The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව පිට පිට තෙවැනි වරටත් පාකිස්තානය පරදවමින් ආසියානු කුසලානය දිනා ගනී

T

The Leader Desk

September 29, 2025 • 11:03 AM

ඉන්දියාව පිට පිට තෙවැනි වරටත් පාකිස්තානය පරදවමින් ආසියානු කුසලානය දිනා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතර සුහදශීලී අතට අත දීමක් නැති තවත් තරගයකදී පාකිස්තානය ට එරෙහිව ටිලක් වර්මා නොදැවී ලකුණු 69ක් ලබා ගනිමින් ඊයේ (28) ඩුබායි හි පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව කඩුලු පහක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ වාර්තාගත නව වැනි ආසියානු ක්‍රිකට් ශූරතාවක් ඉන්දියානුවන්ට හිමිකර දෙමින්.
  • ඩූබ් 19 වැනි ඕවරය අවසානයේ ලකුණු 33කට දැවී ගිය අතර ඉන්දියාව ට අන්තිම පන්දු හයේදී ලකුණු 10ක් අවශ්‍යව තිබියදී වර්මා හයේ පහරක් එල්ල කළා.
  • කුල්ඩීප් යාදව් පාකිස්තානය ට එරෙහිව මේ තරගාවලියේ පිට පිට තෙවැනි ජයග්‍රහණයට මං විවර කරමින් ලකුණු 30කට කඩුලු 4ක් ලබා ගනිද්දී පාකිස්තානය ලකුණු 146කට දැවී ගියා.
  •   ඉන්දියාව ලකුණු 20කට කඩුලු 3ක් සහ ලකුණු 77කට කඩුලු 4ක් අහිමි කරගෙන අසීරු තත්ත්වයකට පත්වූවද, වර්මා සන්සුන්ව ඉලක්කය කරා යා‌‌මේ ක්‍රියාවලියට නැංගුරමක් වූයේ සිය ඉනිමේදී හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් එල්ල කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


ජයග්‍රහණය සඳහා ලකුණු 147ක් හඹා ගිය ඉන්දියාව තරගයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී එම ඉලක්කයට යාම පිණිස වර්මාගේ පන්දු 53ක ඉනිම සහ වර්මා හා ශිවාම් ඩූබ් අතර ගොඩනැගුනු ලකුණු 60ක සබඳතාව මත යැපුනා.

ඩූබ් 19 වැනි ඕවරය අවසානයේ ලකුණු 33කට දැවී ගිය අතර ඉන්දියාව ට අන්තිම පන්දු හයේදී ලකුණු 10ක් අවශ්‍යව තිබියදී වර්මා හයේ පහරක් එල්ල කළා. රින්කු සිං ජයග්‍රාහී හතරේ පහර වාර්තා කළා. ඉක්බිති මේ පිතිකරුවන් දෙදෙන ජයග්‍රහණ‌යේ සතුට බෙදා ගැනීමට ඔවුන්ගේ කණ්ඩායම වෙත දිව ගිය අතර පිටියේ තනි වූ පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩකයින් සමග අතට අත දෙමින් සිටියා.

කුල්ඩීප් යාදව් පාකිස්තානය ට එරෙහිව මේ තරගාවලියේ පිට පිට තෙවැනි ජයග්‍රහණයට මං විවර කරමින් ලකුණු 30කට කඩුලු 4ක් ලබා ගනිද්දී පාකිස්තානය ලකුණු 146කට දැවී ගියා.

 

AFP 20250928 772V6FW v2 MidRes TopshotCricketAsia2025T20IndPak 1759091210
ඉන්දියාව ලකුණු 20කට කඩුලු 3ක් සහ ලකුණු 77කට කඩුලු 4ක් අහිමි කරගෙන අසීරු තත්ත්වයකට පත්වූවද, වර්මා සන්සුන්ව ඉලක්කය කරා යා‌‌මේ ක්‍රියාවලියට නැංගුරමක් වූයේ සිය ඉනිමේදී හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් එල්ල කරමින්.

කඩුලු රකින-පිතිකරු සන්ජු සැම්සන්ගේ ලකුණු 24 සහ ඩූබ්ගේ සහයෝගිමත් ඉනිම විසින් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන යනු ලැබුවේ ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගේ ආධිපත්‍යයෙන් යුත් අති විශාල නරඹන්නන් පිරිසක් ඉදිරියේ.

 

PTI09 21 2025 000289A 0 1759019991890 1759020003357
නායකයන් දෙදෙනාගේ අතට අත දීමකින් තොරව කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීම පිණිස කැඳවනු ලැබූ පාකිස්තානය ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තේ සහිබ්සාඩා ෆර්හාන් (57) සහ ෆකාර් සමාන් (46) යන ආරම්භක පිතිකරු යුගලය ගොඩනැගූ ලකුණු 84ක සබඳතාවෙන්. එහෙත් පාකිස්තාන කණ්ඩායම 113-1 ලකුණු තත්ත්වයේ සිට ලිස්සා යමින් ඕවර  19.1කදී සියලු දෙනා දැවී ගියා.

සහිබ්සාඩා මේ තරගාවලියේ ඔහුගේ දෙවැනි අර්ධ ශතකයෙන් පසුව දැවී ගියේ දඟ පන්දු යවන වරුන් චක්‍රවර්ති ට පිට පිට දෙවැනි හයේ පහර එල්ල කිරීමට ගත් උත්සාහයේ. ඉන්පසු ෆකාර් පිතිහරඹ කාර්යය බාර ගත් අතර සයිම් අයුබ් සමග එක්ව ක්‍රමානුකූලව හතරේ පහර එල්ල කරමින් ප්‍රහාරය දිගටම පවත්වා ගෙන ගියා. එහෙත් 13 වැනි ඕවරයේදී කුල්ඩීප් එම සටනට තිත තැබුවා.

සයිම්, වමතින් දඟ පන්දු යවන කුල්ඩීප් ට දැවී ගිය අතර පාකිස්තානයේ කඩුලු හයක් ම ලකුණු 21කට බිඳ වැටුනා.

ෆකාර් ඔහුගේ අර්ධ ශතකය පෙනෙමින් තිබියදී දැවී ගිය අතර කුල්ඩීප් 17 වැනි ඕවරයේදී පාකිස්තාන නායක සල්මන් අලි අඝාගේ (8) කඩුල්ල ඇතුළුව කඩුලු තුනක් ලබා ගැනීමට සමත් වුනා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

logo cricket

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...