ඒ, කඩුලු රකින-පිතිකරුවෙකු ලෙස නම් කරනු ලැබූවකු ලෙසින් සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ශතක ලබා ගත් සංගක්කාර සමග සම තත්ත්වයට පිවිසෙමින්.
පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු රකින-පිතිකරු ඩි කොක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරමින් පන්දු 119කින් නොදැවී ලකුණු 123ක් ලබා ගත්තා.
ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව ලකුණු 270ක ඉලක්කයක් හඹා යාමේදී මේ වමත් පිතිකරුවා හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් එල්ල කළා.

තරගමාලාවේ දකුණු අප්‍රිකාව සම මට්ටමට ගෙන එමින් ඔවුන්ට කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට උපකාරී වූ එම ශතකයත් සමග ඩි කොක්, කඩුලු-රකින පිතිකරුවෙකු වශයෙන් හඳුන්වනු ලබන ක්‍රීඩකයෙකු විසින් සුදු පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ශතක ලබා ගනිමින් සංගක්කාර පිහිටුවා තිබූ ලෝක වාර්තාව සම කළා.
සිය වසර 15ක දීර්ඝ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 360ක් සහ ජාත්‍යන්තර විස්සයි20 තරග 56කට කඩුලු රකින-පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරමින් ශතක 23ක් සටහන් කළා. ඩි කොක් කඩුලු රකින-පිතිකරුවෙකු ලෙසින් එක්දින තරග 156කදී ශතක 22ක් සහ විස්සයි20 තරග 95කදී එක් ශතකයක් ලබා ගෙන සිටිනවා.
කඩුලු රකින-පිතිකරුවෙකු ලෙසින් සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ශතකලාභීන්
* කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) - තරග 416 - ශතක 23
* කුයින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව) - තරග 251 - ශතක 23
* ෂායි හෝප් (බටහිර ඉන්දීය කොදෙව්) - තරග 169 - ශතක 19
* ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඔස්ට්‍රේලියාව) - තරග 295 - ශතක 16
* ජොස් බට්ලර් (එංගලන්තය) - තරග 305 - ශතක 12
සමස්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු රකින-පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරමින් වැඩිම ශතක ලබා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් ට. කඩුලු රකින-පිතිකරුවෙකු ලෙස සියලුම ආකාරයේ ක්‍රිකට් තරග 391කට ක්‍රීඩා කළ ඔහු ශතකයේ සීමාව 33 වතාවක් පසුකර තිබෙනවා. ඔහුට පිටුපසින් සිටින්නේ ශතක 30ක් වාර්තා කළ සංගක්කාර හා ශතක 29ක් ලබා ගෙන සිටින ඩි කොක්.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින-පිතිකරුවෙකු ලෙසින් වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයෝ
* ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඔස්ට්‍රේලියාව) - තරග 391 - ශතක 33

* කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) - තරග 464 - ශතක 30
* කුයින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව) - තරග 303 - ශතක 29
* ෂායි හෝප් (බටහිර ඉන්දීය කොදෙව්) තරග 175 - ශතක 19
* ඒ.බී. ඩි විලියර්ස් (දකුණු අප්‍රිකාව) - තරග 109 - ශතක 17
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




