The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තුන්කොන් සටනට ලාහෝර් සහ රාවල්පිණ්ඩ් ආරක්ෂාව තර කෙරේ

T

The Leader Desk

November 8, 2025 • 3:38 PM

තුන්කොන් සටනට ලාහෝර් සහ රාවල්පිණ්ඩ් ආරක්ෂාව තර කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ලාහෝර් සහ
  • මේ වෙනුවෙන් පන්ජාබ් ස්වදේශ දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 245 වැනි වගන්තිය සහ 1959 පාකිස්ථාන රේන්ජර්ස් ආඥා පනත යටතේ හමුදා සහ රේන්ජර්ස් නිලධාරීන් යෙදවීම සිදු කෙරේ.
  • තුන්කොන් තරඟාවලියේ තරග නොවැම්බර් 11 සිට නොවැම්බර් 27 දක්වා ලාහෝර් සහ රාවල්පිණ්ඩ් හි පැවැත්වීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රාවල්පිණ්ඩ් හී ආරක්ෂාව තර කර තිබේ.

මේ වෙනුවෙන් පන්ජාබ් ස්වදේශ දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.


පූර්ණ ආරක්ෂාවක් සඳහා, ලාහෝර් සහ රාවල්පිණ්ඩ් නගරවල පාකිස්ථාන හමුදා සහ හමුදා ගුවන් සේවා යෙදවීමට එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

thyt
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 245 වැනි වගන්තිය සහ 1959 පාකිස්ථාන රේන්ජර්ස් ආඥා පනත යටතේ හමුදා සහ රේන්ජර්ස් නිලධාරීන් යෙදවීම සිදු කෙරේ.

තුන්කොන් තරඟාවලියේ තරග නොවැම්බර් 11 සිට නොවැම්බර් 27 දක්වා ලාහෝර් සහ රාවල්පිණ්ඩ් හි පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ආරක්ෂක විධිවිධාන නොවැම්බර් 8 සිට නොවැම්බර් 30 දක්වා ක්‍රියාත්මක කෙරේ.

තරග අතරතුර කණ්ඩායම් රැඳී සිටින සහ ගමන් කරන අවස්ථාවල පූර්ණ ආරක්ෂක පියවර ද  ක්‍රියාත්මක වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

පන්ජාබ් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හමුදා සහ රේන්ජර්ස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට විධිමත් ලිපියක් ද යවා ඇති අතර කණ්ඩායම් ආරක්ෂාව සහ අනෙකුත් විධිවිධාන නියමිත වේලාවට සම්පූර්ණ කරන ලෙස අදාළ සියලුම ආයතනවලට උපදෙස් දී ඇතැයිද සඳහන් වේ.

| adaderana
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...