The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් ගැටුමේ තීරක ශ්‍රී ලංකාවේන්

T

The Leader Desk

November 2, 2025 • 2:38 PM

ලෝක කුසලාන අවසන් ගැටුමේ තීරක ශ්‍රී ලංකාවේන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද (02) පැවැත්වෙන එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
  • 2.30ට සිදුකිරීමට නියමිතව තිබුණත් එය පමාවී තිබේ.
  • වසර 52ක ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානයේ එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව නොමැතිව අවසන් මහා තරඟයක් මෙවර පැවැත්වෙන්නේ පළමුවරටය.
  • ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂවල අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබා ඇති නමුත්, දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකරගත්තේ ඉතිහාසයේ පළමුවරටය.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත.

මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප.ව. 2.30ට සිදුකිරීමට නියමිතව තිබුණත් එය පමාවී තිබේ.

වසර 52ක ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානයේ එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව නොමැතිව අවසන් මහා තරඟයක් මෙවර පැවැත්වෙන්නේ පළමුවරටය.

ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂවල අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබා ඇති නමුත්, දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකරගත්තේ ඉතිහාසයේ පළමුවරටය.

මේ අතර, කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ තීරක වගකීම ශ්‍රී ලංකාවේ මිචෙල් පෙරෙයිරාට හිමිව තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ඇය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසාන මහා තරඟයක තරඟ තීරක ලෙස ක්‍රියා කරන පළමු අවස්ථාව මෙය වේ.

පසුගිය වසරේ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේ තරඟ තීරක වගකීම ඇය විසින් දැරූ අතර අවසන් මහා තරඟයේදී එම අවස්ථාව ඇයට හිමි නොවිය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක කුසලාන අවසන් ගැටුමේ තීරක ශ්‍රී ලංකාවේන් | The Leader