The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ආසියානු කුසලානය දිනූ ඉන්දියාව කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

September 29, 2025 • 4:54 AM

ආසියානු කුසලානය දිනූ ඉන්දියාව කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් කුසලානය අතැතිව සිටින අයුරු පෙන්වමින්
  • ඔහුගේ අතින් කුසලානය ලැබීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.
  • එහිදී තරගයේ වීරයා ලෙස තිලක් වර්මා සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙස ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ෂර්මා සම්මාන ලැබීය.
  •   මොහ්සින් නක්වි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද වේ   ඉන්දියාව 2025 ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත්තේ පකිස්ථාන කණ්ඩායම සමග පැවැති අවසන් මහ තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පකිස්ථානය පරාජය කරමින් ආසියානු කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියාව, කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

කුසලානය ඔවුන් වෙත ප්‍රදානය කිරීමට නියමිතව තිබුණේ, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි අතිනි.

මොහ්සින් නක්වි, පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.

ඔහුගේ අතින් කුසලානය ලැබීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.

අවසන් තරගය නිමාවී පැයකට අධික කාලයකට පසු, ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ආරම්භ විය.

එහිදී තරගයේ වීරයා ලෙස තිලක් වර්මා සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙස ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ෂර්මා සම්මාන ලැබීය.

පකිස්ථාන කණ්ඩායම තමන්ට හිමි ත්‍යාග හා සම්මාන ලබා ගැනීමට පැමිණියත් ඉන්දීය කණ්ඩායමේ නායකයා කුසලානය ලබා ගැනීම සඳහා වේදිකාව වෙත පැමිණියේ නොමැත.

 in24

මොහ්සින් නක්වි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද වේ

 

ඉන්දියාව 2025 ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත්තේ පකිස්ථාන කණ්ඩායම සමග පැවැති අවසන් මහ තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසන් තරගයකදී ඉන්දියාව සහ පකිස්ථානය හමු වූ පළමු අවස්ථාව මෙය වේ.

ඉන්දියාව අවස්ථා 8කදී ආසියානු ක්‍රිකට් කිරුළ දිනා සිටි අතර ඊට එක් දින කුසලාන 7ක් සහ 20/20 කුසලානයක් ඇතුළත් විය.

පකිස්ථානය අවස්ථා දෙකකදී ආසියානු ක්‍රිකට් ශූරයින් බවට පත්වූයේ එක් දින තරග ආකෘතියෙනි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් 20/20 ආකෘතියෙන් පැවැති තුන් වැනි අවස්ථාව මෙය වේ.

 in6r96ni

අවසන් මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි

 

2025 ආසියානු කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

විසි පන්දහසකට එකවර තරග නැරඹිය හැකි ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය ජයගත් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ප්‍රධාන පෙළේ තරගාවලියක අවසන් මහ තරගයේදී නායකයින් දෙදෙනා අතට අත දී සුහදතාව ප්‍රකට කිරීමේ අවස්ථාව මෙම තරගයේදී දක්නට නොලැබිණි.

එනම්, මෙම තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය මීට පෙර හමු වූ අවස්ථා දෙකේදී මෙන්ම මෙම තරගයේදීද නායකයින් අතට අත දීමක් සිදු කළේ නොමැත.

ශහිබ්සාදා ෆර්හාන් සහ ෆකර් සමාන් පකිස්ථාන ඉනිම ආරම්භ කළහ.

ඔවුන් දෙදෙනා ආරම්භක පිතිකරුවන්ගේ යුතුකම මැනවින් ඉටු කළේ පළමු කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් එක් කරමිනි.

 inn57i67

ෆර්හාන් පන්දු 38කින් 4 පහර 5ක් සහ 6 පහර 3ක්ද සමගින් වේගවත් ලකුණු 57ක් රැස් කළේය

 

සයිම් අයුබ් සහ ෆකර් සමාන් අතර පකිස්ථාන දෙවැනි කඩුල්ලේ සබඳතාව සටහන් වූයේ ලකුණු 29ක් ලෙසිනි.

ලකුණු 113කදී දෙවැනි කඩුල්ල බිඳ වැටීමත් සමග පකිස්ථාන පිතිකරුවන් තම ග්‍රහනයට ගැනීමට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය සමත් විය.

ඒ අනුව ඔවුන් පකිස්ථානය අන්ත අසරණ තත්ත්වයට පත් කළේ ලකුණු 33කදී අවසන් පිතිකරුවන් 8 දෙනාම ක්‍රීඩාගාරය වෙත යවමිනි.

පකිස්ථාන පිතිකරුවන් තිදෙනෙකුටම කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තේය.

ජස්ප්‍රිට් බුම්රාහ්, වරුන් චක්‍රවර්ති සහ අක්සාර් පටේල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඒ අනුව පන්දුවාර 19යි පන්දුවක් අවසානයේදී පකිස්ථාන ඉනිම ලකුණු 146කට සීමා කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

ලකුණු 147ක ඉලක්කයකින් ඉන්දීය පිළිතුරු ඉනිමට පිටියට පිවිසියේ අභිෂේක් ශර්මා සහ ශුබ්මන් ගිල්ය.

කෙසේ නමුත් පකිස්ථාන ආරම්භක පිතිකරු යුගල මෙන් ඉන්දීය ආරම්භක පිතිකරුවන්ට සාර්ථක ලකුණු සබඳතාවක් ගොඩනැගීමට නොහැකි විය.

අභිෂේක් ශර්මා ලකුණු 5කට දැවී ගියේය.

 inm6567

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තේය

 

නායක සුර්යකුමාර් යාදව්ටද ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අතර, ඔහුගේ ඉනිම එක් ලකුණකට සීමා වූයේ ශහීන් ශා අෆ්‍රිඩීගේ පන්දුවේ වේගය හමුවේය.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ලකුණු 12කට දැවී ගියේය.

ඒ අනුව මුල් පෙළ කඩුලු 3 ලකුණු 20කදී බිඳ වැටීමත් සමග ඉන්දීය කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයකට පත් විය.

කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි තිලක් වර්මා සහ සංජු සැම්සන් ඉවසිලිවන්ත ලෙස ක්‍රීඩා කරමින් බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගීමට ප්‍රබල උත්සාහයක නිරත වූහ.

ඒ, ඉන්දීය සිව්වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනගමිනි.

සංජු සැම්සන්ගේ ඉනිම ලකුණු 24කට සීමා කිරීමට අබ්රාර් අහමඩ් සමත් විය.

තිලක් වර්මා පන්දු 41කින් අර්ධ ශතකය කරා ළඟා විය.

 b5n65656565ggh

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තිලක් වර්මා පන්දු 53කින් නොදැවී රැස් කළ ලකුණු 69 ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය

 

පස්වැනි කඩුල්ලට එක් වූ තිලක් වර්මා සහ ශිවම් ඩුබේ පිතිකරු යුගලය පකිස්ථානයෙන් ජයග්‍රහනය තමන් දෙසට රැගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වූහ.

ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 60කට සීමා වූයේ තරගයේ 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ශිවම් ඩුබේ ලකුණු 33කට දවා ගැනීමට ෆාහීම් අශ්රෆ් සමත් වීමත් සමගය.

අනතුරුව තිලක් වර්මා සමග එක් වූ රින්කු සිං ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තිලක් වර්මා පන්දු 53කින් නොදැවී රැස් කළ ලකුණු 69 ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය.

6 පහර 4ක් සහ 4 පහර 3ක් එම ඉනිමට ඇතුළත් විය.

ඉන්දීය කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී නියමිත ඉලක්කය පසු කළහ.

ෆාහීම් අෆ්රොෆ් ලකුණු 29ට කඩුලු 3ක් දවා ගත්තේය.

(බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආසියානු කුසලානය දිනූ ඉන්දියාව කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි | The Leader