The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවට මංගල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය

T

The Leader Desk

November 3, 2025 • 9:25 AM

ඉන්දියාවට මංගල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව ඊයේ මුම්බායි නුවරදී දකුණු අප්‍රිකාව ලකුණු 52කින් පරාජය කරමින් ඔවුන්ගේ මංගල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තා.
  • ලෝරා වොල්වාඩ්ට් දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමේ පෙරමුණ ගනිමින් ලකුණු 101ක නායිකා ඉනිමක් ක්‍රීඩා කළ ද, කණ්ඩායමේ සියලු දෙනා ඔ්වර 45.3ක් ඇතුළත ලකුණු 246කට දැවී ගියා.
  • ඉන්දියාව ට අමතක නොවන රාත්‍රියක කැපී පෙනෙන තුන් ඉරියව් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ෂර්මා ලකුණු 39කට කඩුලු 5ක් ලබා ගත්තා.
  • වර්මා ඇගේ අර්ධ ශතකයට පිවිසියේ පන්දු 49කින්.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රථමයෙන් පන්දුවට පහර දීම පිණිස කැඳවනු ලැබූ සත්කාරක ඉන්දියාව ෂෆාලි වර්මා (87) සහ දීප්ති ෂර්මාගේ (58) අර්ධ ශතක මත කඩුලු 7 ට ලකුණු 298ක් වාර්තා කළා.

ලෝරා වොල්වාඩ්ට් දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමේ පෙරමුණ ගනිමින් ලකුණු 101ක නායිකා ඉනිමක් ක්‍රීඩා කළ ද, කණ්ඩායමේ සියලු දෙනා ඔ්වර 45.3ක් ඇතුළත ලකුණු 246කට දැවී ගියා.

ඉන්දියාව ට අමතක නොවන රාත්‍රියක කැපී පෙනෙන තුන් ඉරියව් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ෂර්මා ලකුණු 39කට කඩුලු 5ක් ලබා ගත්තා.
මේ ජයග්‍රහණයත් සමග ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මෙතෙක් ජයග්‍රහණය කළ අනෙක් එකම රටවල් වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසිලන්තය සමග එක්වුනා.

india

විටින් විට ඇදවැටුනු සිහින් පොද වැසි හේතුවෙන් ප්‍රමාද වී ඇරඹුනු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ස්ම්‍රිති මන්ධනා (45) සහ වර්මා යන වමත්-දකුණත් සබඳතාවෙන් ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක් එක් කළා.මේ දෙදෙනා වෙන්කරනු ලැබුවේ 18 වැනි ඔ්වරයේ. වර්මා ඇගේ අර්ධ ශතකයට පිවිසියේ පන්දු 49කින්.

මේ තරගාවලියේ ඉන්දියාවේ වැඩිම ලකුණුලාභිනියව සිටින මන්ධනා ඇගේ අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ක්ලෝ ට්‍රයන්ගේ වමත් දඟ පන්දුවට කඩුල්ල පිටුපසට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 45කට දැවී ගියා.

ලකුණු 58ක් රැස්කර ගෙන සිටියදී උඩ පන්දු අතහැරීමක් නිසා දැවී යාමෙන් බේරුණු වර්මා ශතකයක් කරා යන බවක් පෙන්නුම් කළ ද, අයාබොන්ගා ඛාකා (3-58) විසින් වර්මාගේ පන්දු 78ක ඉනිම අවසන් කළේ එය හතරේ පහර 7ක් සහ හයේ පහර 2කින් සමන්විතව තිබියදී.

ඛාකා ඇගේ ඊළඟ ඔ්වරයේදී ද තවත් වැදගත් ප්‍රහාරයක් එල්ල කරමින් ජෙමිමා රොඩ්රිග්ස් (24) ඉවත් කළා.

ඉන්දියාව ඕවර 35කදී ලකුණු 200කට කඩුලු 3ක් පමණක් අහිමි කරගෙන සාර්ථකව ඉදිරියට යමින් සිටිය ද ඒ ගමනට පන්දුවෙන් තිරිංග දමමින් නැවත තරගයට අවතීර්ණ වීමට දකුණු අප්‍රිකාව ට හැකිවුනා.

 

women icc

කෙසේ වෙතත්, ෂර්මා ඇගේ අර්ධ ශතකය ලබා ගත් අතර රිකා ගොෂ් (34) කෙටි පිතිහරඹයකින් දායක වුනා. එහෙත් ඉන්දියාව ට ලකුණු 300 සීමාවට ඒමට නොහැකි වුනා.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ හඹා යාම ආරම්භ කළ විට ඉදිරියෙන් ම සිට කණ්ඩායම දිරි ගැන්වීමට වොල්වාඩ්ට් තීරණය කළා. ඇය ටස්මින් බ්‍රිට්ස් හා සුනී ලූස් සමග අර්ධ ශතක සබඳතාවලට හවුල් වූව ද, අතිරේක පන්දු යවන්නියක වන ෂර්මා කඩලු දෙකක ප්‍රහාරයකින් දකුණු අප්‍රිකානු හඹා යාම කඩා දැමුවා.

වොල්වාඩ්ට් ඇයගේ පිට පිට දෙවැනි ශතකය ලබා ගැනීම පිණිස පන්දු 96කට මුහුණ දුන්න ද, 42 වැනි ඕවරයේ ඇගේ දැවී යාම තරගයේ වාසිය ඉන්දියාව දෙසට නැඹුරු වීමට හේතු වුනා.

වොල්වාඩ්ට්, ෂර්මාගේ පන්දුවට දුන් තීරණාත්මක උඩ පන්දුව අමන්ජොට් කවුර් විසින් රැක ගනු ලැබුවේ ඇගේ තෙවැනි උත්සාහයෙන්.

 



warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...