The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දියණියගේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පියාට නැවත රැකියාව

T

The Leader Desk

November 10, 2025 • 9:23 AM

දියණියගේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පියාට නැවත රැකියාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රිකට් ක්‍රීඩිකා ක්‍රාන්ති ගවුඩ් (Kranti Gaud)ගේ පියා වන මුන්නා සිං ගවුඩ් පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවන බවට මධ්‍ය ප්‍රදේශ් මහ ඇමති මොහාන් යාදව් සහතික වී තිබෙනවා.
  • ඔහුට නැවත රැකියාව ලබා දෙන බවට ප්‍රකාශ වුනේ ක්‍රාන්ති ට උපහාර පිදීම නිමිත්තෙන් භෝපාල් හි පැවති උත්සවයේ.
  • එහිදී මහ ඇමතිවරයා මේ පන්දු යවන්නියට ප්‍රශංසාව පුද කරමින් ඇය රටට හා ඇගේ ප්‍රාන්තයට කීර්තිය අත්කර දුන් බව කියා සිටියා.
  • ඔහුට රැකියාව අහිමි වීමෙන් පවුලේ මූල්‍යමය ආරවුලක් හටගත් බව කියා සිටි ඇය, “අපට එක ආහාර වේලක්වත් සපයා ගන්න බැරිවුනු දවස් තිබුණා” යනුවෙන් සඳහන් කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


මැතිවරණ රාජකාරියේදී සිදුවූ වැරැද්දක් හේතුවෙන් ගවුඩ් 2012 වසරේදී රැකියාවෙන් නෙරපා දැමුනා.

ඔහුට නැවත රැකියාව ලබා දෙන බවට ප්‍රකාශ වුනේ ක්‍රාන්ති ට උපහාර පිදීම නිමිත්තෙන් භෝපාල් හි පැවති උත්සවයේ. එහිදී මහ ඇමතිවරයා මේ පන්දු යවන්නියට ප්‍රශංසාව පුද කරමින් ඇය රටට හා ඇගේ ප්‍රාන්තයට කීර්තිය අත්කර දුන් බව කියා සිටියා.

gaur1

 

පියාව රැකියාවෙන් ඉවත් කිරීමෙන් පසුව තම පවුල බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවත් තමාට දැන් උවමනා වී තිබෙන්නේ පියා නැවත පොලිස් නිල ඇඳුම පැළඳ අභිමානයෙන් යුතුව විශ්‍රාම යනු දැකීම බවත් ක්‍රාන්ති ඉන්දියා පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.

ඔහුට රැකියාව අහිමි වීමෙන් පවුලේ මූල්‍යමය ආරවුලක් හටගත් බව කියා සිටි ඇය, “අපට එක ආහාර වේලක්වත් සපයා ගන්න බැරිවුනු දවස් තිබුණා” යනුවෙන් සඳහන් කර තිබුණා.

තම පවුල බොහෝ අවස්ථාවල අසල්වැසියන් දුන් ආහාර මත යැපුනු බව ද ක්‍රාන්ති තවදුරටත් කියා තිබුණා.

ඇගේ උපහාර උළෙලේදී යාදව් මහ ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කළා: “ක්‍රාන්ති අපේ මුළු රටටම ආඩම්බරයක් ගෙනැවිත් තිබෙනවා. ඒ නිසා ඇගේ පියාගේ අභිමානය ද නැවත ස්ථාපිත කිරීම නිවැරදි කාර්යයක්.”

 

gaur2
ප්‍රාදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව පිණිස ක්‍රාන්තිගේ උපන් නගරය වන චාටර්පූර් හි ලෝක මට්ටමේ ක්‍රීඩාංගණයක් ඉදිකරන බව ද මහ ඇමතිවරයා මෙහිදී දන්වා සිටියා.

ක්‍රාන්තිගේ ක්‍රීඩා දිවිය හැඩගැස්වීම සඳහා සහයෝගය ලබා දීම පිළිබඳව ක්‍රාන්තිගේ මව්පියන් හා පුහුණුකරුට ක්‍රීඩා ඇමති විශ්වාස් සාරං මෙහිදී ප්‍රණාමය පුදකර සිටියා. ඇයගේ දස්කම් සැමරීම පිණිස විශාල මහජන උත්සවයක් නොවැම්බර් 15 වැනිදා පැවැත්වීමේ සැලසුම් පිළිබඳව ද මහ ඇමතිවරයා මෙහිදී නිවේදනය කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...