The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මෙක්සිකෝ ජනපතිනියගේ විශේෂ ලෝක කුසලාන අසුන දැරියකට තෑගි කරයි

T

The Leader Desk

November 12, 2025 • 8:54 AM

මෙක්සිකෝ ජනපතිනියගේ විශේෂ ලෝක කුසලාන අසුන දැරියකට තෑගි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙක්සිකෝ නගරයේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය නැරඹීමට තමා නොපැමිණෙන බවත් ඒ වෙනුවට තමාට ලැබුනු ඉතා වැදගත් අසුන එවැනි මුදලක් වැය කිරීමට නොහැකි තරුණ කාන්තා පාපන්දු ලෝලියෙකුට ලබා දෙන බවත් මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලඋඩියා ෂෙයින්බඋම් (Claudia Sheinbaum) ප්‍රකාශ කර තිබෙනවා.
  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ අගෝස්තු මාසයේ මෙක්සිකෝවේ සංචාරයක යෙදුනු අවස්ථාවේ, තමා එම ප්‍රවේශ පත්‍රය පාවිච්චි නොකරණ බව ඇය කියා සිටියා.
  • කෙසේ වෙතත් මෙක්සිකෝව, කැනඩාව හා අමෙරිකාවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලිය ආරම්භ කරමින් ජූනි 11 වැනි දින පැවැත්වෙන තරගය සඳහා වන අංක 00001 දරණ එම විශේෂ ටිකට් පත තෑගි කිරීමට ජනාධිපතිනිය දැන් තීරණය කර තිබෙනවා.
  • “මේ සඳහා කෙනෙකු තෝරා ගන්නේ කෙසේද කියා අපි තීරණය කරමින් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

“මම තීරණයක් අරගෙන තියෙනවා. සමාරම්භක උත්සවය සඳහා මට ලැබුනු ටිකට් පත මෙවැනි මොහොතකට පැමිණීමට අවස්ථාවක් නැති, පාපන්දුවට ආදරය කරන දැරියකට හෝ තරුණ කාන්තාවකට මම ලබා දෙනවා” යනුවෙන් ෂෙයින්බඋම් පවසනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ අගෝස්තු මාසයේ මෙක්සිකෝවේ සංචාරයක යෙදුනු අවස්ථාවේ, තමා එම ප්‍රවේශ පත්‍රය පාවිච්චි නොකරණ බව ඇය කියා සිටියා.

claudia
කෙසේ වෙතත් මෙක්සිකෝව, කැනඩාව හා අමෙරිකාවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලිය ආරම්භ කරමින් ජූනි 11 වැනි දින පැවැත්වෙන තරගය සඳහා වන අංක 00001 දරණ එම විශේෂ ටිකට් පත තෑගි කිරීමට ජනාධිපතිනිය දැන් තීරණය කර තිබෙනවා.

“මේ සඳහා කෙනෙකු තෝරා ගන්නේ කෙසේද කියා අපි තීරණය කරමින් සිටිනවා. නමුත් මම 00001 අංකය දරණ ඒ ටිකට් පත දැරියකට ලබා දෙන්නේ ඇයට පාපන්දුව ගැන සිහින මවන්නයි” ෂෙයින්බඋම් සඳහන් කරනවා.

මෙක්සිකෝ නගරය 1970 සහ 1986 වසරවල ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හි සමාරම්භක තරගවලට ද සත්කාරකත්වය දැක්වූ බවත් මෙවර තරගාවලිය ද ඇතුළත් වූ විට Azteca ක්‍රීඩාංගණය ලෝක කුසලාන පාපන්දු ආරම්භක තරග තුනක් පැවැත්වූ ඉතිහාසයේ පළමු ක්‍රීඩාංගණය වනු ඇති බවත් ජනපතිනිය මතක් කර දුන්නා.

claudia mexico
ආරම්භක තරගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ඩොලර් 370න් ආරම්භ වන මිල අඩුම වර්ගයේ සිට ඩොලර් 1,825ක් පමණ වන වඩාත්ම මිල අධික ප්‍රවේශ පත්‍රය දක්වා වූ පරාසයක තිබෙනවා. මෙක්සිකෝවේ අවම මාසික වැටුප වන්නේ පෙසෝ 8,364ක් (ඩොලර් 455ක් පමණ).

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...