපොරොත්තු ඉහළ නැංවුවා.

එහෙත් කුල්දීප් පිට පිට පන්දුවලින් කඩුලු දෙකක් ලබා ගත් අතර ඔහුට පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්-ට්‍රික්) ලබා ගැනීමට තිබූ අවස්ථාව නසුම් අහම්ඩ් විසින් අවහිර කරනු ලැබුවා.

 

hdfrr5ry7rtry56

සයිෆ් අවසානයේ ලකුණු 69කට බුම්රා ට දැවී ගිය අතර බංග්ලාදේශයේ සියලු පිතිකරුවන් ඕවර 19යි පන්දු 3ක් ඇතුළත දැවී ගියා.

වමතින් දඟ පන්දු යවන කුල්දීප් ලකුණු 18කට කඩුලු 3ක් ලබා ගනිමින් කැපී පෙනුනේ ‌මේ තරගාවලියේ මේ වන විට තරග පහකින් කඩුලු 12ක් සටහන් කරමින්.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

logo cricket

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෂර්මාගෙන් නැවත වතාවක් ආක්‍රමණශීලී පිතිහරඹයක්: බංග්ලාදේශය පරදවමින් ඉන්දියාව අවසන් තරගයට | The Leader