The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ළාබාල පිතිකරු සූර්යවන්ශිගෙන් තවත් නව වාර්තා

T

The Leader Desk

October 1, 2025 • 10:55 AM

ළාබාල පිතිකරු සූර්යවන්ශිගෙන් තවත් නව වාර්තා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා නව යොවුන් පිතිකරු වයිභාව් සූර්යවන්ශි ශතක ලබා ගැනීම හා වාර්තා බිඳ දැමීමෙන් තවමත් සෑහීමකට පත්ව නැහැ.
  • සූර්යවන්ශි පන්දු 86කින් ලකුණු 113ක් ලබා ගත් අතර ඔහුගේ මේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත්ව තිබුනා.
  • ඔහුගේ පන්දු 78ක ශතකය යොවුන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනියට වේගවත්ම ශතකය යි.
  • ජූලි මාසයේ එංගලන්තය අවුරුදු 19න් පහළ කණඩායමට එරෙහිව ශතකය සම්පූර්ණ කිරීම පිණිස මහත්රී මුහුණ දුන්නේ පන්දු 64කට පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ 14 හැවිරිදි ඉන්දියානු පිතිකරුවා අද (බදාදා) ඔහුගේ විස්මිත පිතිකරණයට තවත් විශේෂ සලකුණක් තබමින් බ්‍රිස්බන් නුවර ඉයන් හීලි ක්‍රීඩාංගණයේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී වාර්තාගත පන්දු 78ක ශතකයක් වාර්තා කළා.

ඉනිම ආරම්භ කරමින්, සූර්යවන්ශි ඉන්දියාවේ ශක්තිමත් ප්‍රතිචාරය මෙහෙයවූයේ ආරම්භක දිනයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 243කට දැවී යාමෙන් පසුව. සූර්යවන්ශි පන්දු 86කින් ලකුණු 113ක් ලබා ගත් අතර ඔහුගේ මේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත්ව තිබුනා.

 

සූර්වන්ශි ශතකයට පිවිසියේ පිට පිට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් වීම විශේෂත්වයක්. ඔහුගේ පන්දු 78ක ශතකය යොවුන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනියට වේගවත්ම ශතකය යි. එය දෙවැනි වන්නේ ඔහුගේ නායකයා වන අයුෂ් මහත්රී ‌ට පමණයි. ජූලි මාසයේ එංගලන්තය අවුරුදු 19න් පහළ කණඩායමට එරෙහිව ශතකය සම්පූර්ණ කිරීම පිණිස මහත්රී මුහුණ දුන්නේ පන්දු 64කට පමණයි.

කැන්ගරු භූමියේ වේගවත්ම යොවුන් ශතකය

36 hbnj

සූර්යවන්ශිගේ ශතකය ඔස්ට්‍රේලියානු පොළොවේ පැවති යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයයි. මීට පෙර වාර්තාව උසුලමින් සිටියේ ඔස්ට්‍රේලියාවේ ලියාම් බ්ලැක්ෆෝඩ්. ඔහු 2023 ජනවාරියේ පැවති අවුරුදු 19න් පහළ යොවුන් ටෙස්ට් තරගයකදී එංගලන්තය ට එරෙහිව ශතකයක් ලබා ගෙන තිබුනේ පන්දු 124කින්.

අවුරුදු 14යි දින 188ක් වයසැතිව සිටින සූර්යවන්ශි ඔස්ට්‍රේලියාවේදී යොවුන් ටෙස්ට් තරගයක ශතකයක් ලබා ගත් එදා මෙදා තුර ළාබාලතම පිතිකරුවා ද වනවා.

මේ වසරේ ජූලි මාසයේදී සූර්යවන්ශි වයස අවුරුදු 15 වීමට පෙර යොවුන් ටෙස්ට් තරගයක අර්ධ ශතකයක් ලබා ගැනීමට අමතරව කඩුල්ලක් ද බිඳ හෙලූ පළමුවැන්නා බවට පත්වුනා. ඔහු එංගලන්තයේදී මේ වික්‍රමය පෑවේ වයස අවුරුදු 15යි දවස් 167දී මේ දස්කම සටහන් කරමින් බංග්ලාදේශයේ මෙහිඩි හසස් මිරාස් පිහිටුවා තිබූ වාර්තාව මකා දමමින්.

 

vibhav yu
නවසිලන්තයේ මැකලම්ගේ වාර්තාව සම කරයි

සූර්යවන්ශි නවසිලන්තයේ පුරාවෘත්ත පිතිකරුවකු වන බ්‍රෙන්ඩන් මැකලම්ගේ වාර්තාවක් ද සම කළේ අවුරුදු 19න් පහළ ටෙස්ට් තරගවල පන්දු 100කට අඩුවෙන් ශතක දෙකක් ලබා ගනිමින්.

මේ වසර මුලදී සූර්යවන්ශි අයි.පී.එල්. තරගයක ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ගෝලීය අවධානයට ලක්වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...