The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දියානු වර්ජනයෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ආසියානු කුසලානය රැගෙන ආපසු හෝටලයට යයි

T

The Leader Desk

September 29, 2025 • 4:17 PM

ඉන්දියානු වර්ජනයෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ආසියානු කුසලානය රැගෙන ආපසු හෝටලයට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන මෝසින් නක්වි ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිතාගත නොහැකි
  • ඉන්දියා කණ්ඩායමට කුසලානය හා පදක්කම් ප්‍රදානය නොකිරීමට නක්වි ගත් තීරණයට එරෙහිව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව විරෝධතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
  • ඔහු එම ජයග්‍රහණය ඉන්දියාව පෙහෙල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස පාකිස්තානයේ සිදුකළ හමුදා මෙහෙයුම සමග සම්බන්ධ කළා.
  • ‌මේ අතර, ආසියානු කුසලාන තරගාවලියේදී තමාට ලැබුනු සම්පූර්ණ තරග මුදල රටේ හමුදාවන්ට සහ පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයින්ගේ පවුල්වලට පරිත්‍යාග කරන බව ඉන්දියා ක්‍රිකට් නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙයක් කළා. ඒ, ඉන්දියා කණ්ඩායම ඔවුන් දිනා ගත් 2025 ආසියානු ක්‍රිකට් කුසලානය ඔහුගේ අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා.

ftyu47ty
නක්වි තරගයෙන් පසුව පවත්වන පදක්කම් ප්‍රදානය සඳහා වේදිකාවේ රැඳී සිටිය ද, සූර්යකුමාර් යාදව්ගේ ක්‍රීඩකයන් ජයග්‍රාහී කුසලානය හෝ ජයග්‍රාහකයන්ගේ පදක්කම් ඔහු අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. මේ හේතුවෙන් තරගයෙන් පසුව සිදු කිරීමට නියමිත වැඩසටහන සම්පූර්ණයෙන් ඇන හිටුනා. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය වුනේ කුසලානය පාකිස්තානයේ ඇමතිවරයෙකු ද වන නක්වි අතින් ලබා ගැනීමට නොව මධ්‍යස්ථ විධායක නිලධාරියෙකු අතින් ලබා ගැනීමට.

එහෙත් නක්වි කුසලානය සහ පදක්කම් රැගෙන ක්‍රීඩාංගණයෙන් පිටව ඔහු නතර වී සිටි හෝටලයට ගියා.

ඉන්දියා කණ්ඩායමට කුසලානය හා පදක්කම් ප්‍රදානය නොකිරීමට නක්වි ගත් තීරණයට එරෙහිව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව විරෝධතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. නක්විගේ මේ අශෝබන ක්‍රියාව මධ්‍යයේ කුසලානය නැතිව ජයග්‍රහණය සැමරීමට ඉන්දියා කණ්ඩායම තීරණය කළා.

ක්‍රිකට් පිටියේ ‘සින්දූර් මෙහෙයුම’

cgyh567456

තරගයේ අවසන් ඕවරයේ දී රින්කු සිං එල්ල කළ හතරේ පහරින් ඉන්දියාව ජයග්‍රහණය සම්පූර්ණ කර මිනිත්තු කිහිපයකට පසුව ඉන්දියා අගමැති නරෙන්ද්‍ර මෝදි සමාජ මාධ්‍යයට පිවිස ‘ක්‍රිකට් පිටියේ සින්දූර් මෙහෙයුම’ යනුවෙන් එම ජයග්‍රහණය හැඳින්වූවා. ඔහු එම ජයග්‍රහණය ඉන්දියාව පෙහෙල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස පාකිස්තානයේ සිදුකළ හමුදා මෙහෙයුම සමග සම්බන්ධ කළා.

‌මේ අතර, ආසියානු කුසලාන තරගාවලියේදී තමාට ලැබුනු සම්පූර්ණ තරග මුදල රටේ හමුදාවන්ට සහ පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයින්ගේ පවුල්වලට පරිත්‍යාග කරන බව ඉන්දියා ක්‍රිකට් නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කළා.

පාකිස්තාන ක්‍රිකට් නායක සල්මන් අලි අඝා ද සූර්යකුමාර්ගේ අඩිපාරේ යමින්, තම කණ්ඩායම ඔවුන්ට ලැබුනු තරග මුදල ඉන්දියාවේ සින්දූර් මෙහෙයුමෙන් විපතට පත් රටවැසියන් හා දරුවන්ට පරිත්‍යාග කරන බව කියා තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

xfgerter

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...