පනස් හැවිරිදි මේ පාපන්දු තරුවට මෙසේ ගෞරව පුද කෙරුනේ ක්‍රීඩාව හා පරිත්‍යාගශීලිත්වය වෙනුවෙන් ඔහුගෙන් සිදුවූ සේවය අගය කරමින්.
තරග 115කදී එංගලන්තය නියෝජනය කළ බෙකම් තරග 59ක නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. මැන්චෙස්ට යුනයිටඩ් පාපන්දු සමාජයේ ඇකඩමිය හරහා පැමිණීමෙන් පසුව බෙකම් එම කණ්ඩායම සමග ප්‍රිමිය ලීග් ශූරතා හයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
බෙකම් පසුව රේආල් මේඩ්රිඩ්, එල්.ඒ.ගැලක්සි, පැරිස් සැන්-ජමෑන් හා ඒ.සී.මිලාන් යන කණ්ඩායම්වලට ක්‍රීඩා කර 2013 වසරේදී තරග බිමෙන් සමුගත්තා.

වර්තමානයේ ඔහු අමෙරිකාවේ ඉහළම මට්ටමේ පාපන්දු ලීගය වන MLS හි ක්‍රීඩා කරන ඉන්ට මයාමි (Inter Miami) ක්‍රීඩා සමාජයේ සභාපති හා සම අයිතිකරු වනවා. සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීව එම කණ්ඩායමට බඳවා ගැනීම පිණිස මූලික වුනේ බෙකම්. මීට අමතරව ඔහු දෙවැනි ලීගයේ ක්‍රීඩා කරන Salford City කණ්ඩායමේ ද අතිරේක හිමිකරුවෙකු ලෙස සිටිනවා.
සිය පාපන්දු ක්‍රීඩා දිවියට අමතරව බෙකම් පරිත්‍යාගශීලී අරමුණු ගණනාවකටම සහයෝගය දක්වා තිබෙන අතර මානව සුභ සාධන ආයතනයක් වන යුනිසෙෆ් වෙනුවෙන් 2005 වසරේ සිට හොඳ හිත තානාපතිවරයෙකු ලෙස කටයුතු කිරීම ද ඊට ඇතුළත්.
තමා ප්‍රබල රාජාණ්ඩු පාක්ෂිකයෙකු බව කියා සිටි බෙකම්ව එංගලන්ත රජු විසින් ඔහුගේ පදනමේ තානාපතිවරයෙකු ලෙස පසුගිය වසරේ නම් කරනු ලැබුවා. එය 1990 වසරේදී රජු විසින් ස්ථාපිත කරන ලද අධ්‍යාපනික සුභ සාධන පදනමක්.
තමා ප්‍රබල රාජාණ්ඩු පාක්ෂිකයෙකු බව කියා සිටි බෙකම්ව එංගලන්ත රජු විසින් ඔහුගේ පදනමේ තානාපතිවරයෙකු ලෙස පසුගිය වසරේ නම් කරනු ලැබුවා. එය 1990 වසරේදී රජු විසින් ස්ථාපිත කරන ලද අධ්‍යාපනික සුභ සාධන පදනමක්.

බෙකම් ඔහුගේ හැඩකාර ඇඳුම් තෝරා ගැනීම්වලට ද ප්‍රසිද්ධව සිටින අතර GQ සඟරාව 1998 වසරේදී ඔහුව ‘වසරේ වඩාත්ම හැඩකාර පුද්ගලයා’ ලෙස නම් කළා. ඔහු H&M, Armani සහ Boss වැනි ආයතනවල නිරූපණය කරන්නෙකු වශයෙන් ද පෙනී සිටියා.
සර් ඩේවිඩ් බෙකම් 1999 වසරේදී වික්ටෝරියා සමග විවාහ වූ අතර මේ යුවලට දරුවන් සිවු දෙනෙකු සිටිනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




