The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දු-පාකිස්තාන කාන්තා ක්‍රිකට් තරගයේත් අතට අත දීමක් නැහැ?

T

The Leader Desk

October 2, 2025 • 10:31 AM

ඉන්දු-පාකිස්තාන කාන්තා ක්‍රිකට් තරගයේත් අතට අත දීමක් නැහැ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව හා පාකිස්තානය අතර ලබන ඉරිදා කොළඹදී පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී ද කණ්ඩායම් දෙක අතර අතට අත දීමක් සිදු නොවනු ඇතැයි පැවසෙනවා.
  • පසුගිය සතිය තුළ එහි කිසිම වෙනසක් සිදුවී නැහැ” යනුවෙන් සයිකියා ප්‍රකාශ කරනවා.
  • එතැනදී අතට අත දීමක් සිදුවෙනවා ද, වැළඳ ගැන්මක් තියෙනවා ද, වැනි කිසිම දෙයක් ගැන මට මේ වෙලාවේ සහතික කරන්න බැහැ.” ‌මේ අතර, කණ්ඩායම් දෙක අතර අතට අත දීමක් පිළිබඳව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නිලධාරීන් එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා.
  • කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ චාරිත්‍රානුකූල අතට අත දීම, තරග තීරක සමග ඡායාරූප ගැනීම හා තරගයෙන් පසුව අතට අත දීමක් සිදුවන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


හාමන්ප්‍රීට් කවුර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියා කණ්ඩායම තරගයේ සියලු නීති අනුගමණය කරනු ඇති වූව ද, කිසිම අතට අත දීමක් හෝ දෙපිලේ ක්‍රීඩිකාවන් අතර මිශ්‍රවීමක් පිළිබඳව සහතික විය නොහැකි බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවාජිට් සයිකියා පවසනවා.

සූර්යකුමාර් යාදව්ගේ පිරිමි කණ්ඩායම නොබෝදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී අවසාන තරගය දක්වා ම පාකිස්තාන ක්‍රීඩකයන් සමග අතට අත දුන්නේ නැහැ. ඉන්දියා ක්‍රීඩිකාවන් ද එම ක්‍රියාව අනුගමණය කරාවි ද යන්න තවමත් නිශ්චිතව කියන්න බැහැ.

india women vs pak t20wc2024

“මට කිසිම දෙයක් ගැන අනාවැකි පළ කරන්න බැහැ. නමුත් ඒ සතුරු දේශය සමග අපට තිබෙන සබඳතාව එකමයි. පසුගිය සතිය තුළ එහි කිසිම වෙනසක් සිදුවී නැහැ” යනුවෙන් සයිකියා ප්‍රකාශ කරනවා. “ඉන්දියාව ඒ තරගය පාකිස්තානය සමග කොළඹදී ක්‍රීඩා කරනවා. එහිදී සියලු ක්‍රිකට් රීති අනුගමණය කරනවා. ක්‍රිකට් නීති පොතේ තියෙන සියලු නීති ඒ විදියටම පිළිපදිනවා. එතැනදී අතට අත දීමක් සිදුවෙනවා ද, වැළඳ ගැන්මක් තියෙනවා ද, වැනි කිසිම දෙයක් ගැන මට මේ වෙලාවේ සහතික කරන්න බැහැ.”

‌මේ අතර, කණ්ඩායම් දෙක අතර අතට අත දීමක් පිළිබඳව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නිලධාරීන් එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා.

“ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය රජය සමග එකට බැඳී සිටිනවා. කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ චාරිත්‍රානුකූල අතට අත දීම, තරග තීරක සමග ඡායාරූප ගැනීම හා තරගයෙන් පසුව අතට අත දීමක් සිදුවන්නේ නැහැ. පිරිමින්  අනුගමණය කළ ප්‍රතිපත්තිය ම කාන්තාවන් ද ක්‍රියාවෙහි යොදවනවා” යනුවෙන් BCCI නිලධාරියෙක් කියා තිබෙනවා.

 

Dubai: ICC Women's T20 World Cup match between New Zealand Women and Pakistan Women
පාකිස්තාන මාධ්‍යයට අනුව, ඉන්දියාව දිගටම මේ වර්ජනයේ සිටීමට ඉඩ තිබෙන ඒ අවස්ථාවට මුහුණ දීම පිණිස පාකිස්තාන කණ්ඩායම දැන් සූදානම් වෙමින් සිටින අතර ඔවුන්ගේ කණ්ඩායමේ කළමනාකාරිනී හිනා මුනවෝ ඊළඟට ගත යුතු පියවර සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන් (PCB) උපදෙස් පතා තිබෙනවා.

PCB හෝ BCCI යන කිසිම පාර්ශවයක් ජගත් ක්‍රිකට් කවුන්සලය සමග මේ කාරණය මතුකර නැතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. කාසියේ වාසිය තීරණය කරන මොහොතේ නායකයන් අතර සහ තරගය අවසානයේ සිදුකරන අතට අත දීම සම්බන්ධයෙන් කවුන්සලය කිසිම නිල නීතියක් පනවා නැහැ. අතට අත දීම චාරිත්‍රානුකූල වූව ද, එය අනිවාර්ය නැහැ.

pak women india women
මේ දක්වා, BCCI විසින් නායිකා හාමන්ප්‍රීට් කවුර් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඇය දැනුවත් කර නැහැ.

ඉන්දියාව හා පාකිස්තානය කාන්තා ක්‍රිකට් තරග බිමේ සීමිතව මුණගැසී තිබෙනවා. ඒ, ජාත්‍යන්තර එක්දින තරග 11ක් හා විස්සයි20 තරග 16කදී. මේ තරගවලදී වඩා බලවත්ව සිටින්නේ ඉන්දියාව. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී පාකිස්තානය කිසිවිටක ඉන්දියාව පරාජය කර නැති අතර T20 තරගවල අත්කර ගෙන තිබෙන්නේ ජයග්‍රහණ තුනක් පමණයි.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දු-පාකිස්තාන කාන්තා ක්‍රිකට් තරගයේත් අතට අත දීමක් නැහැ? | The Leader