The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැද ඉන්දියාව පළමුවරට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී

T

The Leader Desk

November 3, 2025 • 4:07 AM

නවක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැද ඉන්දියාව පළමුවරට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා එක් දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් විය.
  • 2005 සහ 2017 වසර දෙකේදීම ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු වූයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙනි.
  • අවස්ථා 7කදී ලෝක ශූරයින් බවට පත් වූ ඔස්ට්‍රේලියාවත්, අවස්ථා 4කදී ලෝක ශූරයින් බවට පත් වූ එංගලන්තයත් තරගාවලි ඉතිහාසයේ සාර්ථක කණ්ඩායම් අතර වේ.
  •  අවසන් තරග නැරඹීමට ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ විශාල උනන්දුවක් පැවතුණි තරගයට පෙර දිනයේ සිටම ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පටිල් ක්‍රීඩාංගනය අසළ රැස්ව සිටි බව වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, 2025 ලෝක කුසාලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (නොවැම්බර් 02 වැනිදා) පැවැති අවසන් මහ තරගය ලකුණු 52කින් ජය ගනිමිනි.

ඉන්දියාවේ නවි මුම්බායිහි ඩී.වයි පටිල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ ආරම්භය ප්‍රමාද වූයේ වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි.

පැය දෙකකට ආසන්න කාලයක ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ විය.

ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තුන් වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි අවසන් තරගය මෙය විය.

2005 සහ 2017 වසර දෙකේදීම ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු වූයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙනි.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

අවස්ථා 7කදී ලෝක ශූරයින් බවට පත් වූ ඔස්ට්‍රේලියාවත්, අවස්ථා 4කදී ලෝක ශූරයින් බවට පත් වූ එංගලන්තයත් තරගාවලි ඉතිහාසයේ සාර්ථක කණ්ඩායම් අතර වේ.

cricket අවසන් තරග නැරඹීමට ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ විශාල උනන්දුවක් පැවතුණි
තරගයට පෙර දිනයේ සිටම ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පටිල් ක්‍රීඩාංගනය අසළ රැස්ව සිටි බව වාර්තා විය.

ඒ, තම කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් දැක බලා ගැනීමට සහ ප්‍රවේශපත්‍ර නොගත් ක්‍රීඩා ලෝලීන් කෙසේ හෝ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමටය.

8 වැනි වරටත් පරාජය වූ කාසියේ වාසිය

තම පළමු ලෝක කුසලාන අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් දකුණු අප්‍රිකා නායක ලෝරා වොල්වාර්ඩ් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය නායක හර්මන් ප්‍රීට් කෞර් කාසියේ වාසිය පරාජය වූ 8 වැනි අවස්ථාව මෙය වේ.

ඒ අනුව ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය පරාජය වූ වැඩිම අවස්ථාව සඳහා වන වාර්තාව සම වීමද මෙම තරගයේදී වාර්තා විය.

මීට වසර 43කට පෙර 1982 වසරේදී පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ඉන්දීය කණ්ඩායම අවස්ථා 8කදී කාසියේ වාසිය පරාජය වී ඇත.

ශ්‍රී ලංකාවේ මිෂෙල් පෙරෙයිරා මෙම තරගයේ තීරකවරිය ලෙස කටයුතු කළාය.

සිව්වැනි විනිසුරුවරිය වූයේ ශ්‍රී ලංකාවේ නිමාලි පෙරේරාය.

තරගය ආරම්භයට පෙර දකුණු අප්‍රිකා පොප් ගායිකා ටැරීන් ලැම්බ් එරට ජාතික ගීය ගායනා කළාය.

ජනප්‍රිය ගායිකා සුනිදි චව්හාගෙන් පෙරටුකොටගත් ඉන්දීය කණ්ඩායම සහ එරට ක්‍රීඩා ලෝලීන්ගේ ගායනයද ඉන්දීය ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ක්‍රීඩාංගනයේ ගිගුම් දුන්නේය.

කාසියේ වාසිය පරාජය වුවද ක්‍රීඩාංගනයේ රැස් වූ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදයෙන් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය.


cricket 2ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය පරාජය වූ වැඩිම අවස්ථාව සඳහා වන වාර්තාව සම වීමද මෙම තරගයේදී වාර්තා විය
ස්ම්‍රිති මන්දනා සහ ශෙෆාලි වර්මා ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 104ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවේ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තුළද උද්වේගය වර්ධනය කරමිනි.

මන්දනාගේ ඉනිම ලකුණු 45කට අවසන් කිරීමට ක්ලෝයි ට්‍රයොන් සමත් වූවාය.

තමන්ට හිමි වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් 21 හැවිරිදි ශෙෆාලි වර්මා මෙම තරගයේදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට වූයේ පන්දු 78කින් ලකුණු 87ක් රැස් කරමිනි.

4 පහර 7කින් සහ 6 පහර 2කින් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කිරීමට ඇය සමත් වූවාය.

ඉන්දීය සංචිතයට පවා ඇතුළත්ව නොසිටි ශෙෆාලිට අවස්ථාව හිමි වන්නේ ආරම්භක පිතිකරු ප්‍රතිකා රාවල් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඔස්ට්‍රේලියාවට එරෙහි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ජෙමීමා රොඩ්රිගස් මෙම තරගයේදී ලකුණු 24කට දැවී ගියාය.

නායක හර්මන් ප්‍රීට් කෞර් ලකුණු 20කට පිටියෙන් ඉවත් වීමෙන් අනතුරුව වගකීම කරට ගත් දීප්ති ශර්මා ලකුණු 58ක් රැස් කළාය.

දකුණු අප්‍රිකා පන්දු යවනන්නන් අතර අයබොන්ගා කාකා පෙරමුණ ගත්තේ ලකුණු 58ට කඩුලු 3ක් දවා ගනිමිනි.

cricket 3දකුණු අප්‍රිකාව වෙනුවෙන් අයබොන්ගා කාකා ලකුණු 58ට කඩුලු 3ක් දවා ගත්තාය
ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 298ක් රැස් කළේය.

නායක ලෝරා වොල්වාර්ඩ් සහ ටස්මින් බ්‍රිට්ස්, ලකුණු 299ක දැවැන්ත ඉලක්කයකින් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළහ.

ටැස්මින් බ්‍රිට්ස්ගේ ඉනිම ලකුණු 51කට සීමා විය.

පන්දුවෙන් දස්කම් පෑ ශෙෆාලි වර්මා පන්දුවෙන්ද දක්ෂතා දැක්වීය.

ඇය හමුවේ සුනේ ලීස් සහ මරිසන් කැප් දැවී ගියහ.

ලෝරා වොල්වාර්ඩ් සමග එක් වූ ඇනරි ඩර්ක්සන් 6 වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළහ.

ඩර්ක්සන් ලකුණු 35ක් රැස් කළාය.

cricket 4නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාර්ඩ් 11 වැනි එක් දින ශතකයද සමග ලකුණු 101ක් රැස් කළාය
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාර්ඩ් 11 වැනි එක් දින ශතකයද සමග ලකුණු 101ක් රැස් කළාය.

ඇය අද වාර්තා අතරට එක් වුණේ කාන්තා ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව ලෙසය.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටුනේ දීප්ති ශර්මා හමුවේ ලෝරා වොල්වාර්ඩ් දැවී යාමත් සමගය.

පන්දුවාර 45.3කදී දකුණු අප්‍රිකාවේ සියලු දෙනා ලකුණු 246ට දැවී ගියහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා ලකුණු 39ට කඩුලු 5ක් දවා ගත්තාය.

අවසන් තරගයේ වීරයා සම්මානය ශෙෆාලි වර්මාට


cricket 5ඉන්දීය ක්‍රීඩිකා ශෙෆාලි වර්මා අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තාය
ඒ අනුව තරගාවලි ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවෙන් සහ එංගලන්තයෙන් තොරව වෙනත් රටක් ලෝක ශූරයින් බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය වේ.

2000 වසරේදී නවසීලන්තය ලෝක ශූරයින් බවට පත් වූ අතර, පැවැති අනෙක් තරගාවලි සියල්ලේම ලෝක කුසලානය හුවමාරු වූයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් එක සේ දස්කම් පෑ ඉන්දීය ක්‍රීඩිකා ශෙෆාලි වර්මා අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තාය.

ඇය වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන කාන්තා අවසන් තරගයක තරගයේ වීරයා සම්මානය දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙසය.

ඉන්දියාවේ දීප්ති ශර්මා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තාය.


(උපුටා ගැනීම - බීබීසී සිංහල) 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...