The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවට ලෝක කුසලානය දිනා දුන් උඩ පන්දුව රැකගත් කවුර් ට ජෙමිමා ඇගේ පදක්කම පිරිනමයි

T

The Leader Desk

November 5, 2025 • 10:52 AM

ඉන්දියාවට ලෝක කුසලානය දිනා දුන් උඩ පන්දුව රැකගත් කවුර් ට ජෙමිමා ඇගේ පදක්කම පිරිනමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගයේ දකුණු අප්‍රිකාව ට එරෙහි ඉන්දියාවේ ‌ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව ජෙමිමා රොඩ්රිග්ස් ඇයට ලැබුනු දක්ෂතම පන්දු රකින්නියගේ පදක්කම තම කණ්ඩායම් ක්‍රීඩිකා අමාන්ජොට් කවුර් ට පිළිගන්වා තිබෙන්නේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ තිබෙන කණ්ඩායම් හැඟීම හා සුහදශීලිත්වයේ ජීවය මනාව ප්‍රදර්ශනය කරමින්.
  • නමුත් ඇගේ දායකත්වය නිර්වචනය කෙරෙන මොහොත පැමිණියේ 42 වැනි ඕවරයේදී උඩ පන්දුවක් රැක ගනිමින් ඉන්දියාව ට ජයග්‍රහණය සහ ලෝක කුසලානය සහතික කර දුන් අවස්ථාවේ.
  •   පන්දු 98කින් සටන්කාමී ලකුණු 101ක් රැස් කරගෙන දකුණු අප්‍රිකානු පිලේ හඹා යාමේ ක්‍රියාවලියේ කශේරුව බවට පත්ව සිටි වුල්වාඩ්ට්, දීප්ති ෂර්මාගේ පන්දුවට වැරදි පහරක් එල්ල කිරීමේදී පන්දුව ගුවනේ ඉතා ඉහළට ගියා.
  • ඒ බොහෝ වෙලාවල එය ලකුණු 100ක් හෝ 50ක් ගැනයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පිටියේ තනි විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන් පිරිනැමෙන මේ පදක්කම ‘බෙදා ගත් සාර්ථකත්වයේ සංකේතයක්’ බවට පත්වුනේ අවසාන තරගයේ දිසාව වෙනස් කළ අමාන්ජොට්ගේ අතිශය වැදගත් දායකත්වයන් අගය කිරීමට ජෙමිමා තීරණය කළ බැවින්.

 

අමාන්ජොට්ගේ සුවිශේෂ හපන්කම් ආරම්භ වුනේ දකුණු අප්‍රිකානු හඹා යාමේ මුල් අවධියේ. ඇය පන්දුව කෙලින්ම කඩුල්ල වෙත විසි කරමින් ආරම්භක පිතිකාරිනී ටස්මින් බ්‍රිට්ස් දුවද්දී දවාලුවේ ලෝරා වුල්වාඩ්ට් සමග ගොඩනැගෙමින් තිබූ භයානක ආරම්භක කඩුලු සබඳතාවක් බිඳ දමමින්.

නමුත් ඇගේ දායකත්වය නිර්වචනය කෙරෙන මොහොත පැමිණියේ 42 වැනි ඕවරයේදී උඩ පන්දුවක් රැක ගනිමින් ඉන්දියාව ට ජයග්‍රහණය සහ ලෝක කුසලානය සහතික කර දුන් අවස්ථාවේ.

 

idn29832

පන්දු 98කින් සටන්කාමී ලකුණු 101ක් රැස් කරගෙන දකුණු අප්‍රිකානු පිලේ හඹා යාමේ ක්‍රියාවලියේ කශේරුව බවට පත්ව සිටි වුල්වාඩ්ට්, දීප්ති ෂර්මාගේ පන්දුවට වැරදි පහරක් එල්ල කිරීමේදී පන්දුව ගුවනේ ඉතා ඉහළට ගියා. අමාන්ජොට් මුලදී දෙවරක් පන්දුව හරියට අල්ලා නොගත්ත ද, මහත් ධෛර්යයකින් යුතුව තෙවැනි උත්සාහයේදී එය තදින් අල්ලා ගත්තේ අතුරු සිදුරු නැතිව පිරී තිබූ ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණය ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින් සහ දකුණු අප්‍රිකානු විරෝධයට අවසානයක් ගෙන එමින්.

ඒ මොහොතේ වැදගත්කමට ප්‍රසාදය පළකිරීම පිණිස ජෙමිමා තරගයෙන් පසුව පැවති කණ්ඩායමේ සතුට සැමරුනු අවස්ථාවේ අමාන්ජොට්ව ඉදිරියට කැඳවා ඇ‌ගේ දායකත්වයට ගෞරවය පුද කළා.

 

Amanjot Kaur catch of Laura Wolvaardt India vs South Africa Final in Womens ODI World Cup 2025 600x435
“ඉතිං කෙල්ලනේ, අපි වැදගත් අවස්ථාවන් ගැන කතා කරනවා. ඒ බොහෝ වෙලාවල එය ලකුණු 100ක් හෝ 50ක් ගැනයි. නමුත් තරගයක සමහර අවස්ථාවන් තියෙනවා ජීවිත සදාකල් වෙනස් කරන” යනුවෙන් ජෙමිමා පදක්කම අමාන්ජොට් ට ලබා දෙමින් කියා සිටියා.

“ඒ මොහොත අපේ ජීවිත සදහටම වෙනස් කර තිබෙන අතර ඒ මොහොත අදයි, අමාන්ජොට්. පළමුව, දුවද්දී දැවී යාමක් සිදු කරමින් ඉලක්කය හඹා යාමේ උත්සාහයට ඔබ බාධා කළා. ඊට පස්සේ ඔයා ඒ උඩ පන්දුව නිකම්ම අල්ලා ගත්තා පමණක් නෙවෙයි. ඔබ ග්‍රහණය කර ගත්තේ ලෝක කුසලානයයි.”

එම උඩ පන්දුව තමාගේ ක්‍රීඩා දිවිය තුළ තමා මෙතෙක් රැකගත් එක් ඉතාමත්ම අසීරු උඩ පන්දුවක් බව අමාන්ජොට් පවසා සිටියේ හැඟීම්බර වෙමින්.

 

jemmima

“මගේ දෙවියනේ, ඒක තමයි මගේ ජීවිතයේ අල්ලා ගත් අමාරුම උඩ පන්දුව. මම මීට පෙර කවදාවත් උඩ පන්දුවක් ඔය විදියට අතපත ගාලා නැහැ. එක්කෝ මම පන්දුව අල්ල ගත්තා එහෙම නැත්නම් පන්දුව අතහැරියා. ඒ අතරමැද කිසිම දෙයක් තිබිලා නැහැ. නමුත් පළමු වතාවට, දෙවියන් මට ඒ පන්දුව රැක ගන්න අවස්ථා තුනක් ලබා දුන්නා. එය තීරණාත්මක උඩ පන්දුවක් වූ අතර ඇය (වුල්වාඩ්ට්) ඇගේ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව කඩුල්ලේ ඇගේ අන්ත‌යේ සිට වේගයෙන් පන්දුවට පහර දෙනු ඇති බව අපි දැන සිටියා.”

 

ෂෆාලි වර්මාගේ ප්‍රවේගකාරී ලකුණු 87 සහ කඩුලු දෙකත්, දීප්ති ෂර්මාගේ කඩුලු පහත් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගිය මාවත හැඩ ගැස්සුව ද, අවසාන තරගයේ හැරවුම් ලක්ෂ්‍යයන් දෙක ලැබුනේ අමාන්ජොට්‌ගේ තැනට සුදුසු නුවණින් හා අධිෂ්ඨානයෙන්. ඒ වැදගත් අවස්ථා දෙක ඇස නොගැසී නොයාමට ජෙමිමා සහ ඇගේ කණ්ඩායම් ක්‍රීඩිකාවෝ වගබලා ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාවට ලෝක කුසලානය දිනා දුන් උඩ පන්දුව රැකගත් කවුර් ට ජෙමිමා ඇගේ පදක්කම පිරිනමයි | The Leader