The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නොබෙල් සාම ත්‍යාගය නොලැබුනු ඩොනල්ඩ් ට්‍රම්ප් ට ලෝක පාපන්දුවෙන් සාම ත්‍යාගයක් ලැබෙන ලකුණු

T

The Leader Desk

November 9, 2025 • 3:18 PM

නොබෙල් සාම ත්‍යාගය නොලැබුනු ඩොනල්ඩ් ට්‍රම්ප් ට ලෝක පාපන්දුවෙන් සාම ත්‍යාගයක් ලැබෙන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොබෙල් සාම ත්‍යාගය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නොතකා හැරීමෙන් පසුව ඔහුට විශේෂ සාම ත්‍යාගයක්
  • නොබෙල් විසින් නිර්මාණය නොකෙරුණු මේ ලෝක සාම ත්‍යාගය - FIFA Peace Prize - ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ මූලිකත්වයෙන් ප්‍රථම වරට නිර්මාණය කර තිබෙන්නේ ට්‍රම්ප් වෙනුවෙන් ම බවට වාර්තා වනවා.
  • සාමය වෙනුවෙන් කැපී පෙනෙන හා අසාමාන්‍ය කාර්යයන් සිදුකළ විශේෂ පුද්ගලයන් අගැයීම පිණිස වාර්ෂිකව ත්‍යාගයක් ලබා දෙන බව FIFA පසුගියදා ප්‍රකාශ කළා.
  • මේ ත්‍යාගය සම්බන්ධයෙන් විස්තර සුළු ප්‍රමාණයක් පමණක් ලබා දුන් ගෝලීය පාපන්දු සම්මේලනය, මේ ත්‍යාගය ලැබීමට සුදුසුකම් ලබන්නන් ක්‍රීඩා ලෝකයට පමණක් සීමාවන බවට ඇඟවීමක් කර නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිනැමීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සුදානම් වනවා.

නොබෙල් විසින් නිර්මාණය නොකෙරුණු මේ ලෝක සාම ත්‍යාගය - FIFA Peace Prize - ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ මූලිකත්වයෙන් ප්‍රථම වරට නිර්මාණය කර තිබෙන්නේ ට්‍රම්ප් වෙනුවෙන් ම බවට වාර්තා වනවා.

සාමය වෙනුවෙන් කැපී පෙනෙන හා අසාමාන්‍ය කාර්යයන් සිදුකළ විශේෂ පුද්ගලයන් අගැයීම පිණිස වාර්ෂිකව ත්‍යාගයක් ලබා දෙන බව FIFA පසුගියදා ප්‍රකාශ කළා.
මේ ත්‍යාගය සම්බන්ධයෙන් විස්තර සුළු ප්‍රමාණයක් පමණක් ලබා දුන් ගෝලීය පාපන්දු සම්මේලනය, මේ ත්‍යාගය ලැබීමට සුදුසුකම් ලබන්නන් ක්‍රීඩා ලෝකයට පමණක් සීමාවන බවට ඇඟවීමක් කර නැහැ. මේ හේතුවෙන් එම ත්‍යාගය මේ දක්වා නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීම පිණිස අසාර්ථක මෙහෙයුමක් විවෘතව දියත් කර ඇති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට පිරිනැමෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.

FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සහ ට්‍රම්ප් ලබන වසරේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හමුවේ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගෙන තිබෙනවා. FIFA විසින් මේ නව සාම ත්‍යාගය මයාමි හිදී ප්‍රකාශයට පත්කළ පසුගිය බදාදා දිනයේ මේ දෙදෙන මුණගැසුනා.

තමා ට්‍රම්ප්ව ලෝක සාමයේ ශූරයෙකු ලෙස දකින බව ඉන්ෆන්ටීනෝ මීට පෙර පැහැදිලිව කියා තිබෙනවා.

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රකාශයට පත්කිරීමට දිනකට පෙර ඔක්තෝබර් 9 වැනිදා, ඉන්ෆන්ටීනෝ ‘ඉන්ස්ටග්‍රෑම්’ හි සටහනක් තබමින්, ගාසා තීරයේ සාම ගිවිසුමක් ඇති කිරීම පිණිස දැරූ උත්සාහයන් වෙනුවෙන් ට්‍රම්ප් එම ත්‍යාගය ලැබීමට ඇත්ත වශයෙන්ම සුදුසු බව කියා තිබුණා.

ඊළඟ දිනයේදී, නොබෙල් ගෞරව ලබන්නා වූයේ ට්‍රම්ප් නොව වෙනිසියුලාවේ ප්‍රජාතාන්ත්‍රික හිතවාදී සමාජ ක්‍රියාකාරිනී සහ වෙනිසියුලා විරුද්ධ පක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ.

FIFA ත්‍යාගය ට්‍රම්ප් දිනා ගනීවිද කියා බදාදා මයාමි හිදී ඇසූ විට ඉන්ෆන්ටීනෝ සිනාසෙමින්, “දෙසැම්බර් 5 වැනිදා එය ඔබට පෙනේවි” යනුවෙන් පිළිතුරු දුන්නා.

දෙසැම්බර් මස 5 වැනිදා වොෂිංටන් නුවරදී මේ ත්‍යාගය නිවේදනය කරනු ඇත්තේ ට්‍රම්ප් විසින් මේ වසරේ නැවත හැඩ ගන්වන ලද කෙනඩි මධ්‍යස්ථානයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු කුසපත් ඇදීමේ උත්සවයේ.

මෙහිදී, ලබන ජූනි හා ජූලි මාසවල නගර 16ක පැවැත්වෙන තරග 104කින් සමන්විත තරගාවලියේ ආරම්භක අදියර සඳහා කණ්ඩායම් 4කින් යුත් කොටස් 12කට රටවල් බෙදීම සිදු කෙරෙනවා.

තමන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්දැයි දැනගෙන ඒ අනුව සංචාරක සැලසුම් සකස් කෙරෙන, පාපන්දුව කෙරෙහි පමණක් විශේෂ අවධානය යොමුවන මේ කුසපත් ඇදීමේ උත්සවයට සාම ත්‍යාගයක් එක් කිරීමෙන් සම්ප්‍රදායෙන් බැහැර වීමක් සලකුණු වනවා.

මේ ත්‍යාගය සඳහා ජයග්‍රාහකයෙකු තෝරාගන්නා ක්‍රමවේදයක් පිළිබඳව ගෝලීය පාපන්දුව විස්තර කර නැහැ. ඉන්ෆන්ටීනෝ ඔහුගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ ගිණුමේ මෙසේ ද සඳහන් කර තිබුණා: “ගැටුම් අවසන් කරමින් සාමයේ ජීවයෙන් ජනතාව එකට එකතු කිරීම පිණිස ඉතාමත් වෙහෙසකාරීව කටයුතු කරන පුද්ගලයන්ගේ විශිෂ්ට දායකත්වය අගය කිරීම අවශ්‍යම දෙයක්.”

සාමය වෙනුවෙන් අසාමාන්‍ය හා අපූර්ව ක්‍රියාමාර්ග ගනිමින් හා ඒ මගින් ලෝකය හරහා ජනතාව එක්සත් කළ තනි පුද්ගලයන්ට සම්මාන ලබා දිය යුතු බවට FIFA මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සාමය හා සමගියේ ආයුධයක් ලෙස නිතරම පාපන්දුව ප්‍රවර්ධනය කළ ද, ඔවුන් මීට පෙර කිසිවිටක නිල සාම ත්‍යාගයක් ප්‍රදානය කර නැහැ.

යම් හෙයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් FIFA ත්‍යාගය දිනුවොත්, එය නිර්මාණය කළේ අමෙරිකානු ජනාධිපතිවරයාට නොබෙල් සාම ත්‍යාගය නොලැබීමට ප්‍රතිචාරයක් ලෙසින් යැයි ප්‍රත්‍යක්ෂ වීමට ඉඩ තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...